සජීව විජේවීර ” අපිත් මිනිස්සු, අපේ ඇඟේ දුවන ලේත් රතු පාටයි. ඒත් ආණ්ඩුවෙන් ම අපිව කොන් කරනවා. අපේ උප්පැන්න සහතිකේවත් අපිට හරියට දෙන්නේ නැහැ. අපි ශ්‍රී ලාංකිකයෝ. නමුත් අපි ඇවිත් ඉන්නේ ඉන්දියාවෙන්ලු. අපි අහිගුණ්ඨිකයෝලු. මෙහෙම කියලා අපිව කොන් කරනවා. අපි ජාතියක් ජන්මයක් නැති මිනිස්සු වෙලා. අපේ
ලසන්ත ද සිල්වා මේ වසංගත සමයේ තීව්‍ර වූ සාමාන්‍ය ජනයාගේ අසතුටේ කතාවලින් ස්වල්පයකි. ඒ අසතුටට එරෙහිව ආචාර්ය ලියනගේ අමරකීර්ති පෙන්වා දෙන ආකාරයට සතුට සොයන ඔවුන් විහිලුවට ගන්නා මාධ්‍ය තවත් පිරිසක් වෙනුවෙන් විනෝද සුඛ සම්පාදනය කරයි. අවාසනාව වන්නේ වැරදි සොයන ඔවුන්ට අසතුටේ හේතුව හෝ අසතුට නොපෙනීමයි. සුප්‍රකට ගත් කතුවර සහ විශ්ව විද්‍යාල ආචාර්ය ලියනගේ අමරකීර්ති එළි […]
ජයසිරි පේදුරුආරච්චි බලය, ධනය මෙන්ම ආගම දහම ද වෙනුවෙන් වෙනස්වු මත දරමින් සමාජයේ යහපත වෙනුවට අයහපත ගෙනදෙන ඇතැම් පුද්ගලයින් හා පිරිස් හමුවේ පුංචි ෆුහයිම් සමාජ හා ආගමික සංහිඳියාව වෙනුවෙන් ගෙන එන පාඩම වචනයෙන් විස්තර කළ නොහැකි තරම් ය. ආලින්දයේ සෝපානයට බරදුන් මහමුද් ෆුහයිම් ජනෙල් කවුළුවෙන් අහස දෙස බලා කල්පනා කරන්නට විය. කෑමට පවා උනන්ඳු නොවී […]
සරත් මනුල වික්‍රම උතුරුමද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඝාතනය කළ අවස්ථාවේ මිය ගිය හා බරපතල ආබාධයන් ට ලක්වූ අනෙක් පිරිසට වසර එකොලහක් තිස්සේ නොලැබුණු වන්දි ඉල්ලා යළිත් අරගල කරති. මෙම බෝම්බ ප්‍රහාරයේ දි පලාතේ කීර්තිමත් සිංහල යුවළක්,දෙමළ යුවළක් හා මුස්ලිම් යුවලක් එකවර මිය ගියේ ය. හානි පූර්ණය සංහිඳියාවේ එක් […]
ගෝරි මහ බලය විසින් විවෘත කරන ලද ඉතිහාසය පිළිබඳ ලියැවුණු කතාන්තර කියවීමට අප පුරුදු වී සිටි අතර මතක සංරක්ෂණය යන නමින් වන පොත අපට සත්‍ය අත්දැකීම් ඔස්සේ අතීතය දෙස බැලීමට අවකාශ විවර කරනු ලබයි. 2018 දක්වා ඉතිහාසගත කතාන්තර ඉදිරිපත් කරන මෙම කෘතියෙන් නිදහසට පසු වසර 70ක ඉතිහාසය හා සමෘද්ධිමත් බව වාර්තා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ […]
ටුසන්තන් වයිරමුතු-කේ.එම්.රාසුල් ආගම යනු ජීවත් වන ආකාරයකි. නමුත් මිනිසා නිර්මාණය වූයේ ආගම් සඳහා පමණක්ය යන්න සිතීම මගින් විවිධ අර්බුදයක් නිර්මාණය කරනු ලබයි. මෙලෙස ප්‍රකාශ කරන්නේ විශ්‍රාමික විදුහල්පතිවරයකු හා නුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හින්දු කටයුතු අධ්‍යක්ෂ වන 71 හැවිරිදි මුතුකරුපන් සම්බන්ධන් ය. ඔහු උපතින් හින්දු වූ අතර වයස අවුරුදු තිස් එකේදි මුස්ලිම් කාන්තාවක් සමග
ශාලික විමලසේන මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), Mal-information (යම් තොරතුරක් සත්‍ය වුවත්, එය පළකිරීමෙන් සමාජයට, පුද්ගලයන්ට හානියක් වන තොරතුරු) ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම කොවිඩ් 19 වැනි වසංගත තත්ත්වයකදී මේ අතරින් තුන්වැනි කරුණ, සත්‍ය වුවත් එය පළකිරීමෙන් සිදුවන යහපත හෝ හානිය ගැන පුළුල්ව සලකාබැලීම තීරණාත්මක කටයුත්තකි. එවැනි
ශාලික විමලසේන වෛරී ප්‍රකාශ පළ කිරීම සහ ඒ සඳහා අසත්‍ය පුවත් යොදාගැනීම සමාජ මාධ්‍ය ජාලාවල මෙන් ම ඇතැම්විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ ද ඇස ගැටෙන බරපතළ තත්ත්වයකි. සමාජ මාධ්‍ය භාවිතය හා සාක්ෂරතාව පිළිබඳ බරපතල. ගැටලු ඇති ලංකාව වැනි රටක, මේ තත්ත්වය පාලනය කිරීම අතිශය අසීරු කටයුත්තකි. මේ අසත්‍ය පුවත් Dis-information (අසත්‍ය තොරතුරු), Mis-information (වැරදි තොරතුරු), […]
සරත් මනුල වික්‍රම දුක සැප රිය සක මෙන් කරකැවේ. මේ රිය සක දිවිය පෙරළා දෙන දුක සැප වැනි ය. දුක මෙන් සැප ද බෙදාගෙන, එකිනෙකාට පිහිට වී බත්පත ද එකට බෙදාගෙන කන මේ සුමිතුරන් දෙදෙනා ද පාපැදියේ රෝද දෙක මෙනි. ඒ මොහිදීන් හා රාජා යන කාර්මික දෙපළ ය. අනුරාධපුර කඩ දොළහ ප්‍රදේශයේ යොවුන් නිකේතන මංසන්ධියේ […]
ශාලික විමලසේන ජනමාධ්‍යවේදියෙකු ලෙස මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍ර දෙකේම වසර ගණනාවක අත්දැකීම් ඇති විරංජන හේරත්, නීතිඥයෙකු ලෙස ද භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වන්නෙකි. වත්මන්කොරෝනා සන්දර්භය තුළ ජනමාධ්‍යයේ හැසිරීමත්, සමාජ මාධ්‍ය ජාලයන්ගේ ප්‍රතිචාරත්, ඒ සියල්ල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයත් සම්බන්ධයෙන් ඔහු පළ කළ අදහස් මේ