කමල් සිරිවර්ධන

(Image captured by Kamal Siriwardana at the Équité Sri Lanka symposium.)
ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙරට පුරවැසියන්ට ලබාදි තිබෙන ආරක්ෂාව සහ අයිතිවාසිකම් මෙරට සමාජය තුල වෙසෙන …. අරඹයා බලාත්මක නොවිමේ ඛේදවාචකයට රටක් ලෙස අප තවමත් මුහුන දි සිටිමු.එකී ප්‍රජාවට එරෙහිව සිදුවන විවිධාකාරයේ හිංසනයන් සහා අවමන් සහගත සැලකිමට විරාමයක් තැබිය යුතු වුවත් එය එසේ සිදුවි නොමැත.ජිව විද්‍යත්මකව ශරිරයේ සිදුවන රසායනික ක්‍රියාවලිය පිලිබද සංවේදි නොවිම සහ එය විද්‍යත්මකව තේරුම් ගැනිමට අපොහොසත්විම සමාජයක් ලෙස අප සිටින දුගි මානසිකත්වය මැනවින් ප්‍රකට කරනු ලබයි.මෙය පිටුදැකිය යුතු තත්ත්වයකි.
මේ වන විටත් ගෝලීය මට්ටමින් LGBTIQ+ ප්‍රජාවට තිබෙන සමාජීය තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් සිදුව ඇති අතර ඒ තුල ඔවුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද වැඩිදියුණු කිරීමට ලොව බොහෝ රටවල් ඉතාම සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබීම සුබදායක තත්වයකි.
LGBTIQ+ ප්‍රජාවේ පුද්ගලයින්ට සැලකීම සම්බන්ධයෙන් විවිධ සමාජ සම්මතයන් ලෝකය පුරා පවතින අතර මෙම ප්‍රජාවට බලපාන ගැටලුකාරී තත්වයන් විසඳීමට සහ වෙනස් කොට සලකන ප්‍රතිපත්ති සහ නීති වෙනස් කිරීමට බොහෝ බටහිර රටවල් පියවර ගන්නා ලදී, එම තත්වය නිසාම දකුණ ආසියානු කලාපය තුල යටත්විජිත සමයේ හඳුන්වා දුන් නීතී අණපනත් මගින් මෙම ප්‍රජාව ආන්තිකරණයට ලක් කිරීම වෙනස් කිරීමට ඉන්දියාව සහ නේපාලය වැනි රටවල් ද ක්‍රියාකාරී ලෙස පියවර ගෙන ඇත.
එහි ඉතාමත්ම සාධනීය පියවරක් ගත් රටක් ලෙස සමරිසි විවාහ නීතිගත කළ ප්‍රථම දකුණු ආසියානු රට ලෙස නේපාලය ඉතිහාසයට එක්වන අතර LGBTIQ+ ප්‍රජාවේ අයිතීන් සම්බන්ධයෙන් කලාපය තුළ සිදුවන එවැනි වැදගත් සිදුවීම් තුළින් ඔවුන්ගේ සිවිල් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් ඉදිරියට ගමන් කලයුතු ආකාරය පිළිබඳ අපටද යම් අවබෝධයක් ලැබෙන බව පැහැදිලිය.
ඛඨඊඔෂූ ප්‍රජාව අප සමාජය තුල පීඩාවට පත්වන ආකාරය පිළිබදව හොද අවබෝධයක් ලබා ගැනීමට අපි නිත්‍යාගේ කථාව දෙස අවධානය යොමු කරමු,
නිත්‍යා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක මානව සම්පත් විධායිකාවක ලෙස සේවය කරන සුන්දර යුවතියකි. ආයතනයේ කා සමගත් සුහදව කටයුතු කරන ඇය දකින ඕනෑම අයකුට හැඟෙනුයේ ජීවිතය ඉතාම සතුටින් ගත කරන වාසනාවන්ත යුවතියක් ලෙසටයි. නිත්‍යා දුටු පළමු දිනයේදීම මටද එසේ හැඟියා හැකිව තිබූ නමුත් ඇයව මට හඳුන්වා දුන් මිතුරියගේ පෙර දැනුවත් කිරීම නිසා මා එම හැඟීමෙන් මිදුණෙමි. මෙතැන් සිට මම ඔබට ගෙනෙන්නේ නිත්‍යාගේ කතාව යි.
