අනාවරණ සමාජ

නිවසේ සිට වැඩකිරීම සහ කාන්තාවන්ගේ වේදනාව

හයා අර්වා

රජය විසින් නිරන්තරයෙන්  සංචරණ සීමා පැනවීම් සහ වසාතැබීමේ ක්‍රියාමාර්ගයන් ගැනීම ඇතුළු ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසයේ බලපෑම, විවිධ වෙනස්කම් ඇතිවීමට සහ පුරවැසියන්ගේ ජීවිතවලට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතු වී ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සහ පාසැල් සිසුන් යන දෙපිරිස, නව ජීවන අත්දැකීම්වලට සහ අවධානම් සහගත තත්ත්වයකට තල්ලු කර දමා ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් “නිවසේ සිට වැඩකිරීම” යන අත්දැකීම සමඟ සහ සිසුන් සඳහා “සූම්” මඟින් ඉගෙනීමේ කටයතු සිදුකිරීම සම්බන්ධයෙන්, එය “වාසි සහගත ද හෝ හානිදායක ද?” ආදී වශයෙන් විවිධ තර්ක ඇතිවීමට හේතු වී ඇත.    

“නිවසේ සිට වැඩකිරීම” හා සම්බන්ධයෙන් බොහෝ කාන්තාවන් විසින් මුහුණදෙන අභියෝගයන්, ගැටළු සහ ප්‍රශ්න හේතුවෙන් බලපෑමට ලක්ව සිටින සියළුම කාන්තාවන් වෙනුවෙන් මා මෙම අදහස පලකරමි.

ලෝකය වටා සිටින මිලියන ගණනකට සිය ජීවිකාවෘත්තීන් අහිමිවෙමින් තිබෙන අතරතුර, මෙයින් මිදීමට පවතින එකම මාර්ගය වන්නේ, රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් අවශ්‍ය නිසි පියවර ගැනීම යි. අපේ කාර්යාලීය කාර්ය මණ්ඩල කළමනාකරු අපට නිවසේ සිට වැඩකිරීමට අවසර ලබාදුන් අතර එයින් අපි වඩාත් සතුටට පත්විය. අපි එයින් තෘප්තිමත් මන්ද අපිට අවශ්‍ය දේ ලැබීම එයට හේතුව යි. රැකියාවේ සුරක්ෂිත බව සහ ජීවිතයේ සුරක්ෂිත බව එක්ව ලැබීම ඉතා සතුටු සහගත විය. අපි බොහෝ දෙනෙකුගේ සිතුවිල්ල වූයේ, කිසිවක් නොකර සිටිනවාට වඩා නිවසේ සිට හෝ වැඩකිරීම සුදුසු බව යි. 

උදේ පාන්දර අවදිවීම අවශ්‍ය නොවන අතර විශේෂයෙන් නිවසේ සියළු කටයුතු අවසන්කර කාර්යාලය බලා පිටත්වන කාන්තාවන්ට සහ බොහෝ වේලාවන්හි දී පුරුෂ පාර්ශවයේ ප්‍රවාහන අර්බුදය එනම් ඔවුන්ට මෙවැනි තත්ත්වයන් යටතේ ප්‍රවාහනය කිරීම අවශ්‍ය නොවේ. එය ප්‍රවාහන ගාස්තු ඉතිරි කරගැනීමට ද හේතු වේ. “නිවසේ සිට වැඩකිරීම” පිළිබඳ භාවිතය වඩාත් හොඳ වන්නේ, ප්‍රධානීන් ගෙන් ඍජුව මුහුණදීමට සිදුවන අර්බුදයන් නොමැතිවීමේ වාසිය පමණකි. නමුත්, දින ගණන් ගෙවීගිය පසු, “නිවසේ සිට වැඩකිරීම”  යන මෙම නව ප්‍රතිපත්තියේ ඍනාත්මක බලපෑම් ක්‍රමයෙන් විද්‍යමානවෙමින් පවතී. 

