සහන් බස්නායක මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක, සමස්ත මුහුදු කලාපයම පාළුවට ගොස් ඇත . වෙනදා සිංහල, දෙමළ බෞද්ධ, කතෝලික ජනතාවගේ සංහිඳියාවේ පාරාදීසයක්ව පවතී. වෙරළ තීරයේ අද ඇසෙන්නේ අඳෝනාවකි. මත්ස්‍ය සම්පත බහුල කලාපයක, වෙනදා විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන කාලයක,
මංගලනාත් ලියනාරච්චි මුස්ලිම්වරුන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ ප්‍රකටව ඇත්තේ,ශූර ව්‍යාපාරික හැකියාවන්ගෙන් සපිරි පිරිසක් ලෙසිනි. ඒ ශූර හැකියාව ඇතමෙකුට වෙනත් ආකාරයකින් පෙනුණ ද, ව්‍යාපාර ලෝකයේ ඔවුන්ගේ ධනාත්මක චින්තනයට අලගු තබන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත. එබඳු වටපිටාවක කලදුටු කල වල ඉස ගැනීමට කටයුතු නොකළ මුස්ලිම් ජාතික මැහුම් ශිල්පියෙකු ලෙස ත්‍රීකුණාමලය සෝනන් වාඩියේ, මොඩර්න්
විමුක්ති කරුණාරත්න සහ කේ. එම්. රසූල් වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් ය. රජය විසින් ප්‍රදානය කරන ලද ඉඩම්වල ඔවුන් තම ජීවිත ගොඩනගාගත් අතර, මෑත කාලයේ පදිංචි වූ දෙමළ පවුලක් හැරුණ විට මෙම ප්‍රදේශය බෞද්ධ හා කතෝලික ධීවර පවුල්වලින් සමන්විත වේ. වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් 90 දශකයේ මැදභාගයේ සිට පැවතෙන්නන් […]
ලසන්ත ද සිල්වා දෙකෝටි විසි ලක්ෂයක් ජනයාගේ ජීවිත මාරක ව්‍යයසනයකින් මුදා ගැනීම උදෙසා ඇඳිරිනීතිය පැනවීමේ සිට බොහෝ සීමා කිරීම් සිදුකරන්නට ශ්‍රී ලංකා රජයට සිදුව තිබේ. අගනුවර ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජනයාට මේ සීමා කිරීම් බරපතල ලෙස දැනෙමින් තිබියදී තවමත් කිසියම් බවභෝගයක්, ආහාරයක් එකිනෙකා අතර හුවමාරු කරගැනීමට අවස්ථාව තිබියදී පවා ග්‍රාමීය ජනයාටත් එතරම්ම සැහැල්ලුවක් නොදැනේ. දොරකඩ
ශාලික විමලසේන ජාතිබේද ඇතුළු මිනිසුන් අතර වන ගෝත්‍රික බෙදීම් තවදුරටත් වලංගු නොවන බව නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය තහවුරු කරමින් සිටී. මිනිසා ඇතුළු මහ පොළොවේ පැවැත්ම වෙනුවෙන් මේ මොහොතේ කළ යුත්තේ කුමක්ද යන්න සහ කොවිඩ්-19 වෛරසයෙන් අපට පැහැදිලි කර දෙන පාඩම කුමක්ද යන්න තවදුරටත් අපට නොසලකා හැරිය නොහැකි කාරණා බව වල්පොල රාහුල ආයතනයේ අධ්‍යක්ෂ, කැලණිය […]
මෙලනි මානෙල් පෙරේරා රජය ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් විටින් විට සමාජගත කරන නිරෝධායන රෙගුලාසි නිසි ලෙස පිළිපැදීමෙන් ලබා දෙන ”එකමුතු සහයෝගය”මඟින් කොවිඞ්-19 අභියෝගය ජයගත හැකි බව කතෝලික, කිතුනු, හින්දු සහ ඉස්ලාම් ආගමික නායකයෝ සිය අනුගාමිකයින්ගේ අවධානයට ලක් කරති. චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය අද වන විට ලෝකයේ රටවල් සහ […]
ඒ. එම්. ෆායිස් බහු සංස්කෘතික ප්‍රජාවක් ජීවත් වන ස්ථානයක් වශයෙන් එකිනෙකා ගැන හොඳින් දැන ගැනීම වැරැද්දක් නැහැ. සියලු දෙනා එය කළ යුතුයි. මෙසේ පවසන්නේ රූපවාහිනියෙන් විශාල ප්‍රමාණයක් හඳුනාගනු ලැබූ නිළියක වන නිරංජනී ශන්මුගරාජා ය. මෑතකදී එළි දක්වන ලද සැලකියයුතු දර්ශන ප්‍රමාණයක් දෙමලෙන් අඩංගු වන සුනාමි චිත්‍රපටියෙහි ප්‍රධාන චරිතයක් ඇය රඟපායි. සුනාමි චිත්‍රපටය නිෂ්පාදනය හා
වෛරමුත්තු තුෂාන්තන් ළමයින් පාසල් නොපැමිණීමට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. නමුත් අදින්න කමිසයක් නැතිව පාසල් නොයන ළමුන් රාශියක් ඉන්නවා. වැහි කාලයේදි තෙත්වුණු රෙදි පහසුවෙන් වේලෙන්නෙ නැහැ. සමහර සිසුන් තෙත ඇඳුම් ඇඳගෙන ඉස්කෝලේ ආවම පාසලේ ඩෙස් පුටුවල එකතුවෙලා තියෙන දූවිලි ලේසියෙන් ඇලෙනවා. එවිට ඒ කමිසෙ කිලුටු කරගෙන එනවා කියලා දෙමව්පියන් චෝදනා කරනවා. “මොකක්ද ඒ කමලම් අක්කා”
සරත් මනුල වික්‍රම මොහොමඩ් ෆායිස් මුකුණු ඔය නිසොල්මනේ ගලාබසී. ඒ අසබඩ ජන ශූණ්යබ වූ පුරාණ ගම්මානය දැන් අලුත් වී ඇත. ගම මැදින් අද කාපට් මාර්ගය,විදුලිය හා නළ ජලය පවා විහිදී යයි. නිවාස ද අලුත්වී ඇත. නැත්තේ ගමේ එදා තිබූ සිරියාව ය. ඇත්තේ ණය බර ය. ගමේ හැටඅට දෙනකු ම සැතපෙන්නේ කැබිතිගොල්ලෑව බොරලු කන්දේ ය. ඒ […]
ගයාන් යද්දෙහිගේ කච්චතිව් ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පූජාවට සහභාගී වන්නට එහි එන ජනයා සැරසෙන්නේ ජාති හා ආගම් බේද සලකුණු කරන මායිම් රේඛා සියල්ල මකා දමමිනි. ඒ අතර කතෝලිකයින් පමණක් නොව බෞද්ධ හා හින්දු භක්තිකයෝ ද සිටිති. මේසා විශාල කතාවක් කියාදී තවත් වසරක් පුරාවට කච්චතිව් නින්දට යන්නේ වර්ගභේදවාදී නින්දෙන් අවදි වන්නට අපට කාලය එළැඹ ඇති බව […]














