කමණී හෙටිටිආරච්චි “හොඳම දේ දරුවන්ට” යන ප්‍රකට කියමන නිතරම පාහේ දේශපාලන වේදිකාවලත් මාධ්‍ය හරහාත් නිතරම අසන්නට ලැබෙන්නකි. සමස්ත ලෝකයේම වෙසෙන දරුවන් වෙනුවෙන් නිර්මාණය වී ඇති මෙම කියමනට අදාළව කටයුතු සිදුවිය යුතු නමුත්, එය එසේ නොවන බව ලංකාවේ පාලකයින්ට සහ මෙරට වැඩිහිටි පරම්පරාවට පසක් වූයේ නොබෝදාය.