අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස

කොරෝනා වසංගත සමයේ ඇස නොගැටුණ ලිංගික ශ්‍රමිකයන්

අසන් අෆ්තර්

කොරෝනා වෛරසයෙන් බලපෑමට ලක්නොවූ අංශයක් නොමැති තරම් ය. එවැනි එක් කණ්ඩායමක් වන්නේ ලිංගික ශ්‍රමිකයන් ය. 

දුගීබවේ රේඛාවට පහළින් සිටින ජනතාව, යම් ප්‍රමාණයකින් හෝ රැකබලා ගනුයේ ධනවත් ප්‍රජාව විසින් හෝ ස්වේච්ඡා සංවිධානයන් මඟිනි. බොහෝදෙනා මෙම සහාය සහිතව ඔවුන්ගේ දෛනික ජීවිතය පවත්වාගෙන යනු ලබයි. ලිංගික ශ්‍රමිකයන් නියැලෙන මෙම වෘත්තිය, සමාජය විසින් වැදගත් වූවක් ලෙස හඳුනානොගත්තකි. 

මානව ජීවිතයට තර්ජනයක් ලෙස පැතිර පවත්නා මෙම කොරෝනා වෛරසය මඟින්, ඔවුන් රැකියා විරහිත පිරිසක් බවට පත්කර ඇත. 

LGBTQIA ප්‍රජාව උදෙසා කටයුතු කරන Heart to Heart සංවිධානයේ කළමණාකරු හේමාල් මංචු විසින් ඇගේ අදහස් බෙදාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ ඇය LGBTQIA ප්‍රජාව වෙනුවෙන් සටන් කරමින් සිටී. Heart to Heart හරහා ඇගේ උපරිම හැකියාවන් යොදාගනිමින්, හඩක් නැඟිය නොහැකි ප්‍රජාව සුරකිමින් සිටී. 

“මෙම බරපතල කාලවකවානුව තුළ, වැඩකිරීමට ඔවුන්ට පිටට යා නොහැකි යි. එයාලා ගියත්, සෞඛ්‍ය මාර්ගෝපදේශ සුරැකීමට නොහැකි යි. මේ හේතුවෙන් ඔවුන් දරාගෙන සිටින අපහසුතා ඉතා ඛේදනීය යි. මෙය, ශ්‍රමය සඳහා වැටුප් උපයන කාර්යයක්. දිනකට ඔවුන් උපයාගන්නා දේ ජීවත්වීම සඳහා කලමනාකරණය කරගනු ලබයි. ඔවුන්ට දිනක් සඳහා වේල් තුන පිරිමසා ගැනීම සිදුකළ නොහැකි දෙයක්. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් අසනීපෙන් වන අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව ඇත” යනුවෙන් ඇය පැවසී ය. 

මෙම කාර්යය සඳහා පැමිණෙන බොහෝදෙනා ඉතා දුරබැහැර ස්ථානයන් හි සිට පැමිණෙන්නන් වන අතර ඔවුන් නවාතැන් ගනුයේ ලැගුම්හල්වල යි. ඔවුන්ට මාසික කුලිය ගෙවීමට සිදුවේ. ඇතැම් පවුල් යැපෙනුයේ මෙම පුද්ගලයන් මත යි. මෙම පවුල්වල තත්ත්වයන් තවමත් ඉතා අයහපත් මට්ටමක පවතී. මෙම කාර්යයෙ හි නියැලෙන පිරිමි පුද්ගලයන්, කාන්තාවන්ට වඩා දුෂ්කරතාවයන්ට මුහුණ දේ. දෙහිවල, කොළඹ සහ මොරටුව වැනි ස්ථානයන්වල, ලිංගික ශ්‍රමයේ යෙදෙන පිරිමි පුද්ගලයන් බොහෝ අභියෝගයන්ට මුහුණදෙමින් සිටී. මෙම අවස්ථාව යොදාගනිමින් ඇතැම් පුද්ගලයන් ඔවුන්ගේ ලිංගික ශ්‍රමය සූරාක යි.

ලිංගික ශ්‍රමිකයන් සඳහා සෘජුවම සහයෝගයදෙමින් සිටින සංවිධානයන් දැකගත නොහැකි යි. මේ සඳහා ඇති කළ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක නොවේ. ලිංගික ශ්‍රමිකයන් සියළුදෙනාම වාගේ ඔවුන් විසින්ම ඇතැම් සංවිධානයන් හි ලියාපදිංචි වී තිබේ. සංවිධානයේ ස්වරූපය මත ඔවුන්ට ලැබෙන සහාය    පදනම් වේ. මෙම සහයෝගය ලැබෙන ඇතැම්අයට මුදල් හෝ වියළි ආහාර මළු ලැබෙන බව හේමාල් මංජු පැවසී ය. 

Heart to Heart මඟින් ද උපකාර සපය යි. ඔවුන් පරිත්‍යාගශීලීන් සමඟ සමීපව සිටිමින්, මෙම තත්ත්වය පිළිබඳව විස්තර කර, ආධාර එකතු කර උපකාර සැපයීමට කටයුතු කර යි. නමුත්, මෙම සංවිධානයට ලැබෙන ආධාර ප්‍රමාණවත් නොවේ. 