කොරෝනා ආරම්භ වී වසර එක හමාරක් පමණ ගත වී ඇති අතර, එම කාලයේ සිටම අප “නිවසේ සිට වැඩකිරීම”  ඇරඹී ය. මෙම භාවිතය කාන්තාවන්ට විශාල හිරිහැරයක් බවට පත්ව ඇති අතර, බොහෝදෙනා තුළ පීඩනයන්, මානසික සෞඛ්‍ය ගැටළු ඇතිවීමට එය හේතු වී ඇත. බොහෝ අයට දැනෙනුයේ, ඔවුන්ගේ මනසේ සහ ශරීරයේ බරෙ හි වෙනසක් ඇතිව තිබෙන බව යි. බොහෝ පිරිසක් වාර්තා කරනුයේ, කාර්යාලයේ සිට රාජකාරී කරනවාට වඩා, කාර්යාලීය රාජකාරි නිවසේ සිට සිදුකිරීමෙන් මහත් පරිශ්‍රමයක් සහ වෙහෙසක් දැරීමට සිදුවන බව යි. ඒ දෙස බලන බොහෝ මිනිසුන් සිතනුයේ නිවසේ සිට රාජකාරී කටයුතු කරන්නන් “වාසනාවන්තයින්” ලෙස යි. බොහෝ මිනිසුන්, අධික වැඩ ප්‍රමාණය සහ නිවසේ සිට මාර්ගගතව රාජකාරී සිදුකිරීමේ පීඩනය පිළිබඳව දැනුවත් නැත. 

කාර්යාලයේ දී කාන්තාවන් සේවකයන් පමණක් වන නමුත්, නිවසේ දී ඔවුන් බිරිඳ, මව, සහෝදරිය සහ දුව ආදී වශයෙන් විශාල වගකීම් රැසක් දරණු ලබයි. ස්ත්‍රී සේවිකාවක් වශයෙන් ඇගේ කාර්යාලීය රාජකාරී සම්බන්ධයෙන් සැමියා අවබෝධ කරගත්ත ද, නිවසේ සිටින සහෝදර/සහෝදරියන් හෝ දෙමාපියන් එනම අනෙකුත් අය ඒ පිළිබඳ අවබෝධ කර නොගනී. මේනිසා, කාර්යාලීය කටයුතු නිවසේ සිට සිදුකිරීම කාන්තාවන්ට හිරිහැරයක් බවට පත්ව ඇත. දරුවන්ට “මාර්ගගත පන්ති”, බිරිඳට සහ ස්වාමියාට “නිවසේ සිට වැඩකිරීම”, දුව සහ පුතා නිවසේ සිටීම ආදී පවුලක තත්ත්වයන් සහ පවුලක ගෘහමූලිකත්වය කාන්තාව දරණ තත්ත්වයන් පිළිබඳව සැළකිලිමත් විය හැකිය. 

කාර්යාලයට යාම සහ ඒම සඳහා ගතවන ප්‍රවාහන කාලය, නිවසේ සිට වැඩකිරීම සඳහා යොදාගැනීමට සිදුව ඇත. ප්‍රවාහනයට ගතවන කාලය යනු, ඔබට අවට බැලීමට, දුම්රියේ දී, බස් රථයේ දී සහ කාර්යාලය තුළ දී අන්අය මුණගැසීමට පවතින අවස්ථාවන් “නිවසේ සිට රාජකාරී කිරීම” මඟින් සොරාගනු ලබන බවයි. එවැනි ගමනක්, පුද්ගලයන්ට සහ ඔවුන්ගේ සමාජ සබඳතාවයන්ට ඉතා වැදගත් දායකත්වයක් දක්ව යි. ඒ සියල්ල පසෙක තබමින්, සමස්ත දිනය පුරා පැය ගණනාවක් තිස්සේ නිවසේ රැඳීසිටිමින් පරිගණක තිරය දෙස බලා සිටීම භයානක වන අතර, කාන්තාවන් මෙයට අදාළ වේ. මෙම නව “නිවසේ සිට වැඩකිරීමේ” භාවිතය, දැනටමත් නිවසට සීමා වී සිටින කාන්තාවන්ට මෙන් ප්‍රජාවට සම්බන්ධ වී ඇති අපකීර්තිය වඩාත් වර්ධනය කර ඇත. 

කාන්තාවක් රාජකාරියට යයි නම්, ඇය එම පැය අට තුළ පවුලේ බරින් නිදහස්වෙයි. නමුත්, මේ වන විට කාන්තාවන්ට නිවසේ සිට කාර්යාලයේ කටයුතු සිදුකිරීමට අමතරව ගෙදර-දොර කටයුතු සඳහා ද සම්බන්ධවීමට සිදුව ඇත. කාන්තාවන්ට, මෙම රැකියාවන් ද්විත්වයේම බර උසුලාගෙන සිටීමට සිදුව ඇත. එයින්, පීඩනය වර්ධනය වී ඇත. කාර්යාලීය සහ ගෘහීය කටයුතු සඳහා එය බලපෑම් කරයි. ඊට අමතරව, පීඩනය නිසා ඇතිවන තරහව සහ ඉච්ඡාභංගත්වය හේතුවෙන්, පවුල් ගැටළු වර්ධනය වියහැකි අතර මෙවැනි ඉච්ඡාභංගත්වයන් පවුලේ සාමාජිකයන් වෙත ද එල්ල වියහැකි ය. මෙම තත්ත්වය ගෘහස්ථ හිංසනය දක්වා වර්ධනය වියහැක. 

නිවසේ සිට කාර්යාලීය කටයුතු සිදුකිරීම සඳහා ඇතැම් සමාගම් පරිගණක පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් සපයන අතරතුර, ඇතැම් සමාගම් මෙම පහසුකම් සපයා නොදෙන අතර රාජකාරිය පමණක් අපේක්ෂා කරයි. ඔබ මෙම පහසුකම් ඉල්ලාසිටිය හොත්, එම කටයුත්ත ඔබට ලබානොදී එම පහසුකම් පවතින වෙනත් අයෙකුට යවයි. මෙසේ, තම රැකියාව අහිමිවනු ඇතැයි පවතින බිය හේතුවෙන් බොහෝදෙනා සිය රාජකාරී කටයුතු පුද්ගලික වියදම් දරමින් පවත්වාගෙන යයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දුරකථන ගාස්තු, අන්තර්ජාල ගාස්තු සහ විදුලි ගාස්තු ආදී වශයෙන් අමතර වියදම් ද දැරීමට සිදු වේ.                 

නිවසේ පවතින්නේ එක් පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් වියහැකි ය. මාර්ගගත පන්ති සහ කාර්යාලීය කටයුතු දෙකම එකවිට පැමිණිවිට, එය දරුවන් සමඟ බෙදාගැනීම ඉතා අපහසු කාර්යයක් බවට පත් වේ. පරිගණකයක්, ලැප්ටොප් එකක් හෝ ස්මාර්ට් ජංගම දුරකථනයක්, හුවමාරු කරගනිමින් භාවිත කිරීම මහත් අභියෝගයක් බවට පත්ව ඇත. මෙය, දරුවන් සමඟ පවා ගැටුම් නිර්මාණය කිරීමේ පරිසරයක් උදාකර යි. 

සාමාන්‍යයෙන්, කාර්යාලය තුළ රාජකාරී කිරීමට වැඩ පරිසරයක් සපයනු ලබයි. මානව ශ්‍රමය ඉතා ඉහළ ප්‍රමාණයක් ලබාගැනීම හා සම්බන්ධයෙන් විමසීමේ දී, එවැනි අවස්ථාවක් නිවාස තුළ නොමැත. බොහෝ සේවකයන්ට නිවසේ සිට රාජකාරී කිරීමේ පරිසරයක් නැත. නාගරික නිවාසයන් හි සැකැස්ම ඉතා කුඩා වේ. එමනිසා, කාර්යාලයක් සඳහා ඉඩකඩ වෙන්කළ නොහැක. ඒ හා සමාන වැඩ කොටසක් නිවසේ සිට සිදුකිරීමේ දී  මේසයක් හෝ පුටුවක් වාඩිවීමට නොමැතිව පැය ගණනාවක් වැඩකිරීම ශාරීරික අපහසුතා ඇතිවීමට හේතු වේ. කෙසේවෙතත්, එක හා සමාන වැඩ ප්‍රමාණයක් කිරීමට හා සම්පූර්ණ කිරීමට අවශ්‍ය වේ. 

නිවසේ සිට වැඩ කිරීමේ දී, අපේ පවුලේ සාමාජිකයන් ගෙන් අපි හුදෙකලා බවට පත්වන අතර, වෙනම කාමරයක සිට වැඩකිරීමට අපට බලපෑම් කරනු ලබයි. අපේ කාර්යාලයේ යහළුවන් සහ කාර්ය මණ්ඩලය අප ආසන්නයේ නොමැත. එමනිසා, විෂාදය, කාංසාව සහ දොම්නස වැනි වඩාත් ඍනාත්මක හැඟීම් අප තුළ ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතී. අපි දිගු වේලාවක් තනිව වැඩකළ විට, අප තුළ හුදෙකලා හැඟීමක් ඇති වේ. 

එයටත් වඩා, පැය ගණන් වැඩකිරීම සහ වැඩ අධික බව, කාර්යාලීය කටයුතු නිවසේ සිට සිදුකිරීම කාන්තාවන්ට බරක් බවට පත්වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. මාර්ගගත ක්‍රමය යටතේ රාජකාරී කිරීමේ දී කාර්යාලයේ පැය ගණනට වඩා වැඩි පැය ගණනක් වැඩ කිරීමට සිදු වේ. එසේම, නිවාඩු දින පවා නොමැතිව සතියේ දින හතේම වැඩ කිරීමට සිදුව ඇත. ඔබ මෙලෙස කාර්යාලයේ සේවය කළේ නම්, ඔබට අතිකාල දීමනා ලබා දේ. කාර්යාල වැසීමත් සමඟ, නිවසේ සිට රාජකාරී කරන කාන්තාවන් ගෙන් එහි ප්‍රතිඵල වඩ වඩාත් දැකගත හැකි වී ඇත. “නිවසේ සිට රාජකාරී කිරීම යනු, දීර්ඝ පැය ගණනක් වැඩකිරීම යි” යනුවෙන් එක් අධ්‍යයනයක සඳහන් කර ඇත. මෙය, එක්සත් රාජධානිය පදනම් කරගත් පර්යේෂණ ආයතනයක් වන සංඛ්‍යාලේඛණ සඳහා ජාතික කාර්යාලය (ONS) විසින් නිකුත් කළ වාර්තාව යි. මෙම අධ්‍යයනය පදනම් වී ඇත්තේ එම රටේ දශකයක් පුරා ලබාගත් සංඛ්‍යා දත්ත සහ මිලියනකට වඩා ජනතාවගේ රාජකාරී තත්ත්වයන් සංසන්දනය කර ලබාගත් දත්ත මඟිනි. 

“නිවසේ සිට වැඩකිරීම” සේවකයන් මත බරක් පටවන්නේ නම්, එය අදාළ සමාගම්වලට අවාසි සහගත වේ. සෑම සමාගමක්ම ලාභය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන අතර, මෙම කාලයේ සමාගම ලබාගන්නා ලාභයෙන් දැරීමට සිදුවන විශාල වියදම අවම වී ඇත. කාර්යාල කුලිය, විදුලි බිල, ජාල බිල, අන්තර්ජාල පහසුකම්, නඩත්තු වියදම්, කාර්ය මණ්ඩල සංග්‍රහ, ප්‍රවාහන වියදම්, ඇතුළු අතිකාල ගෙවීම් ආදිය ඉතා ඉහළ ය. මෙම වියදම් සම්පුර්ණයෙන්ම සමාගමට ඉතිරි වන්නේ, “නිවසේ සිට වැඩකිරීම” ප්‍රවේශය මඟිනි. මෙම කාලයේ දී ව්‍යාපාර සිදුකිරීම අවමවීමෙන්, ඉහත සඳහන් වියදම් නොමැතිවීමෙන් සමාගම් මත පවතින බර විශාල ලෙස අවම වී ඇත. එමනිසා, සමාගම් මෙම භාවිතය අනාගතයේ දීත් අඛණ්ඩව පවත්වා ගෙනයාමේ ප්‍රවණතාවයක් පවතී.    

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts