
එකොළොස් වසරක වන්දි අරගලය
සරත් මනුල වික්‍රම
උතුරුමද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කළ අවස්ථාවේ මිය ගිය හා බරපතල ආබාධයන් ට ලක්වූ අනෙක් පිරිසට වසර එකොලහක් තිස්සේ නොලැබුණු වන්දි ඉල්ලා යළිත් අරගල කරති.
මෙම බෝම්බ ප්‍රහාරයේ දි පලාතේ කීර්තිමත් සිංහල යුවළක්,දෙමළ යුවළක් හා මුස්ලිම් යුවලක් එකවර මිය ගියේ ය. හානි පූර්ණය සංහිඳියාවේ එක් අංගයක් බැවින් ද වන්දි ඉල්ලා කරන අරගල උතුරු නැගෙනහිර පළාත්වල සේම රට මැදද ඇති බැවින් ද මෙම කතාව වැදගත් වේ. මෙහි මියගියවුන් අතර මෙම ජනවර්ග තුනේම 31 දෙනෙකි.
2008 වසරේ ජානක ජෙරේරා මහතාගේ අනුරාධපුර කාර්යාලය විවෘතකරන අවස්ථාවේ ත්‍රස්තවාදින් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමෙන් ජානක පෙරේරා මහතා, ඒ මහතාගේ බිරිය, අනුරාධපුර දිස්ත්‍රික් එක්සත්ජාතික පක්ෂ කලමනාකාර වෛද්‍ය රාජා ජෝන්පුල්ලේ මහතා හා ඒ මහතාගේ බිරිය, ජ්‍යෙෂ්ට නීතිඥ ඒ.සී.එස් හමීඩ් හා ඒ මසහතාගේ බිරිය ද මාධ්‍යවේදී රස්මි මහරුෆ් මහතා ද ඇතුලු පුද්ගලයෝ 31 දෙනෙක් මියගිය හ. 64 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබූහ.
මෙම තුවාල ලැබූවන් මෙන්ම ඊට ගොදුරු වූ පවුල්වල සියලු දෙනා මෙ වන විට දැඩි අසරණභාවයකට පත්ව සිටිති. මේ පිරිස වෙනුවෙන් 2015 වසරේ දී වන්දි ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයින් හරහා රජයට කරන ඉල්ලීම් මේ දක්වා ඉටුවී නොමැති බැවින් නැවත මෙම අරගලය පටන්ගෙන තිබේ.
This article was originally published on the catamaran.com