“මගේ දැනුමට අනුව, රජය මෙම ජනතාව පිළිබඳව නිසි අවධානයක් යොමුකර නොමැත. කොරෝනා වෛරසය සහ ආහාර හිඟකම නිසා සාමාන්‍ය ජනතාවට ජීවිත පවා අහිමිවීමේ හැකියාවක් ඇත. සාමාන්‍ය ජනතාව පිළිබඳ වර්ගීකරණයට රජය විසින් ලිංගික ශ්‍රමිකයන් ඇතුළත් කර නොමැති බව”   හේමාල් මංජු විසින් පවස යි. 

යුරෝපයේ ලිංගික ශ්‍රමිකයන් සඳහා සුවිශේෂී සහනයන් ලබා දී ඇත. රට වසාදැමීමේ තත්ත්වය මත, සෞඛ්‍ය උපදෙස් සහ දීමනාවක් ලබා දී ඇත. ලංකාවේ එසේ සිදුනොවේ. මෙම දුෂ්කර වාතාවරණය තුළ අවම වශයෙන් ඇතැම් ස්වේච්ඡා සංවිධානයන් ඔවුන්ට උපකාර කර තිබීම අගය කළ යුතු දෙයකි. 

LGBTQIA ප්‍රජාව විසින් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් විමසීමේ දී, ඒ පිළිබඳ අවධානය යොමුකිරීම අවශ්‍ය වේ. අපි බොහෝදුරට ක්‍රියාත්මකවෙමින් සිටින්නෙමු. සමාජ ක්‍රියාකාරීන් මාර්ගගත ක්‍රමයන් යටතේ සම්බන්ධ කරගැනීම මඟින් ඔවුන් මූල්‍යමය සහාය මෙන්ම වියළි සලාකයන් ද මෙම ජනයාට සපයමින් සිටී. 

කොරෝනා වෛරසය, ඕනෑම අයෙකුට ආසාදනයවීමේ හැකියාවක් පවතී. එයට, වර්ගය, ආගම හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වැදගත් නොවේ. එය සියළුදෙනාටම පොදු සතුරෙක් වන අතර සියළුදෙනා එක්ව ඊට එරෙහි ව සටන් කළ යුතු ය. එවිට මෙම අභියෝගය පරාජය කළ හැකි ය. එමනිසා, ලිංගික ශ්‍රමිකයන් ද නිවසේ සිටීමට සහ අන්අය මෙන් රට සුරැකීමේ කාර්යයට බැඳී සිටී. මේ රටේ පුරවැසියන් ලෙස, ඔවුන් ද රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු යි. 

ඔවුන්ගේ ඉතුරුම් භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ලිංගික ශ්‍රමිකයන් ඉදිරියට පැමිණිය යුතු යි. ඔවුන්ගේ මුඛය සහ නාසය සෑමවිටම පිරිසිදු බව ඔවුන් සහතික කළ යුතු යි. ඔවුන් සැක සහිත පුද්ගලයන් වෙත වැඩි අවධානයක් යොමු කළ යුතු යි. කොරෝනා වෛරසය ව්‍යාප්ත කරන බවට පවතින දෝෂාරෝපණය උසුලාගෙන නොයමින්, ඔවුන් ආරක්ෂිතව නිවසේ සිටිමින්, සෞඛ්‍ය සේවකයන් සහ රජය සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු යි. ඔවුන්ගේ ආර්ථික වාතාවරණය සඳහා හේතු වශයෙන් ඔවුන් වෙතම දොස් පැවරීමට ඉඩ නොදිය යුතු යි. 

ලංකාවේ වත්මන් ක්‍රියාකාරී නීතිය ඔස්සේ ලිංගික ශ්‍රමිකයන් පිළිබඳව සඳහන් කර නොමැති අතර, අපරාධකරුවන් ලෙස අනුමාන කරන ලිංගික ශ්‍රමිකයන් බලෙන් සිදුකරන කෘරකම් හේතුවෙන් පීඩා විඳී. කාන්තාවන් සහ පාරලිංගික ජනයා විවිධ හිංසාවන්ට ලක් වේ. අන්අය විසින් භුක්තිවිඳින සුරක්ෂිත බව සහ අයිතිවාසිකම්, මෙම ජනතාවට ලබාදීම ප්‍රතික්ෂේප වී ඇත. 

“ජනතාවට කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත්කිරීම සඳහා සහ ඔවුන්ට උපකාර කිරීම සඳහා  විවිධ වැඩසටහන් රජය විසින් ක්‍රියාත්මක කරමින් සිටී. මේ තුළ කිසිඳු අඩුලුහුඩුකමක් මම නොදකිමි. එසේ කිරීමට මෙය නිසි කාලය නොවේ. නමුත්, රජයත් අපව හඳුනාගැනීට මූලික පියවර හෝ ගත යුතු යි ” යනුවෙන් හේමාල් මංජු ඉල්ලා සිටී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts