ජන විවිධත්වය පිළිගැනීමෙන් සංහිඳියාව යථාර්තයක් වේවි
කුරිංචි පාර්තන්
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පාලන තන්ත්‍රය පියවර ගත්තේ නම් රට තුළ නැවත වරක් වර්ගවාදයක් හෝ රැඩිකල්වාදයක් ආරම්භ නොවීමට ඉඩ තිබුණු බව නව සමසමාජ පක්ෂ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ වාර්ගික ගැටුම් හට ගැනීමේ ප්‍රවණතාවක් මතු වූවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් මොනවාද?
මේක බරපතළ තත්ත්වයක් නොවෙයි. වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මේ තත්ත්වය ඉතා නරක අතට පත් කරමින් සිටියා. සියලුම ජනතා නියෝජිතයින් මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. අප එකට වැඩ නොකළොත් අපිට ආර්ථික වශයෙන් වර්ධනය වෙන්න බැරි වෙනවා. ජාතියක් වශයෙන් අපි හැමෝම ඒක දන්නවා. විශේෂයෙන්ම රටේ සිංහල හා දෙමළ ජනතාව අතර සාමය සමගිය ඇති කරනවා යැයි පොරොන්දු දෙමින් බලයට පැමිණි ආණ්ඩුව අද වන විට වගකීම් විරහිතව කටයුතු කරමින් සිටිනවා. රටේ ප්‍රධානින් වර්ගවාදී බලපෑම මත ක්‍රියා කරමින් ඉන්නවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.
රටේ ප්‍රධානියා සම්බන්ධයෙන් කරන චෝදනාව සාධාරණීකරණය කරන්නේ කොහොමද?
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වන්න තිබුණා. එය පාලකයන්ගේ නොසැලකිල්ල මත මේ ආකාරයට සිදුවූවා. මේ සමස්ත මුස්ලිම් ජනතාව සිදු කළ ප්‍රහාරයක් නොවෙයි. එය රැඩිකල්කරණය වූ මුස්ලිම් තරුණයින් කිහිප දෙනෙකුගේ ප්‍රහාරයක්. පත්කරන ලද කමිටුව විසින් මෙම ප්‍රහාරය සත්‍යතාව සොයා බැලීමට පරීක්ෂණ මෙහෙයවමින් ඉන්නවා. චෝදනා සම්බන්ධයෙන් ජනපති දැනුවත්. ඔහු උත්සාහ දරනවා එම චෝදනා මඟ හැරීමට. ඔහු දහනවවන සංශෝධනය උගුලක් ලෙස අරගෙන තියෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් මේ රටේ ජනතාව අතර සමගිය ඇති කරන්න. අපි විශ්වාස කරනවා අපිට මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කියලා.
ඔබ සඳහන් කළා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ සාමය හා ප්‍රතිසංධානය ඇති කරන්න පුළුවන් කියලා. වත්මන් රජය ප්‍ර ප්‍රතිසන්ධාන ගතවීම සම්බන්ද අමාත්‍යාංශයක් ස්ථාපිත කරලා තියෙනවා. තවදුරටත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මීට සමාන වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා. කොහොම වුණත් අපි දන්නවා පසුගිය වසර හතර තුළ ප්‍රධාන වෙනස්කම් රටට සිදු වුණේ නෑ කියලා.
මේ සම්බන්ධයෙන් අමාත්‍ය මනෝ ගනේෂන් විවිධ වැඩසටහන් සිදුකරමින් ඉන්නවා. මා ඔහු පෞද්ගලිකව දන්නවා. ඔහු රටේ සුළුතර වාර්ගික ප්‍රජාවන් දහ අටක් පිළිබද සලකා බලමින් භාෂා ප්‍රතිපත්තිය ස්ථාපිත කිරීමට දැඩි උත්සාහයක් දැරුවා. ප්‍රධාන භාෂා තුනටම සමාන තත්ත්වයක් ලබාදීලා තියෙනවා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වුවහොත් බොහෝ ප්‍රශ්න නිරාකරණය කරගන්න පුළුවන්. සමහර ස්ථානවල මා පිළිගන්නවා මේවා ක්‍රියාත්මක කිරීමේ යම් ගැටලු සහගත තත්ත්ව පවතිනවා කියලා. රටේ නීතිය බලාත්මක කිරීමට රටේ සියලු ජනතාවට සහයෝගයෙන් එක්විය යුතුයි. ජනතාව ඔවුන්ගේ අයිතීන් මොනවද කියලත් දැනගත යුතු වෙනවා.
සංවර්ධනය වෙමින් පවත්නා බහුවාර්ගික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව වගේ රටක ප්‍රජාවන් අතර සහජීවනය හා සමෝධානය ඇති කිරීම කළ හැකි දේ මොනවාද ?
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම් තුනක් තියෙනවා. ඔවුන් අතර බොහෝ අදහස්වල විවිධතා පවතිනවා. කොහොම වුණත් ආගම් බොහෝ හොඳ දේ උගන්වනවා. ඒ අතර ආදරය කරුණාව උපකාර කිරීම ආදිය ප්‍රධාන වෙනවා. ඒවා අපට වෛර සහගත නොවෙන්නත් අනෙකා පිළිගන්නත් උගන්වනවා. ජනතාවගේ විවිධත්වය පිළිගත යුතුයි. ඔවුන් ඔවුන්ගේ ආගම් පමණක් වැදගත් සේ සැලකීම නැවැත්විය යුතුයි. අනෙක් ආගම්වලට විරුද්ධ වීම් නැවැත්විය යුතුයි. එවිට සාමය සමාදානය හා සහජීවනය යථාර්ථයක් බවට පත්කර කර ගන්න පුළුවන්.
