තොරතුරු දැනගැනීමේ අයිතිය විනිවිදභාවය

තොරතුරු සඟවන පොලිසියට තොරතුරු කොමිසමෙන් නියෝගයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ප්‍රජාතන්ත්‍රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න මනා ලෙස පෙනෙන්නේ එම  රජයේ ඇති පොදු අධිකාරීන් ක්‍රියාකරන ආකාරයෙනි. එහිදී පැහැදිළිව පෙනෙන දෙයක් වන්නේ රටේ පුරවැසියන්ට පහසුවෙන් එම පොදු අධිකාරින්හි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව තිබීමයි. එය ජනතාවට වග කියන,වගවන රජයක පොදු අධිකාරින්හි වගකීමකි යුතුකමකි.එකි ආයථන එම වගකිම නොසලකා කටයුතු කරන්නේනම් ඊට පෙරලා ප්‍රතිචාර දැක්වීම දැනුවත් පුරවැසියන්ගේ වගකිමකි.

   රටේ නීතියට ගරු නොකරන නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම නිසා අපහසුතාවන්ට ලක්වන්නේ ඒ රටේ පුරවැසියන් මිස අන් කිසිවෙකු නොවේ. ඒ ආකාරයෙන් තොරතුරු දැනගැනීමේ පනත මගින් ජනතාව සඳහා ලබාදී ඇති පොදු අධිකාරීන්හි තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය  මේ වනවිට ලංකාවේ බොහොමයක්  පොදු අධිකාරීන් මගින් අනියම්ව අහුරා තිබීම මෙන්ම පනතේ විධානයන්ට අනුව ක්‍රියාත්මක නොවීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක කැපී පෙනෙන  ලක්ෂණයක් වන  තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකමට දැඩි තර්ජනයක් එල්ලවී තිබේ.

  ඒ ආකාරයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලා සිටි තොරතුරු නියමිත දිනයට ලබා නොදුන්  දිවයිනේ පොලිස් අධිකාරී කාර්යාල 18ක් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබඳ කොමිසන් සභාව විසින් පනතේ දක්වා ඇති ව්‍යවස්ථාපිත කාල නියමයන් අනුගමනය කරන ලෙසට අදාල පොදු අධිකාරීන් වන පොලිස් අධිකාරී කාර්යාල වෙත නියම කර තිබේ.

  මෙම නියමයන් ලබා දී ඇත්තේ 2020 පාර්ලිමේන්තු මැතිවරණ සමයේ  සෞඛ්‍ය අමාත්‍යංශය මගින්  නිකුත් කරන ලද ගැසට් පත්‍රයට අදාළව  නිසි පරිදි දැනුවත් කර නොමැතිව මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වූ  හා එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත්  පුද්ගල සංඛ්‍යාව ගැන තොරතුරු විමසමින් දිවයිනේ පොලිස්  අධිකාරී කාර්යාල 42 ක් වෙත 2020 සැප්තැම්බර් 14 දින තොරතුරු අයදුම්පත් යොමුකරන ලද අතර එහිදී නියමිත දිනට ප්‍රතිචාර දක්වා ඇත්තේ පොලිස් අධිකාරී කාර්යාල 09ක්  පමණකි. ඒ කන්කසන්තුරේ ,මුලතිවු, වවුනියාව, කුලියාපිටිය, කළුතර, මහනුවර, මඩකලපුව, තංගල්ල, පානදුර  යන පොලිස් අධිකාරී කාර්යාල පමණක් වන අතර ලංකාවේ අනෙකුත්  පොලිස් අධිකාරී කාර්යාල 33 ක් හා පොලිස්පති කාර්යාලය ද  තොරතුරු ලබාදීමට  අපොහොසත්වී තිබේ. තොරතුරු ඉල්ලුම්පත් සඳහා නිසි කාල සීමාව තුල ප්‍රතිචාර නොදැක්වූ පොලිස් අධිකාරී කාර්යාලය 33ක් අතරින් 18ක්  සඳහා එම නියමයන් ලබාදී තිබේ.

 එම නියමයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ” තොරතුරු දැනගැනීමේ පනතේ 24(3) වගන්තිය පරිදි ඉල්ලීමක් ලැබීමේදී එම ඉල්ලීම ඉදිරිපත් කළ පුරවැසියා වෙත තොරතුරු නිලධාරියෙකු විසින් වහාම එම ඉල්ලීම ලැබීම පිළිබඳ ලිඛිත දැනුම්දීමක් යොමුකරනු ලැබිය යුතු ය”. යන්න හා 25(1) වගන්තියේ සඳහන් පරිදි තොරතුරු නිලධාරියෙකු විසින් හැකි ඉක්මනින් සහ කෙසේ වුවද 24 වන වගන්තිය යටතේ ඉල්ලීමක් ලැබී දින 14ක් ඇතුලත … ඉල්ලා සිටි තොරතුරු සැපයීමට හෝ පනතේ 5වන වගන්තියේ දක්වා  ඇති හේතුවලින් යම් එක හේතුවක් හෝ ඊට වැඩි ගණනක් මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හෝ තීරණය කළ යුතු අතර එම තීරණය, ඉල්ලීම කළ පුරවැසියා හට සන්නිවේදනය කළ යුතු ය. ” නමුත් ඉහත පොදු අධිකාරීන් වන පොලිස් අධිකාරී කාර්යාල සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකර නොමැති බව ද කොමිසම මගින් පෙන්වා දී තිබේ.

