Home Posts tagged LKA
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් ආර්ථික සමාජ

මන්දපෝෂනයෙන් පෙළෙන පරපුරක පීතෘත්වය  ලබන ලංකාව

කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් දේශපාලන

රටේ වත්මන් අර්බුදය මැතිවරණයකින් ජය ගත හැකිද 

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු  රනිල් ගෝඨා ආණ්ඩුව පත්වී මාස එකහාමාරකට ආසන්නය. රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට කළයුතු දීර්ඝ කාලීන වැඩ පිළිවෙල මේ මාස එකහාමාරක කාලය තුළ යම් ආකාරයකින් ඉදිරියට යමින් තිබුනද ජනතාව බලාපොරොත්තුවූ  ඇඟට දැනෙනා සහන කිසිත් තවම ලැබී නැත. අනෙක් පසින් බැලූවද එවැනි සහනයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහට නොව විශ්වකර්ම‍යාටවත් රටේ  පවතින දැවන්ත
සාමය

සාමය හා සංහිදියාව නොමැති ආර්ථික සංවර්ධනයක් තිබේද?

ප්‍රියන්ත කරුණාරත්න රී ලංකාව මේ වන විට බරපතල ආර්ථික කඩා වැටිමකට ලක්ව තිබේ.මෙම තත්වයෙන් ගොඩ ඒම සදහා දේශපාලන අධිකාරිය විවිධ උපාය මාර්ගයන් ගනිමින් සිටිති.නමුත් ජනවර්ගයන් අතර සාමය හා සංහිදියාව ගොඩ නැගිම,සංක්‍රාන්තික යුක්තිය ඉටු කිරිම වැනි කාරනා අමතක වි ඇති බවක් පෙනෙන්නට තිබේ.සංවර්ධන ඉලක්ක වෙත යාමේදි රටක සාමය හා සංහිදියාව බැහැර කළ නොහැය. දශක තුනකට ආසන්න […]
සාමය

සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනැගිමේදි භාෂාවේ කාර්යභාරය-1 කොටස

ප්‍රියන්ත කරුණාරත්න “සමාජයේ පදනම භාෂාවයි. භාෂාව අපේ ආධ්‍යාත්මයට සෘජුවම සම්බන්ධ වෙනවා. එය අපේ ආධ්‍යාත්මය බාහිරව ප්‍රකාශ වීමක්. එහි හැම වචනයක්ම අපේ අධ්‍යාත්මයේ රැස් විහිදුවනවා.” (ඉංදීය ගෝදාන් කෘතියේ කතෘ ප්‍රේමචන්ද්, 1936) සාමය, සංවර්ධනය හා සංහිදියාව ගොඩනගාගැනීමේ මාධ්‍යයක් ලෙස භාෂාවට ප්‍රමුඛ තැනක් ලැබී තිබේ. රාජ්‍ය භාෂා ප්‍රශ්නය යටත් විජිතවාදයට නතු වු සෑම ආසියා-අප්‍රිකා
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට පෙරවදනක්

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට ජාතික ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දීම පිළිබඳ මේ වන විට සාකච්චාවට බඳුන් වෙමින් පවතී. ඇත්තෙන්ම  ඕනෑම ක්ෂේස්ත්‍රයකට අදාලව ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් කාලීන අවශ්‍ය තාවයකි. එවන් ප්‍රතිපත්ති මාලාවක් අප රටේ තිබුනේනම් බොහෝ ක්ෂේස්ත්‍රයන්ගේ මතුව තිබෙනා අර්බුද වලකා ගැනීමට හැකියාව තිබුනි. උදාහරණයක් ලෙස ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් අපට
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පෞද්ගලික දත්ත ආරක්ෂණය තුල අනාරක්ෂිත වන මාධ්‍ය නිදහස