රටට නිදහස් ලැබී වසර හැත්තෑවක් වුණත් අපට සාමය ඇති කර ගැනීම යථාර්ථයක් බවට පත්කර ගත නොහැකි වූයේ ඇයි ?
අපේ ඉතිහාසය දෙස බලන විට බොහෝ අවස්ථාවන්වල අප මේ ප්‍රශ්නය විසඳාගැනීමට උත්සාහ දරලා නැහැ. එයට ජාතික වශයෙන් පැවැති ආරවුල් හා වියවුල් තත්වයන් මෙන්ම ජාත්‍යන්තරව වශයෙන් පැවැති බලපෑම් ද හේතු වෙලා තියනවා. කොහොම වුණත් අපේ ප්‍රශ්නය සම්බන්ධ යම් ප්‍රගතියක් ලබලා තියෙනවා. 13 හා 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආමන්ත්‍රණය කරලා තියෙනවා. මේ තත්ත්වය සම්පූර්ණ කරගැනීමට මේවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න වෙනවා. සමහර මිනිසුන් මේවා ක්‍රියාත්මක කරන්න උත්සාහ සිදුකිරීමේදී ඉතා මුග්ධ ලෙස හැසිරෙනවා. එම ක්‍රියාවන් නවත්තන්න අපට සිද්ධවෙනවා. ආත්මාර්ථකාමී ලෙස ක්‍රියාකරන දේශපාලනඥයින් හා උග්‍ර ජාතිභේදවාදීන් හඳුනාගත යුතු වෙනවා. ඔවුන් බල රහිත කිරීමට උත්සාහ දැරිය යුතු වෙනවා.
ඔබ සිතන ආකාරයට ප්‍රතිසන්ධාන ගතවීම සම්බන්ධව සිවිල් සමාජය හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් කටයුතු කළ යුතු වන්නේ කෙසේද?
ලංකාව වැනි රටවල සිවිල් සමාජ සංවිධාන හා ක්‍රියාකාරකයින් මෙම වාර්ගික ප්‍රජාවන් තුනම මෙම ලබ්ධීන්ගෙන් මුදවා ගැනීම හා විවිධත්වය පිළිගැනීමට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීම සිදුකළ යුතුයි. ඒ සඳහා ඔවුනට මෙම මූලධර්ම මත පිහිටමින් විවිධ ක්‍රමවේද භාවිත කළ හැකියි. ඔවුනට අවවාද උපදෙස් සැපයීමට හැකි විය යුතුයි. මෙම ක්‍රමවේද අනුගමනය කළ හොත්, මිනිසුන්ට සියලුම ආගම් ඉගැන්වීම් හා මානවවාදී ගුණාංග විවිධ වුවත් ඒවා සම්බන්ධයෙන් තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම ක්‍රියාවලියේදී පුද්ගලික වශයෙන් වගකීම් සහගත වීමේ කාර්යය ඔබ විස්තර කරන්නේ කෙසේද?
මිනිසුන් ආගමික වශයෙන් , වාර්ගික වශයෙන් හා භාෂාමය වශයෙන් බෙදී සිටිනවා. ඔවුන් වෙනුවෙන් කතා කිරීමට ඔවුන් එකතු වෙලා ඔවුන් මත යැපෙනවා. මේ වැරදි දෙයක් නෙමෙයි. නමුත් අප තේරුම් ගත යුතුවෙනවා. ඇඳුම් පැළඳුම් ආහාර පුරුදු හා චාරිත්‍ර ක්‍රම සම්බන්ධයෙන් මට තවත් කෙනෙකුට මා අඳින ඇඳුම් ඇඳීමට බලපෑම් කරන්න බැහැ. එය එසේ සිදු කරන්නේ අවශ්‍යත් නැහැ. අප සියලු දෙනාම සමානව පිළිගන්න ඕන හා ඔවුන්ගේ විශ්වාස අනුව ඔවුන්ට ජීවත් වීමට ඉඩ දෙන්න ඕන.
ආගමික හා වාර්ගික ප්‍රතිසන්ධානගතවීමේදී දේශපාලනඥයන්ගේ කාර්යයභාරය කුමක්ද?
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මේ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරනු ලැබුවා. මෙහි ප්‍රධාන අරමුණ වුණේ දේශපාලනඥයන්ගේ වගකීම නිසි පරිදි ඉටු කිරීමට අසමත් වීද යන්න සොයා බැලීම. මෙය ඉතා හොඳ දෙයක්. සියලු ජනතා නියෝජිතයින් සම්පූර්ණයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම, ක්‍රියාත්මක කිරීම සිදුකළ කළ යුතු වෙනවා. මිනිස්සුන්ගේ සියලු අයිතීන් ව්‍යවස්ථාවෙන් සහතික කරලා තියෙනවා. ජනාධිපති ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කළත් ඔහුට දඬුවම් දියයුතු වෙනවා. පාර්ලිමේන්තුවට එය කිරීමට අයිතියක් මෙන්ම බලයක් තියෙනවා. පාර්ලිමේන්තුව උපරිම තලයේ ව්‍යුහය වගේම පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක විය යුතු වෙනවා.
This article was originally published on the catamaran.com