ලසන්ත ද සිල්වා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මෙරට දෘෂ්‍ය කලා අවකාශයේ කේන්ද්‍රීය චරිතයකි. ප්‍රබල දේශපාලන අර්ථ ජනිත කරන ඔහු ගේ සමාජ මෙන් ම කලා භාවිතය ද ප්‍රකට කරන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ හරස් කඩකි. කළු ජූලියට 35 වසරක් සපිරෙන මේ මොහොතේ ඔහු සිය නිර්මාණ එකතුවක් හරහා ඒ ඛේදවාචකය පුනර් කියවීමකට ලංකා
මෙලනි මානෙල් පෙරේරා අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනයට, සැක කිරීමට සහ පලිගැනීමට වඩා අවබෝධකර ගැනීම එහිදී වැදගත් ය. අන්තවාදි තර්ජන පරාජය කිරීමට සියලූම දෙනා එක් වී කටයුතු කිරීම කාලීන අවශ්‍යතාව බව කොළඹ, ඉස්ලාමීය දේවධර්ම ආචාර්ය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම පදනමේ භාණ්ඩාගාරික මවුලවී ලෆීර් මදනි (58) කියයි. පාස්කු ඉරිදා […]
සරත් මනුල වික්‍රම චට චට නාදය සමඟ මැෂිමේ ඉඳිකටුව රෙදි පොටවල් දෙකක් වේගයෙන් එක්කරයි. එලෙස ම මුස්ලිම් යුවතියක වන ඕ, ආදරය දයාව පිරි සිංහල භාෂාවේ ළගන්නාසුලු වදනින් ගනුදෙනුකරුවන් ජාලයක් රැස්කරයි. ඒ ආදරයට ජාති, කුල මල බේදයක් නැත. ඒ වචනත් මැෂිම මෙන්ම වේගවත් ය. ඇඳුමක අවසන රේන්ද වැලකින් අලංකාරවන්නා සේ සෑම කතා වැලක් අවසානයේම සිනාවැලක් ද […]
ශාලික විමලසේන නීතීඥවරයෙකු, ප්‍රජාතාන්ත්‍රීය අයිතිවාසිකම් දිනාගැනීමේ ජනතා සටන්වල නියමුවෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වර්තමානයේදී තොරතුරු කොමිසමේ සාමාජිකයෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් සිය කාලය යොදවමින් සිටී. එස්.ජී. පුංචිහේවා වත්මන් සමාජ ඛේදවාචක පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරයි. දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, ආයෙමත්
මංගලනාත් ලියනාරච්චි එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාව පළුදු කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් සිදු කෙරෙන වැඩපිළිවෙළක වුවමනාව අද වෙනදාටත් වඩා දැඩි ව දැනෙන්නකි. එවන් වැඩපිළිවෙළක් මුස්ලිම් ජනයා අතරින් ම ඉස්මතු වන්නේ නම් එහි අගය […]
මෙලනි මානෙල් පෙරේරා පාස්කු ඉරිදා ඛේදවාචකයේ සැබෑ තත්ත්වය සහ එහි ආරම්භය හෝ විකාශනය ගැන නිවරැදි වැටහීමකින් තොරව සමස්ත මුස්ලිම් සමාජයම අපරාධකාරයින් සේ හංවඩු ගසන්නට අති බහුතර ශරීොරව ලාංකීකයින් පෙලැඹීම සමාජයක් ලෙස අප කෙතරම් පසුගාමී බවත් වෙත තල්ලූ තර තිබේදැයි යන්නට නිදසුන් සපයයි. තිස් වසරක යුද ගැටුමකින් අනතුරුව, නොහොඳ නෝක්කඩු සමනය කර ගනිමින් ජනතා සිත් සතන් […]
උපුල් තම්මිට පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමඟ ශ්‍රී ලාංකික සමාජය වෙනස්ම වූ අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නේ ය. එහි අනිටු පල විපාකවලින් පන්නරය ලත් වර්ගවාදීහු මිනිසුන් කලා පෙළන්නට එය ම අවියක් කොට ගත්හ. මේ අනර්ථකාරී බව සමාජයෙන් දුරැලීමට අප සතු ඉදිරි වගකීම් කෙබඳු ද? මේ ඒ ගැන වන විමසුමකි. හැඟීමට […]
ලසන්ත ද සිල්වා පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ වර්ගවාදී ආකල්ප, දේශපාලන උසිගැන්වීම් සමඟ පුපුරා හැළිණි. අවසන සිදු වූයේ ජූලියට පෙරාතුව කළු මැයි මාසයක් ද ලාංකීය ඉතිහාසයේ අලුතින් සටහන් වීම ය. ඉතිහාසය පුනරුච්චාරණය වීම යළිදු වරක් නොවන්නටනම් ‘කළ යුත්තේ කුමක් ද?‘ යන්න ගැන සංවේදී මිනිසුන් තිදෙනකු දැක් වූ අදහස් සමුදායයකි මේ. මේ වෙනකොට […]
හිරාන් ප්‍රියංකර ජයසිංහ ජීවිතයක අගය ජාතිය අනුව අඩු වැඩි නොවන බව අප උගෙන ඇති දහමින් කියා දෙන පාඩම ය. ඒ පාඩම යළිත් වරක් ලෝකයට කියා දෙන්නට තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ සුජීවනී චන්දිමා දැරූ වෑයම බොහෝ දෙනා ගේ මුවග රැව් දෙන කතාවක් බවට අද පත් ව ඇත්තේ මේ සනාතන සත්‍යය එදා මෙන් ම අදටත් එක සේ වලංගු […]
ලසන්ත ද සිල්වා දකුණේ හකුරු කුලය ලෙස පීඩනයට හා අවඥාවට භාජනය කර ඇති පිරිස මෙන්ම උතුරේද තල් රා කර්මාන්තයේ නියුක්ත පල්ළරන් කුලයේ ජනයා අඩු කුලයක් ලෙස සැලකුම් ලැබීමේ අවඥාවට හා අමානුෂික වේදනාවට ගොදුරුව සිටිති. “අපි තල් සංවර්ධන සමූපකාර සමිතියේ ශාඛාවක්. දැන් අවුරුදු දහයක විතර ඉඳලා රා බෝතල් කරනවට අමතර හකුරු හදන්න පටන් ගත්තා. අපේ සමිතියට […]