  එමෙන්ම  තොරතුරු ඉල්ලීමට නියමිත කාලවකවානු තුලදී පිළිතුරු නොදුන් මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 10ක් වෙත ද ඉහත නියෝගය ලබාදී තිබේ.

  එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනතේ 5වන වගන්තියට අයත් බව පවසමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය වෙත නියෝගයක් නිකුත්කරමින් කොමිසම සඳහන් කර ඇත්තේ ”මෙම අවස්ථාවේ ඉල්ලා ඇති තොරතුරු 5 වගන්තියේ කවර හෝ ව්‍යතිරේකයකට අයත් නොවන බව අවධාරණය කරනු ලැබේ ” යනුවෙනි . ඉහත තත්වය යටතේ අභියාචක විසින් ඉල්ලා සිටි තොරතුරු ලබාදීමට කිසිදු බාධාවක් නොමැති බවද එම නියෝගය  මගින් දන්වා  තිබේ.

  එමෙන්ම පොලිස් අධිකාරී මගින් තොරතුරු නොලැබීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන් වෙත 2020.10.12 දින අභියාචනා සිදුකර ඇති අතර  ඒ සඳහා ද කිසිදු පිළිතුරක් ලබාදීමට පොලිස්පති කාර්යාලය ද අපොහොසෙත් වූ පසුබිමක තොරතුරු දැනගැනීමේ  අයිතිවාසිකම් පිළිබඳ කොමිසන්  සභාව වෙත සිදුකළ අභියාචනා අනුව කොමිසම මගින්  මෙම පූර්ව දැනුම් දීම සිදුකරමින් අදාළ දැනුම් දීමට අනුව කටයුතු කිරීමට නො හැකි වුවහොත් අභියචානා විභාග කිරීමට නොතීසි නිකුත් කරන බව ද එමගින් දන්වා තිබේ.

    එමෙන්ම මේ වනතෙක් තොරතුරු ලබාදී නොමැති අනුරාධපුර, මාතර, කුරුණෑගල, කොළඹ දකුණ, අම්පාර, පොලොන්නරුව, ඇඹිලිපිටිය, නිකවැරටිය යන පොලිස් අධිකාරී කාර්යාල 08කට හා පොලිස්පති කාර්යාලය වෙත තොරතුරු කොමිසම මගින් පූර්ව දැනුම්දීම් සිදුකර පසුව අභියාචනා විභාගය සම්බන්ධයෙන් ද 2021.03.12 සිට දැනුම් දී තිබුණත් මේ වනතෙක් එම පොදු අධිකාරීන් තොරතුරු ලබාදීමට අපොහොසත් වී තිබේ. එම දැනුම්දීම් තුල  වැඩි දුරටත් සඳහන් වන්නේ  2016 අංක 12 දරන තොරතුරු දැනගැනීම පිළිබඳ පනතේ 25,28,හා 31 වගන්ති කෙරෙහි අවධානය යොමු කර ලිපිය ලැබූ දින 07ක් ඇතුලත පනතේ 25 වන වගන්තිය පරිදි කටයුතු කරන ලෙසයි. නමුත් මේ ආකාරයෙන් රටක පුරවැසියන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය  වෙනුවෙන් ව්‍යවස්ථාපිතව පිහිටුවා තිබෙන කොමිසමක දැනුම්දීම්, තීන්දු , නියෝග පවා නොසලකා හරින තත්වයකින් රටක රාජ්‍ය ආයතන කටයුතු කිරීම එම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට එල්ලවෙන බරපතල තර්ජනයකි.

   පොලිස් අධිකාරී කාර්යාල සඳහා තොරතුරු අයදුම්පත් යොමුකරන ලද්දේ 2020.09.12 දින වන අතර එම පොදු අධිකාරීන්  මගින් තොරතුරු නො ලැබීම නිසා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමන් වෙත 2020.10.12 දින අභියාචනා සිදුකර ඇති අතර  ඒ සඳහා ද කිසිදු පිළිතුරක් ලබාදීමට පොලිස්පති කාර්යාලය ද අපහොස් වී තිබේ. අනතුරුව 202012.04 දින තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම  පිළිබඳ කොමිසන් සභාව වෙත අභියාචානා කිරීමෙන් පසු මස 07ක පමණ කාලයකින් පසු යොමුකළ අභියාචනා විභාගයට ගෙන තිබේ.

An Order From The Information Commission To The Police Against Withholding Information

தகவல்அறியும் உரிமை:பொலிஸ் அத்தியட்சகர் அலுவலகங்களுக்கு தகவல் ஆணைக்குழுவின் உத்தரவு!

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts