මෙලනි මානෙල් පෙරේරා අන්තවාදයට විසඳුම තවත් අන්තවාදයකින් උදාකර ගත නොහැකි අතර, විවේචනයට, සැක කිරීමට සහ පලිගැනීමට වඩා අවබෝධකර ගැනීම එහිදී වැදගත් ය. අන්තවාදි තර්ජන පරාජය කිරීමට සියලූම දෙනා එක් වී කටයුතු කිරීම කාලීන අවශ්‍යතාව බව කොළඹ, ඉස්ලාමීය දේවධර්ම ආචාර්ය, හෂිමි පදනමේ සභාපති සහ අන්තර් ආගමීක සාම
සරත් මනුල වික්‍රම චට චට නාදය සමඟ මැෂිමේ ඉඳිකටුව රෙදි පොටවල් දෙකක් වේගයෙන් එක්කරයි. එලෙස ම මුස්ලිම් යුවතියක වන ඕ, ආදරය දයාව පිරි සිංහල භාෂාවේ ළගන්නාසුලු වදනින් ගනුදෙනුකරුවන් ජාලයක් රැස්කරයි. ඒ ආදරයට ජාති, කුල මල බේදයක් නැත. ඒ වචනත් මැෂිම මෙන්ම වේගවත් ය. ඇඳුමක අවසන රේන්ද වැලකින් අලංකාරවන්නා සේ සෑම කතා වැලක් අවසානයේම සිනාවැලක් ද […]
ශාලික විමලසේන නීතීඥවරයෙකු, ප්රජාතාන්ත්රීය අයිතිවාසිකම් දිනාගැනීමේ ජනතා සටන්වල නියමුවෙකු ලෙස දශක ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වර්තමානයේදී තොරතුරු කොමිසමේ සාමාජිකයෙකු ලෙස ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කර ගැනීම වෙනුවෙන් සිය කාලය යොදවමින් සිටී. එස්.ජී. පුංචිහේවා වත්මන් සමාජ ඛේදවාචක පිළිබඳ මෙසේ සිය හඬ අවදි කරයි. දැවැන්ත ජීවිත විනාශ තුනකට මුහුණ දුන්නු අපි, ආයෙමත්
මංගලනාත් ලියනාරච්චි එදා මෙදාතුර සුරැකි සිංහල – මුස්ලිම් සබඳතා හා සුහදතාව පළුදු කළ හේතු කාරණා පිළිබඳ සිහිනුවණින් විමසා බලන්නටත්, එවැනි සිදුවීම් තවදුරටත් සිදුනොවනු පිණිස මුස්ලිම් ජනතාව පටු වර්ගවාදී ගොදුරු බවට පත්වීමෙන් වලක්වා ගනු සඳහාත් සිදු කෙරෙන වැඩපිළිවෙළක වුවමනාව අද වෙනදාටත් වඩා දැඩි ව දැනෙන්නකි. එවන් වැඩපිළිවෙළක් මුස්ලිම් ජනයා අතරින් ම ඉස්මතු වන්නේ නම් එහි අගය […]
මෙලනි මානෙල් පෙරේරා පාස්කු ඉරිදා ඛේදවාචකයේ සැබෑ තත්ත්වය සහ එහි ආරම්භය හෝ විකාශනය ගැන නිවරැදි වැටහීමකින් තොරව සමස්ත මුස්ලිම් සමාජයම අපරාධකාරයින් සේ හංවඩු ගසන්නට අති බහුතර ශරීොරව ලාංකීකයින් පෙලැඹීම සමාජයක් ලෙස අප කෙතරම් පසුගාමී බවත් වෙත තල්ලූ තර තිබේදැයි යන්නට නිදසුන් සපයයි. තිස් වසරක යුද ගැටුමකින් අනතුරුව, නොහොඳ නෝක්කඩු සමනය කර ගනිමින් ජනතා සිත් සතන් […]
