ධනුෂ්ක සිල්වා යුධ බලපෑම් හි ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන ලිංගික සේවනය යන මාතෘකාවන් මත, කැළඹිලි සහගත වූ සාක්ෂි “මධූ” නම් ප්‍රදේශයේ පිහිටි ගමකින් වාර්තා වන අතර පවුලේ පිරිමි සාමාජිකයන් අඩුකම හෝ ආදායමක් නොමැතිකමේ ප්‍රතිඵල වශයෙන්, සරලව සඳහන් කරන්නේ නම් මෙම කාන්තාවන්ට පැවැත්ම සඳහා වෙනත් ක්‍රමයක් නොමැති
නෙවිල් උදිත වීරසිංහ 2009 ලංකාවේ පැවති සිවිල් යුද්ධය අවසන්වන තෙක් සිංහල අන්තවාදී කොටස් විසින් සිංහල සමාජය තුළ නිර්මාණය කෙරුනු අනෙකා නැතිනම් සතුරා වූයේ දෙමළ ජනයාය. යුද්ධය අවසන්වීමත් සමග සිංහල අන්තවාදීන් විසින් නිර්මාණය කෙරුනු අනෙකාද ඔවුන්ට අහිමි විය. 2009 යුද්ධය අවසන්වී වසර කිහිපයක් ගතවනවාත් සමග සිංහල අන්තවාදී පිරිස් විසින් නව අනෙනෙකු නැතිනම් සතුරෙකු
සදලි අමායා මේ දවස්වල වැඩිම කතාබහ ඇත්තේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පිළිබදවයි. සමාජයේ මිනිසුන් බොහෝ දෙනා මේ වෛරසයෙන් වැලකී තමන්ගේ ජීවිතය රැක ගන්න නොයෙක් විදි උපක්‍රම යොදා තිබෙනවා. මේ අතරේ වැඩිපුර කතාවට ලක් නොවන කාරණයක් තමයි පශ්චාත් මරණ පරික්ෂණ. මේ ඔස්සේ සමාජයට ඇතැම් පුද්ගලයන්ට වෛරසය ආසාදනය වනු ඇත්ද යන්න තරමක ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් මහනුවර […]
ගෞරි මහා ජනතාවගේ චින්තනය සම්බන්ධයෙන් මාධ්‍යයන්ගේ කාර්යභාරය අති විශාලය. මහජන මතය හැඩගැසීමේ බලය මාධ්‍ය සතුය. මාධ්‍යවලට නිසි මග පෙන්වන්නේ නම්, මාධ්‍ය විසින් ජනතාවට නිසි මග පෙන්වනු ඇත. මූලික ආචාරධාර්මික මාර්ගෝපදේශ සකසමින් පවත්වාගැනීම මාධ්‍යවල වගකීමකි. වගවීම ද තවත් මාධ්‍ය වගකීමකි. බහු සංස්කෘතික රටක වාර්තාකරනයේදී මාධ්‍ය විසින් බහුත්වවාදය පිළිගත යුතුය.
එම් . බී . මොහොමඩ් ‘ව්‍යාජ පුවත්’ වර්තමානයේදී ලෝකය මුහුණ දෙන ලොකුම ප්‍රශ්න අතරින් එකකි වැරදි තොරතුරු පිළිබඳ. ඇමරිකානු පර්යේෂකයකු වන ක්ලෙයාර් වෝඩ්ලි විසින් පෙන්වා දෙන ලද පරිදි ව්‍යාජ පුවත් විසින් නව ලෝක රටාවක් නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවට ද මෙම තත්වයෙන් මිදී සිටින්නට හැකියාවක් නැත. ‘We are social’ සංවිධානය පවසන පරිදි, 2020 ජනවාරි සංඛ්‍යාලේඛන […]
“කුටුම්භ හිංසනය තුළින්, බලහත්කාරය නිවැරදි බව නිවසේදී දරුවන්ට උගන්වන්නේ නම් අප ලෝකයේ අර්බුදයන් බලහත්කාරය තුළින් විසඳීමට ඇතිවන නිෂ්ඵල අවේගය සුව කිරීමට බලාපොරොත්තු වන්නේ කෙසේද? ” ඇමරිකානු කතුවරියක හා ක්‍රියාකාරිණියක වන ලෙටි කෝටින් පොග්‍රෙබින් ප්‍රශ්න කරයි. මෙම ලිපිය තුලින් අප ආමණ්ත්‍රණය කරනු බලන්නේ අප විසින් නිතරම සඟවා අමතක කිරීමට බලන බරපතල කරුණක් පිළිබඳව බව, පාඨකයාට දන්වා
අසංක අබේරත්න විවිධ ආගම් අදහන ප්‍රජාවන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වේ. මෙවැනි තත්ත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප්‍රමුකත්වය ලබාදී තිබීම නිසා රජය අයි.සී.සී.පී.ආර් කොන්දේසි ව්‍යවස්ථාව තුළම උල්ලංඝණය කර තිබේ. එමෙන්ම අයිතිවාසිකම් අන්තර්ගත ලියවිලි වල ‘කැමති ආගමක් ඇඳහීම’ පුද්ගල අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබුණද කිසිදු ආගමක් අදහන්නේ නැතිව සිටීමට තිබෙන නිදහස හෝ අයිතිය
අසංක අබේරත්න මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙනස් වන තීරණාත්මක සාධකවලින් එකක් වන්නේ භාෂාවයි. සතුන්ද ඔවුනට ආවේණික ක්‍රම මගින් හැගීම් දැනීම් හුවමාරු කරගනී. එහෙත් වඩාත් ක්‍රමවත්ව භාෂාව හැසිරවීම අතින් මානවයා අනෙකුත් සත්වයන්ට වඩා දියුණුය. එකම භාෂාව තුළ පමණක් නොව විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් අදහස් හුවමාරු කර ගැනීමට හැකියාව සහ ඊට සරිලන සන්නිවේදන ක්‍රම මානවයා සතුය. සන්නිවේදනය හරහා අදහස්
කමන්ති වික්‍රමසිංහ දෙදහස් විසි එක වසරේ පෙබරවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවට ජයග්‍රාහී වසරක් සේ පෙනී ගියේය. ඒ වර්තමානයේ අපෙන් බොහෝ ඈතට ගිය සිහිනයක් බඳු වූ ක්‍රිකට් ක්‍රීඩාවෙන් අප ජයගත් නිසා නොවේ, ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් සම්මානනීය ලේඛක සහ ග්‍රන්ථ කර්තෘ ශක්තික සත්කුමාරට එරෙහි චෝදනා අතහැරීම නිසාය. පළමුව හුදෙකලා අයුරින් ද පසුව සත්‍ය වශයෙන්ම ඔහු […]
භාවනා මෝහන් නව රජය බලයට පත්වූ දා සිට ශ්‍රී ලංකාවේ මිලිටරීකරණයේ වේගවත් ව්‍යාප්තියක් දකින්නට ලැබේ. එය මෙරට අන්තර්ජාල, සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානයට පාත්‍රව තිබේ. මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා යෝජනා කළේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට විනයගරුක සමාජයක් සහතික කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි හමුදා පුහුණුව ලබා දෙන ලෙසයි. […]