“මම දැන් කොළඹ ජීවත් උනාට මගේ උපන් ගම බදුල්ලේ, හෙම්මාතගම කියන බොහොම දුෂ්කර ගමක්. අපේ පවුලේ දෙවැනි දරුවා විදියට ඉපදුනාම දෙමව්පියෝ මට දාපු නම තමයි නිමල්. පුදුම වෙන්න දෙයක් නෑ. ඇත්තටම උපදිනකොට මම පිරිමි ළමයෙක් නිසා තමයි මට ඒ නම දාලා තියෙන්නේ. හැබැයි පිරිමියෙක් විදියට ඉපදුනත් මට දැනුම් තේරුම් තියෙන කාලෙ ඉඳලම මම හැසිරුනේ ගෑණු ළමයෙක් වගේ වැඩිපුරම ගැවසෙන්න කැමැති වුණෙත් ගෑණු ළමයි අතරමයි. පුංචි කාලෙ මගේ දෙමාපියන්ට වගේම අහල පහල අයටත් මේක ඒ තරම් ලොකුවට නොදැනුනාට මම ටිකෙන් ටික වැඩෙනකොට මගේ මේ හැසිරීම සමාජයට ගැටලුවක් වෙන්න පටන් ගත්තා.” යනුවෙන් පවසමින් නිත්‍යා යලිත් ඒ අදුරු අතීතය ගැන සිහිපත් කලාය.
“මට මතකයි මම ඉස්කෝලේ නමයේ පන්තියේ ඉන්නකොට දවසක් මට ටීචර් කෙනෙක් බොහෝම නරක විදිහට බැනපු අවස්ථාවක් මීට කලිනුත් ඉස්කෝලෙදි ළමයි ගුරුවරු මට පුංචි පුංචි විදිහට අපහාසාත්මක වචන භාවිතා කරලා තිබුනත් එදා නම් බොහෝම දරුණු විදියට මට බැනපු දේවල් හිතට කා වැදුනා. එදා ඒ ගුරුතුමිය මට ප්‍රසිද්ධියේම “තමුන් නපුන්සකයෙක්නේ ඒකනෙ ගෑනු අස්සෙම දඟලන්නෙ” කියල බොහොම අපහාසාත්මක ලෙස කතා කළා. පුංචි ළමයෙක් විදියට මට ඒක ඉතාම බරපතල විදියට හිතට වේදනාවක් උනත් එදා මම හිතා ගත්තා කවුරු මොනවා කිව්වත් හොඳට ඉගෙන ගන්නවා කියල. මොකද ඒ වෙන කොටත් මට වැටහුනා අපිට ගොඩයන්න තියන එකම පාර හොදින් ඉගෙන ගැනීම කියලා. ඒ නිසාම මොන බාධක ආවත් අන්තිමට මම සාමාන්‍ය පෙළත් සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළත් කරලා විශ්ව විද්‍යාලයට තේරුණා.” නිත්‍යා බොහෝම ආඩම්බර හිනාවක් එක්ක එහෙම කිව්වා.
“නමුත් මම තීරණය කළා විශ්ව විද්‍යාලයට යන්නේ නැතුව මගේ උසස් අධ්‍යාපනය කළ යුතුයි කියලා. මොකද ඒ කාලේ වෙනකොට මගේ ශරීරයේ පෙනීම තිබුනේ පිරිමියෙකුට වඩා කාන්තාවක් විදියට ඉතින් ඒ වගේ තත්ත්වයක් මත මම විශ්ව විද්‍යාලයට ගියා නම් මොනවගේ වාතාවරණයක් ඇතිවෙයිද කියලා මට ලොකු බයක් දැනුනා. ඒකට ලොකුම හේතුව උනේ මං වගේම අක්ක කෙනෙක් විශ්ව විද්‍යාලයට තේරිලා ගියාම එයාට නවක වදය කියලා කරලා තිබ්බ බොහෝම අමානුෂික වගේම අප්‍රසන්න දෙවල් එයා මට කියලා තිබ්බ නිසයි. ඒක හින්දා මම රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්නේ නැතුව පුද්ගලිකව මගේ උපාධිය හදාරන්න සූදානම් උනා. කොහොම හරි මම පුද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් මගේ ඉදිරි අධ්‍යාපනයත් කරන්න ගත්තා ඒ අතරම මම කොළඹ ජාතික රෝහලේ සායන වලටත් සහභාගී වුණා. එතැනදි තමයි මට නිවැරදිව උපදෙස් ලැබුණේ. මගේ ශරීරයේ පවතින මේ පරිවර්තනය නිසි ලෙස හසුරවාගෙන මට කාන්තාවක් ලෙස කටයුතු කරන්න පුළුවන් කියල ඊට පස්සේ මම දිගටම වෛද්‍ය ප්‍රතිකාර හා උපදෙස් අනුගමනය කළා. ඔවුන්ගේ මග පෙන්වීම අනුව මම මගේ නම පවා වෙනස් කර ගැනීමට කටයුතු කළා. ඒ අතරම මගේ උපාධියත් අවසන් කරලා දැන් මේ කරන රස්සාවට ආවා. ඇත්තටම දැන් තමයි මට මම ජිවත් වෙනවා කියලා හිතෙන්නෙ. මට දැන් හරිම පහසුවක් දැනෙනවා තැනකට ගියහම. මොකද මම දැන් කාන්තාවක් විදියට සමාජීය අනන්‍යතාවයක් එක්ක ඉන්න නිසා.”
“හැබැයි ඉතිං මේ කිසි දෙයක් පහසුවෙන් මට ලැබුන දේවල් නම් නෙමේ. සමහරක් දවස් වලට මම තනියම එළිවෙනකම් අඩපු දවස් තියනවා. ඒ වගේම, මගේ ප්‍රශ්න සියල්ල දැන් ඉවරයි කියලා කියන්නත් බැහැ. ඇත්තටම දැන් තමයි මගේ ජීවිතේ තියෙන ලොකුම අභියෝගාත්මක කාලය කියලා හිතෙන්නේ මොකද මම දැන් පෙම්වතියක් මගේ ආදරවන්තයා නම් මං ගැන ඇත්ත සියල්ලම දැනගෙන හිටියට එයාලගෙ පවුලේ කවුරුත් මගේ අතීතය ගැන දන්නෙ නැහැ. ඉතිං මගේ ඇත්ත විස්තරය දැනගත්ත දාට එයාලා මාව මොන විදියකට පිළිගනීද කියන එක තමා මට තියන ලොකුම බය” නිත්‍යා ගැඔුරු හුස්මක් හෙලමින් පැවසීය.
“මං හිතන්නේ අපි රටක් විදියට ඉදිරියට යන්න නම් LGBTIQ+ ප්‍රජාව ගැන මෙයට වඩා දැනුවත්ව අපේ සමාජයේ තියෙන ගතානුගතික මතිමතාන්තර අපි වෙනස් කරගන්න ඕන කියලයි.” නිත්‍යා අවසන පැවසීය.
සත්‍ය ලෙසම කුඩා කල පටන් විවිධ සමාජ ගැරහීම් හමුවේ මානසික පීඩාවට පත්වෙමින් වුවද නිමල් ලෙසින් උපත ලබා පසුකාලීනව නිත්‍යා ලෙස සිය සමාජ අනන්‍යතාවය තහවුරු කර ගනිමින් යම් ආකාරයක ජයක් අද වන විට ලබා තිබුණද ඇය ඉදිරියේ තවත් අභියෝග රාශියක් ඇති බව මින් පැහදිලි වේ.
පොදුවේ ගත්කල ලිංගිකත්වය යනු පුද්ගලයෙකුගේ අතිශය පෞද්ගලික කාරණාවක් වන බැවින් මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ රටවල ඛඨඊඔෂූ ප්‍රජාව සම්බන්ධ නිවරදි දත්ත ඉදිරිපත් කිරීමක් කල නොහැකි වුවත් සචිදි නම් ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් මගින් 2021 දී කල නියැදි සමීක්ෂණයක් හරහා ගෝලීය වශයෙන් රටක ජනගහනයෙන් සියයට 8% ක් පමණ සමරිසි, ද්වීරිසි හෝ pansexualලෙස හඳුනා ගන්නා බව සදහන් වේ. එමෙන්ම. ලෝකයේ ආසන්න වශයෙන් සියයට 80 ක් විෂමලිංගිකයන් ලෙස හඳුනා ගන්නා අතර, ලෝකයේ ඉතිරි සියයට 12 ඔවුන් හඳුනා ගන්නා ආකාරය වාර්තා නොකරන අය බවත් සදහන්ය.