උපුල් තම්මිට පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රහාරත් සමඟ ශ්‍රී ලාංකික සමාජය වෙනස්ම වූ අත්දැකීම් සමුදායකට මුහුණ දුන්නේ ය. එහි අනිටු පල විපාකවලින් පන්නරය ලත් වර්ගවාදීහු මිනිසුන් කලා පෙළන්නට එය ම අවියක් කොට ගත්හ. මේ අනර්ථකාරී බව සමාජයෙන් දුරැලීමට අප සතු ඉදිරි වගකීම් කෙබඳු ද? මේ ඒ ගැන වන විමසුමකි. හැඟීමට […]
ලසන්ත ද සිල්වා පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ කාලයක් තිස්සේ කැකෑරෙමින් තිබූ වර්ගවාදී ආකල්ප, දේශපාලන උසිගැන්වීම් සමඟ පුපුරා හැළිණි. අවසන සිදු වූයේ ජූලියට පෙරාතුව කළු මැයි මාසයක් ද ලාංකීය ඉතිහාසයේ අලුතින් සටහන් වීම ය. ඉතිහාසය පුනරුච්චාරණය වීම යළිදු වරක් නොවන්නටනම් ‘කළ යුත්තේ කුමක් ද?‘ යන්න ගැන සංවේදී මිනිසුන් තිදෙනකු දැක් වූ අදහස් සමුදායයකි මේ. මේ වෙනකොට […]
හිරාන් ප්‍රියංකර ජයසිංහ ජීවිතයක අගය ජාතිය අනුව අඩු වැඩි නොවන බව අප උගෙන ඇති දහමින් කියා දෙන පාඩම ය. ඒ පාඩම යළිත් වරක් ලෝකයට කියා දෙන්නට තුම්මෝදර මැල්ලකැලේ ජනපදයේ සුජීවනී චන්දිමා දැරූ වෑයම බොහෝ දෙනා ගේ මුවග රැව් දෙන කතාවක් බවට අද පත් ව ඇත්තේ මේ සනාතන සත්‍යය එදා මෙන් ම අදටත් එක සේ වලංගු […]
මංගලනාත් ලියනාරච්චි ජාති භේදයකින් තොරව එදා උතුරේ දරුවන්ට ශිල්ප බෙදු යාපනය සිංහල මහා විද්‍යාලයේ නටබුන් තුළ සැඟව ඇත්තේ, කලකට පෙර යාපා පටුනේ දිශානතිය වු සිංහල දෙමළ සංහිඳියාවයි. “කළු ජූලිය නිසා අපිට කොළඹ අතහැරලා යාපනේට එන්න වුණා.ඒ වෙන කොට මමයි,නංගිලා දෙන්නයි,මල්ලියි සිංහල මාධ්‍යෙයන් ඉගෙන ගත්තේ.ඒ වෙන කොට යාපනේ සිංහල මහ විද්‍යාලයේ ළමයි 800 විතර ඉගෙන ගත්තා…සිංහල […]
චන්දන තිලක් ද සිල්වා අතීතයේ සිට අද දක්වාම ගල්කඩපතන වැසියන් විවිධත්වයට මෙන්ම අන්‍යයන්ට ගරු කිරිමට පුරුදු පුහුණුව සිටිති. එයට අඩිතාලම වැටී ඇත්තේ ඔවුන් ශිල්ප හැදෑරූ විදු පියසිනි. “මම ඉස්කෝලෙ ගියේ සූරියගහපතනට. ඒක මිශ්‍ර පාසලක්. ඒ දවස්වල පහට විතරයි පන්ති තිබුණේ. සිංහල දෙමළ අපි ඔක්කොම ඒ ඉස්කොලේ එකට ඉගෙන ගත්තේ. සිංහල මාධ්‍ය ළමයින්ටත් දෙමළ මාධ්‍ය ළමයින්ටත් […]