Environment අනාවරණ

එක්ස්ප්‍රස් පර්ල් ඛේදාන්තයෙන් පසුව ශ්‍රී ලංකාවේ සාගර සම්පත්

ෂබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා

මෑතක දී ගින්නෙන් විනාශයට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳව සඳහන් කිරීමේ දී, ලංකාවේ සාගර පරිසරය විනාශකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පළකළ “ප්‍රවීනයන්ගේ මතයන්”  නොයෙක් පරස්පරතාවයන්ගෙන් යුතු වේ. මේ පිළිබඳ බොහෝ නොමඟ යවන සුළු සහ මතභේදාත්මක පුවත්, ශාස්ත්‍රඥයන් සහ විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනා විසින් පළකළහ. ඇතැම් අදහස්වලින් පැහැදිලි වනුයේ, ඒවා වඩාත් විද්‍යාත්මක සාධකයන්ට වඩා දේශපාලනමය මෙන්ම විචාරකයන්ගේ මූලික පරමාර්ථයන් පිළිබඳව බරපතල සැකයක් ඇති කරවන්නක් බව යි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, රසායන විද්‍යා පිඨයේ මහාචාර්ය එස්. ඩි. එම්. චින්තක විසින් කරන ලද ප්‍රකාශනය මහජන අවධානය දැඩිව යොමුකරගැනීමට සමත් වූ අතර, ඔහු පවසන ලද්දේ “එක්ස්ප්‍රස් පර්ල් හි හටගත් ගින්න අනවශ්‍ය භීතියක් නිර්මාණය කර තිබෙන බව” මෙන්ම “එහි ප්‍රතිඵල ලෙස පරිසරයට උපරිම බලපෑමක් සිදු නොවන බව” යි. ඔහුව සම්බන්ධ කරගත් පසු, ඔහු තහවුරු කරනු ලැබුවේ ද සමාජ මාධ්‍ය තුළ ඔහු එයට සමාන වූවක් පළකළ බව යි. එම පළකිරීම මැද, බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ, සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටිආරච්චි ඉහත අදහසට ප්‍රතිවිරුද්ධව තම අදහස් දක්වා ඇත. 

මෙම ගැටුම්කාරී මත හුවමාරුව තුළ, එක්ස්ප්‍රස් පර්ල් ගින්න පිළිබඳව සහ එමඟින් ලාංකීය සමුද්‍රාසන්න පරිසරයට සිදුවන බලපෑම සම්බන්ධයෙන් විමසාබැලීමට අප විසින් බොහෝ විද්‍යාර්ථින් සම්බන්ධ කරගනු ලැබී ය. මෙම ප්‍රවීනයන්ගේ සහ එම ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ සාමූහික ස්ථාවරය වූයේ, ඇතැමෙක් සමාලෝචනයන් සහ විමර්ශනයන් සඳහා විද්‍යාත්මක ක්‍රමයක් භාවිත කර තිබෙන නමුත්, මෙම අර්බුදය සම්බන්ධ අවසන් අදියරකට පැමිණීම අවශ්‍ය වේ. බොහෝ ප්‍රවීනයන්, සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය පිළිබඳ දෙගිඩියාවකින් යුතුව අදහස් පළකර ඇත. නමුත්, මෙම ගැටළුව පිළිබඳ ඔවුන්ගේ සියුම් අදහස් සවිස්තර සංවාදයක් සඳහා ඉතා පොහොසත් සාධක සපයා ඇත. 