ධනුෂ්ක සිල්වා මේ මොහොතේ අප ගත කරන සමාජ ජීවිතය දෙස අප නොදන්නා තුන්වැනි පාර්ශවයක් බලා සිටී. කිසිවෙකු විසින් අපේ හැසිරීම්, කතාබහ, හැගීම් හා ආවේදන සුමට ලෙස නිරීක්ෂණය කරයි. සුපිරි වෙළඳසැල් අපට නොමිලයේ ලබාදෙන පාරිභෝගික කාඩ්පත, කෝවිඩ් සමයේ ප්‍රචලිත කළ ූඍ කේත ක්‍රමය හා හදුන්වාදීමට නියමිත ඉලෙක්ට්‍රොනික හැදුනුම්පත අපව නිරීක්ෂණය කිරීමට යොදාගත හැකි සූක්ෂ්ම මෙවලම්ය. මෙහි […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

පොහොට්ටුව මට්ටු කළ ජන අරගලයට පහර දීම

ජූඩ් ආර්. මුතුකුඩ බලය යනු දූෂණය යි . අසීමිත බලය යනු අසීමිත දූෂණය යි . යන්න සනාථ කරමින් 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ශ්‍රී ලංකා ප‍ොදුජන ප‍ෙරමුණු රජය ස්වකීය දේශපාලන අමන කම නිර්ලජ්ජිතව ප්‍රදර්ශනය කරමින් අරලියගහ මන්දිර‍ය ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාධාරණ හා  සාමකාමී ල‍ෙස උද්ඝෝෂණය කළ පිරිසකට අමානුෂික ල‍ෙස පහර දීම ම‍ෙරට […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

රඹුක්කන ල‍ෙයින් ත‍ෙත් කළ අරගලයේ ප්‍රථම ඛේදවාචකය 

ජූඩ් මුතුකුඩ පසුගිය 19 ව‍ෙනිදා ම‍ෙරට ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින් ජීවන බර දරා ගත නොහැකිව සිදු කළ විරෝධතාවයකට පොලීසිය එල්ල කළ ව‍ෙඩි පහරින් රඹුක්කන ප්‍රදේශයේ තරුණය‍ෙකුට දිවි අහිමි විය .ම‍ෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව‍ෙන් සහතික කර ඇති විරෝධතා දැක්වීමේ අයිතියට බලපෑම් කළ තවත් එක් අවස්ථාවක් වූවත් ප‍ොලීසිය සිය බලය අයුතු ල‍ෙස පාවිච්චි කරමින් නීතියට පරිබාහිරව ක්‍රියා […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සාමය හා සංවර්ධනය සදහා ව්‍යවස්ථා වෙනසක අවශ්‍යතාවය

ප්‍රියන්ත කරුණාරත්න ආර්ථික සංවර්ධනය සදහා අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීමට 1978 ව්‍යවස්ථව ජේ- ආර් ජයවර්ධන ප්‍රමුඛ එ-ජා-ප ආණ්ඩුව හදුන්වා දුන්නේය- රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට ශක්තිමත් විධායක ජනාධිපති ධූරයක් අවශ්‍ය බව අවධාරනය කර විධායක ජනාධිපති ධූරය පිහිටුවා වසර 44 ගෙවෙන තැන විධායක ජනාධිපති ධූරය ඇසුරෙන් අප රටක් ලෙස ලබාගත් ආර්ථික සමෘද්ධියක් නොමැති බව පෙනේ- මේ ලියන […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ජන අරගලය සහ ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලය

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු ඉතිහාසයේ අන් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ජනතා විරෝධයකට වත්මන් ආණ්ඩුව මුහුන දෙමින් සිටී. මේ වන විට ලංකාවේ ආණ්ඩු විරෝධි අරගලයක් නොවුණු ගමක් නගරයක් සොයාගැනීමට නොහැකි තරම් ය. ඒ තරමටම ආණ්ඩු විරෝධය ජනගත වී අවසානය.  මේ අරගල අතර ගාලුමුවදොර  පැවැත්වෙන අඛණ්ඩ ජන අරගලයට විශේෂ තැනක් හිමිවේ. දින ගණනක් එකම තැන සිට කෙරෙනා අඛණ්ඩ […]