(https://worldpopulationreview.com/country-rankings/lgbtq-population-by-country)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැලකීමේදි LGBTIQ+ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට කටයුතු කරන සංවිධාන අතුරින් ඉහල ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන ඊරසාටැ එද ෑුම්කසඑහ සහ Bridge to Equality යන සංවිධාන දෙක මෙරටLGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් සාධනීය වැඩ කොටසක් ඉටුකරන අතර Bridge to Equality විසින් LGBTIQ+ප්‍රජාව සම්බන්ධ වාර්තා පලකිරිමේ දි එම ප්‍රජාවගේ අයිතිවාසිකම් සුරකිමින් කටයුතු කිරීම සදහා මාධ්‍ය මාර්ගෝපදේශයක්ද ප්‍රකාශයට පත් කරන ලදී. එමෙන්ම, Bridge to Equality විසින් 2021 අගෝස්තු සිට 2023 මාර්තු දක්වා වන කාල සීමාවට අදාලව LGBTIQ+ පුද්ගලයන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබදව කර ඇති වාර්තාවකට අනුව සිදුවීම් 235 කට අදාල වන චූදිතයන් ගැන සැලකීමේදි ඉන් බහුතරයක් නීතීය බල ගැන්වීම සදහා ඇති පොලීසිය සහ මහජනතාවට සේවා සපයන රජයේ නිළධාරීන් බවත් පෙනී යයි.

එමෙන්ම, ඉක්විටි ශ්‍රී ලංකා : (Équité Sri Lanka) සංවිධානයේ පූර්ණ මෙහෙයවීමෙන් සමාජ විද්‍යාඥයින්ගේ සංගමය විසින් මෙරටLGBTIQ+ ප්‍රජාව සම්බන්ධව සිදුකරන ලද පළමු විද්‍යාත්මක සමීක්ෂණය වූ “ශ්‍රී ලංකාවේ ජීවත්වන LGBTIQ+ ප්‍රජාවේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්“ නම් වූ සමීක්ෂණය හරහා අප රට තුල ජීවත්වන මෙම ප්‍රජාව ගැන ඉතාම වැදගත් කරුණු රාශියක් හෙළිදරව් වී ඇත. එමගින් හෙලිවන ආකාරයට, ගෝලීය නව ප්‍රවණතා මෙන්ම සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වය මත මේ වන විටදී පුද්ගලයන්ගේ සමාජභාවී අනන්‍යතාව සහ ලිංගික දිශානතිය හේතුවෙන් LGBTIQ+ ප්‍රජාවේ අයවළුන් මෙරට ජන සමාජය තුල පීඩාවන්ට ලක්වන අවස්ථාවන් වල යම් අඩුවීමක් දක්නට ලැබුනද එය සමීක්ෂණයට ලක්කල සුළු ප්‍රමාණයකට අදාලව පමණක් වන නිසා යථාර්තය එයම විය නොහැකිය.
කෙසේ වෙතත්, මෙරට මුල් බැසගත් පාරම්පරික ආකල්ප හා මතවාද නව ගෝලීය ප්‍රවණතා සමග වෙනස් කිරීමට කාලය එළඔ ඇති බව නූතන පරපුර අවබෝධ කරගනිමින් පවතින තත්වය තුල LGBTIQ+ ප්‍රජාව සම්බන්ධව සමාජය මෙයට වඩා විවෘතව හා අවබෝධයකින් යුක්තව කටයුතු කල යුතු බවත් සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුටම තම කැමැත්ත අනුව තමන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවී අනන්‍යතාව දැරීමට මෙන්ම ඒ නිසාවෙන් කිසිදු වෙනස්කමකට ලක් නොවීමේ අයිතිය ඇතිබව අප අවබෝධකර ගත යුතුය.