පාර්තිපන් ඓතිහාසික පෞරාණිකත්වය සහ ස්වාභාවික චමත්කාරයන් නිසා බොහෝ දෙනා අතර ගෞරවාදරයට පාත්‍ර වූ යාපනයේ වලිකාමම් ප්‍රදේශය මෑතක සිට මතභේදයට තුඩු දුන් බිමක් බවට පත්ව ඇත. වලිකාමම්හි පිහිටි නිලාවරෙයි යනු ශ්‍රී ලංකාවේ දකුණු දිග බොහෝ දෙනා ඇතුළු සංචාරකයන් ඇද ගන්නා යාපනයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානයකි.
ටී. මතියලකන් ශ්‍රී ලංකාව තුළ වැඩිහිටියන් – එනම් වයස අවුරුදු 60 ඉක්ම වූ ජනගහනයෙන් සියයට 20ක් වන පිරිස – වෙනුවෙන් රෝහල් නොමැති වීම අතිශය බරපතළ ගැටලුවකි. වර්තමානයේ උතුරේ ප්‍රථම වතාවට වැඩිහිටි රෝහලක් පිහිටුවීම වෙනුවෙන් හදිසි කැඳවීමක් කර ඇති අතර එය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ඉක්මනින් ඉටු කළ යුතු අවශ්‍යතාවක් ලෙස ද සැලකේ. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය […]
ෂබීර් මොහොමඩ් සහ හර්ෂණ තුෂාර සිල්වා මෑතක දී ගින්නෙන් විනාශයට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් පිළිබඳව සඳහන් කිරීමේ දී, ලංකාවේ සාගර පරිසරය විනාශකිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් පළකළ “ප්‍රවීනයන්ගේ මතයන්” නොයෙක් පරස්පරතාවයන්ගෙන් යුතු වේ. මේ පිළිබඳ බොහෝ නොමඟ යවන සුළු සහ මතභේදාත්මක පුවත්, ශාස්ත්‍රඥයන් සහ විද්‍යාඥයන් ඇතුළු බොහෝදෙනා විසින් පළකළහ. ඇතැම් අදහස්වලින් පැහැදිලි
ජීවා සතාසිවම් මිනිසාගේ විශිෂ්ටතම සොයා ගැනීම ගින්දරයි! ඒ ගින්දර ඔහුගේ පාලනය යටතේ පවතින තාක් බොහෝ වාසි ගෙනෙනු ඇත. පාලනයෙන් මිදුණු කල එය බොහෝ අවදානම් කරා මෙහෙයවෙනු ඇත. ගිනි අනතුරු ලෙස පැවසුවද එය සැබැවින්ම ගිනි උවදුරකි. පැල්පත්වල සිට මහ මැදුරු දක්වා සියල්ල විනාශ කළ ගිනි ගැනීම් සම්බන්ධ සිදුවීම් බොහෝය. ගින්දරට සමාජ තත්ත්වයේ වෙනසක් නැත. විශාල නිවාස […]
අසංක අබේරත්න මාධ්‍යයෙන් අපට දැනගන්නට ලැබෙන සංඛ්‍යා දත්ත ගැන පමණක් සිතා බැලුවත් කොවිඩ් ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාව ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළය. සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් පහසුවෙන්ම වෛරසයට ගොදුරුවීම වසංගත පාලනය සෞඛ්‍ය අංශවලින් ගිලිහීමට මූලිකවම බලපායි. එය ඉතාමත් අන්තරාදායක වේ- සෞඛ්‍ය යනු අත්‍යවශ්‍ය සේවාවක් සේම අනුලංඝණීය මානව අයිතිවාසිකමක්ද වේ- මෙහිදී වැදගත් ප්‍රශ්නයක් වෙත
ආර්.භාරතී එම ඛේදනීය සිදුවීම සිදුවූයේ, 2006 වර්ෂයේ අගෝස්තු මස 29 වන දින අලුයම් කාලයේදී ය. උදෑසන 7.00 ට පමණ දුරකතනයෙන් මා ඇමතූ මාධ්‍යවේදී මිත්‍රයෙකු විසින් අදාළ සිද්ධිය මා වෙත පවසන ලදී. එම ප්‍රවෘත්තිය වූයේ ‘සූරියන් එෆ්එම් ප්රවෘත්ති කළමනාකරු නඩරාජා ගුරුබරන් පැහැරගෙන ගොස් ඇති’ බවයි. සුපුරුදු පරිදි හිමිදිරි උදෑසන කාර්යාලය වෙත සිය වාහනයෙන් පිටත් වූ ගුරුබරන් […]
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ප්රජාතන්ත්රවාදී රජයක සුවිශේෂී අංගයක් වන්නේ එම රජයේ ඇති සුපිලිපන්භාවය යි. එම සුපිලිපන්භාවය කොතරම්දුරට ක්‍රියාත්මක වන්නේද යන්න මනා ලෙස පෙනෙන්නේ එම රජයේ ඇති පොදු අධිකාරීන් ක්‍රියාකරන ආකාරයෙනි. එහිදී පැහැදිළිව පෙනෙන දෙයක් වන්නේ රටේ පුරවැසියන්ට පහසුවෙන් එම පොදු අධිකාරින්හි ඇති තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව තිබීමයි. එය ජනතාවට වග කියන,වගවන රජයක
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි ලංකාවේ පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා 2014 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුලදී පමණක් රුපියල් කෝටි 72ක (මිලියන 722)අලි වෙඩි ලබාදී තිබෙන බව තොරතුරු දැනගැනීමේ පනත මගින් වනජීවී දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු මගින් අනාවරණය වේ.මේසා විශාල මුදලක් වැයකර ඉන් ලැබි ඇති ප්‍රතිපලය කුමක්දැයි විමසා බැලිය යුතු යි. අලි මිනිස් ගැටුම […]
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ බොහෝ රටවල් තුල ආර්ථික තත්වය කඩා වැටෙමින් තිබේ. එවන් පසුබිමක එම වසංගත තත්වයට මුහණදීම බැරෑරුම් කාරණයක් වූ අතර එය තුන්වන ලෝකයේ දියුණුවෙමින් පවතින රටවල් සඳහා දැඩිසේ දැනෙන්නට විය. ඒ හේතුවෙන් එම රටවල් තුල රජයට තම රටේ පුරවැසියන්ගෙන් මෙන්ම විදේශීය වශයෙන් විවිධ ආධාර උපකාර ලබාගැනීමට අවශ්‍ය විය. […]
සී ජේ අමරතුංග ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ දිය යුතු ද, යන ප්රශ්නය ද විවාදාත්මක ය. ඇතැම් රටවල් ඒ සඳහා තහංචි පනවා නැත. කෙසේ වෙතත්, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හෝ ජනාධිපති වීම හෝ සඳහා ඉඩ නොදිය යුතු බවට ද ප්‍රබල මතයක් ඇත. එයට හේතුව නම් යම් අවස්ථාවක ලැදියාවන්ගේ ගැටුමක් ඇතිවිය හැකිය යන ප්රශ්නය යි. එනම්, […]