සමාජ

ඉෂාලිනීගේ සිරුර සමඟ වැලළිය නොහැකි කඳුකර දමිළ වහල් සේවයේ ඛේදවාචකය

ජීවා සතාසිවම් හැටන්, ඩයගම ප්‍රදේශයේ විසූ ඉෂාලිනීගේ මරණය, 2021 ජුනි මස පටන් ලංකාවේ වඩාත් කතාබහට ලක් වූ සිදුවීම්වලින් එකකි. සිවිල් සමාජයෙන් ලද ප්‍රතිචාරය, ඇගේ මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ප්‍රකාශන මඟින් පැහැදිලි විය. මෙම ප්‍රතිචාරයන් ඔස්සේ, ළමුන් සේවයේ යෙදවීම ප්‍රශ්න කරමින් ඒ වටා සමාජ සංවාදයක් ගොඩනැගුණි. වෙබ්-අඩවි සහ සමාජ මාධ්‍ය යන ද්විත්වය හරහාම […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

නිරෝධායන නීතිය හමුවේ භාෂණයේ නිදහස

කමණී හෙට්ටිආරච්චි පසුගිය දිනවල කොළඹ ඇතුලු දිවයිනේ නොයෙක් ස්ථානවල පැවති උද්ඝෝෂණ ගණනාවක දී නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත පොලීසිය විසින් උද්ඝෝෂකයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරිණ. ඒ අතරින් තවත් පිරිසක් (32දෙනෙකු) නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස්  නිරෝධායනයට ලක් කර  පසුව මුදාහරිනු ලැබිය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ
සමාජ

කොරෝනා ජීවිකාව ආක්‍රමණය කළ නාදස්වරම් කලා ශිල්පින්ගේ දුක්ගැනවිල්ල

පී. සන්තනේස්වරන් යාපනයේ තාවඩි හි ඉතා ප්‍රසිද්ධ සංගීතඥයෙකු වන නතාස්වරම් වාදනයෙ හි යෙදෙන මුතුසාමි සිවලිංගම්, ඔහුගේ ඛේදාන්තය විස්තර කරයි: “මම නතාස්වරම් වාදනය කරන්න පටන්ගත්තේ අවුරුදු 12 දි. පසුගිය වසර 50 තුළ මම නියැලුනේ මේ වෘත්තියේ. මට, අවතැන්වීමේ සහ අනෙකුත් කෝලාහලවල අත්දැකීම් තියෙනවා. නමුත්, ඒ කිසිවකින් කොරෝනාවලින් තරම් බලපෑමක් සිදුකළේ නෑ.”  “මෙය හැරෙන්නට වෙනත් රැකියාවක්
තොරතුරු දැනගැනීමේ අයිතිය

නෙළුම් කුලුන තවමත් විවෘත නොකළේ ඇයි ?

කේ. ප්‍රසන්න දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන නෙළුම් කුලුන ඇමරිකානු ඩොලර් මිලියන 104ක වියදමින් ඉදිකර ඇති අතර මේ වන විට එහි කිසිදු වැඩකටයුත්තක් සිදු වන්නේ නැත. කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතෙහි පිහිටා ඇති නෙළුම් කුලුනෙහි උස මීටර් 350කි. 2015 වර්ෂය වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වන බව පැවසුවද ඒවා වචනවලට සීමාවි ඇත. නරඹන්නන්ටද […]
ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

කාන්තාවන් : ශ්‍රී ලංකාවේ පීතෘමූලික ප්‍රහේලිකාවේ අපූර්ව කොටස

කමන්ති වික්‍රමසිංහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රවෘත්ති ශීර්ෂපාඨ මැවූ 1960 දී, එය බොහෝදෙනාගේ ව්‍යාකූලත්වයට හේතු වන අනපේක්ෂිත සමාජීය ක්‍රියාරම්භයක් විය. කාන්තාවන් දේශපාලනයෙහිලා අසමත් යැයි සිතූ බොහෝ දෙනාට (වැඩිවශයෙන් පුරුෂයන්) වරදකාරී හැඟීමක් ඇති වන්නට ඇත. තර්ජනයක් වන්නට ඇත.  එවැනි ප්‍රගතිශීලී පියවරක් මඟින්, තීරණ ගැනීමේ මට්ටමේදී කාන්තා
සමාජ

සයිබර් අවකාශයේ හිංසනයට ලක්වන කාන්තාව සහ යුක්තිය

එරංගා මාපටුන අන්තර්ජාලය, ජංගම දුරකථන, කෘත්‍රිම බුද්ධිය, රොබෝ විද්‍යාව සහ පුනර්ජනනීය බලශක්තිය විසි එක්වන සියවසෙහි  වඩාත්ම කතිකාවට ලක් වූ සුවිශේෂිත මාතෘකාවන් අතුරින් කිහිපයකි​. ඉන් නොනැවතී, අනපේක්‍ෂිත ලෙසින්, වර්තමානයේ කොවිඩ් 19 වසංගතය පැමිණීමත් සමඟ මෙකී කරුණු මානව  සමාජයේ නව්‍ය​ ගාමක බලවේග බවට පත් ව ඇති බව නොරහසකි. වෙසෙසින්, වසංගතය හේතුවෙන් සමාජ දුරස්ථභාවය සහ සමාජ
විනිවිදභාවය

ඡන්දදායකයන්ට අල්ලස් දුන්නොත් තනතුර අහිමි වන අධිකරණ තීන්දුව

සී ජේ අමරතුංග  සුළු සිදුවීමක් ලෙස පෙනුනත් ඉතා වැදගත් නඩු තීන්දුවක් පසුගිය දා ප්‍රකාශයට පත් වී ය. තීන්දුව දුන්නේ මොනරාගල මහාධිකරණය යි. නඩුවේ නිමිත්ත වුයේ අපේක්ෂකයකු විසින් පළාත් පාලන ආයතනයේ නියෝජිතයකු ලෙස පත්වීමට සිය ඡන්ද දායකයන්ට අල්ලස් දුන් බවට චෝදනා නැගී තිබීම යි. මෙරට මැතිවරණ නීතියට අනුව ඡන්ද දායකයන්ට අල්ලස් දීම වරදක් වුව ද, එය […]