නීතිඥයෙක් සහ පරිසරවේදියෙක් වන ආචාර්ය ජගත් ගුණවර්ධන, අවධානය යොමුකරනු ලැබුවේ විශාල ප්‍රමාණයෙන් ප්ලාස්ටික් සාදන ද්‍රව්‍ය සහ ගින්නෙන් පිළිස්සී ඉතිරි වූ දේවල් වෙරළට ගසාගෙන පැමිණීමෙන් එමඟින් සිදු වූ පාරිසරික බලපෑම වෙත යි. “මෙම නැව තුළ රසායනික වර්ග 42ක් අඩංගු කන්ටේනර් 81ක් තිබී ඇත. අපි සිටින්නේ ඉන්ධන තෙල් කෙතරම් ප්‍රමාණයක් පිළිස්සී තිබේ ද යන්න තක්සේරු කරන අවස්ථාවක ද? ” යනුවෙන් ගුණවර්ධන පැවසී ය. පිළිස්සී ගිය අවශේෂ එකිනෙකට මිශ්‍රව ඇත්තේ කෙසේ ද යන්න ඔහු නිරීක්ෂණය කළ අතර, නව රසායනික සූත්‍රයන් සැකසී ය. “කුමන ස්වරූපයක් තුළ වුව ද, මෙම නව රසායනික ගැටළුව පරිසරයට හිතකර නොවේ. ඒවා, සාගර ජීවිතවලට සහ සමුද්‍රීය සංයුතියට අන්තරායක බවක් ගෙනදිය හැක.”

වෙරළට ගසාගෙන පැමිණෙන මියගිය සතුන්ගේ ප්‍රමාණයේ වර්ධනයක් පවතින බව ගුණවර්ධන තක්සේරු කර ඇත. “එක් සතියක් තුළ මියගිය සතුන්ගේ සංඛ්‍යාව, මින් පෙර සතිවල වාර්තා වූ ප්‍රමාණයට වඩා වැඩි වී ඇති බව” ඔහුගේ නිරීක්ෂණය විය. “මින් පැහැදිලිවන්නේ, ගින්න නිසා ඇති වූ රසායනික ගැටළුව, සමුද්‍රීය ජීවිතවලට දීර්ඝකාලීන බලපෑම් සිදුකළ හැකිබව යි.” වඩාත් ගැළපෙන විද්‍යාත්මක අධ්‍යනයන් හි අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුකරමින් ගුණවර්ධන, නොදන්වන ලද උපකල්පනයන් සකස් නොකිරීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කරයි. “මුහුදු ජලය හා මිශ්‍ර වී ඇති රසායනිකයන් පිළිබඳ සාවද්‍ය සීමාවක් ඉතිරිකිරීම මඟින් අනාගත ක්‍රියාවන්ට ඒවා හේතුවිය හැකිබව සිතීම වඩාත් යහපත් වන බව” ඔහු පැවසී ය. 

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්න සුරවීර, ගුණවර්ධන සමඟ ඌනපූරක සපයමින් තම අදහස් බෙදාහදා ගත්තේ ය. “අපිට කියන්නට බැහැ පරිසරයට මෙයින් තර්ජනයක් නැහැ කියලා” ඔහු පැවසී ය. “වෙරළට ගසාගෙන පැමිණි මියගිය මුහුදු ජීවීන්ගේ සිරුරුවලින් අපිට පැහැදිලිවම අවබෝධ වන්නේ එය අසාමාන්‍ය ප්‍රතිඵලවලින් ඇතිවන්නක් වන බව යි.” සුරවීර සඳහන් කළේ, මෙම කැළඹුම්කාරී සිදුවීමේ සිතන්නට බොහෝ දේවල් ඉතිරි වී ඇති බවයි: “ගින්න හේතුවෙන් මියගිය තුවාල සහිත ඩොල්ෆින් සිරුරු, මෑතකාලීනව අපි සොයාගනු ලැබුවා. අපි ඔවුන්ව උඩවලව අලි අභයභූමිය වෙත රැගෙන ගියා. අතරමග දී, අපි දැක්කා මළකුණු වටේට මැස්සෝ රංචු ගැවසෙනවා. අපි උඩවලවට ළඟා වූ පසු සියළුම මැස්සන් මැරී සිටිනු දකින්න ලැබුණා.” සුරවීරට අනුව, මෙය විද්‍යාත්මක සාක්ෂි සහ නිසි විමර්ශනයක් අවශ්‍ය වන අසාමාන්‍ය ප්‍රතිඵලයකි. 

කීර්තිමත් සාගර ජෛවවිද්‍යාඥයෙකු වන ආචාර්ය ආශා ද වෝස්, ගුණවර්ධනගේ සහ සුරවීරගේ මතයන් අනුගමනය කරමින් සඳහන් කරන්නේ, විෂයබද්ධ විමර්ශනයක පවතින ලුහුඬුකම හේතුවෙන් කිසිඳු සමාලෝචනයකට පැමිණීමට නොහැකි වී ඇති බව යි. ආචාර්ය ද වෝස්, ඕෂන්ස්වෙල් සංවිධානයේ නිර්මාතෘ සහ ධීවර අමාත්‍යාංශය යටතේ පවතින නාරා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ද වේ. 

සාගර විශ්වවිද්‍යාලයේ, ජලජජිවී සහ මුහුදු ආහාර තාක්ෂණ පීඨයේ පීඨධිපති ආචාර්ය ලංකා වික්‍රමසිංහ සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර යන දෙදෙනාම තහවුරු කරන ලද්දේ දැඩි සහ නිශ්චිත විමර්ශනයන් හි පවතින අවශතාවය පිළිබඳව යි. ඉන්දියානු සාගරයේ මාළු පරිභෝජනය පිළිබඳව සැළකිලිමත්වෙමින් වික්‍රමසිංහ අදහස් දැක්වූයේ, “විමර්ශනයන් වලින් මාළුවන්ගේ සිරුරු තුළ ප්ලාස්ටික් නිපදවන ද්‍රව්‍ය පවතින බව අනාවරණය වන්නේ නම්, එම මාළු පරිභෝජනයට ගැනීම හානිදායක වියහැකි බව යි.” කෙසේවෙතත්, වික්‍රමසිංහගේ මතය වූයේ, මුහුදු ජලය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති බව සහ එමඟින් සාගර පරිසර පද්ධතිය එහි සමතුලිත බව පවත්වාගනු ඇති බව යි. ඇයට අනුව, කොරල් සහ ගහකොළ වැනි සාගර ජීවිත, මෙම රසායනිකවල බලපෑමට ලක්ව ඇත.

2021 ජුනි 15 දින, දර්ශනී ලහදපුර නිවේදනය කළේ, එක්ස්ප්‍රස් පර්ල් ගින්නෙන් බලපෑමට ලක් වූ සමස්ථ සමුද්‍රීය පරිසර පද්ධතිය පිළිබඳව විමර්ශනයට සහ වාර්තාකරණය සඳහා, ධීවර, සමුද්‍රීය පරිසරය, පරිසර ආර්ථිකය සහ අනෙකුත් අදාළ ක්ෂේත්‍රයන් හි ප්‍රවීනයන් ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කළ බව යි. ගින්නෙන් සිදු වූ පාරිසරික බලපෑම පිළිබඳව නිශ්චිතවම තක්සේරු කළ නොහැකි වුව ද, ප්‍රවීනයන්ගේ සොයාගැනීම් මඟින් බොහෝදුරට අපගේ බටහිර වෙරළේ සමුද්‍රීය සම්පත්වලට ගින්නෙන් සිදු වූ බලපෑමේ ප්‍රමාණය පිළිබඳව දක්වන්නට හැකිවේවි. ධීවර ප්‍රජාවන්, මුහුදු ආහාර නිෂ්පාදකයන්, මුහුදු ආහාර පරිභෝජනය කරන්නන් සහ දේශීය සංචාරකයන්, වෙරළ අවහන්හල් ආදී පාර්ශවකරුවන්, අවසන් ප්‍රතිඵලයන් ලැබෙනතෙක් ආශාවෙන් බලාසිටී.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts