Home Archive by category සමාජ (Page 13)
සමාජ

ගැටුම් මැඩ පැවැත්වීමට චින්තනයේ වෙනසක් සිදුකිරීම අත්‍යවශ්‍යයි

කුරිංචි පාර්තන් බහු-සංස්කෘතික ශ්‍රී ලංකා සමාජය තුළ ආගමික හා ජාතිවාදී පිඩනයන් ඇති වීම ඇතැම් ආගම් සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ඇති කරන බලපෑම කෙබඳුදැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී   මයිල්වාගනම් තිලගරාජ් මෙලෙස විමසා බලයි. බහුතරයක් ශ්‍රී ලාංකිකයන් බෞද්ධයන්,
සමාජ

ඉස්ලාම් ආගමික ඉගැන්වීම් පටුයි කියා දැකීම වරදක්

සරත් මනුල වික්‍රම මුස්ලිම් නීතිය වෙනස් විය යුතුයැයි ශ්රී. ලංකාවේ උණුසුම් කථිකාවතක් නිර්මාණය වී පවතින මෙවැනි වකවානුවක ‘මුස්ලිම් නීතියේ අත්පොත‘ සම්පාදනය කළ කරුණාරත්න හේරත් නීතිවේදියා ඒ ගැන දක්වන අදහස් සමුදායයකි මේ. ඔහු මුස්ලිම් සම්ප්‍රදාය හා නීතිය වෙනුවෙන් පෙනී සිටි  මුස්ලිම්  නොවන විශිෂ්ටයෙකි. ගත් කතුවරයෙකු, ප්‍රකට දේශකයෙකු මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු වීමටත් වඩා
සමාජ

අහිමිවීම්වල වේදනාව බේදයකින් තොරව හැමෝටම දැනෙනවා

ප්‍රියදර්ශිනී සිවරාජා එක් ප්‍රජාවක් පළිගැනීමේ චේතනාවෙන් සිදුකරන ක්‍රියා අවසානයේ සියලු ජනප්‍රජාවන්ට හානිදායකවන බව සමස්ත ප්‍රජාවම අවබෝධ කරගත යුතු ය. ජාතිවාදී වෛරය අවසන් කළ හැකිවන්නේ එබඳු අවබෝධ කරගැනීමකින් පමණක් යැයි පිටකොටුවේ ව්‍යාපාරික ෆර්හාන්ගේ මතය යි. මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ඇතැමුන් අතර ක්‍රියාත්මක වුව ද බුද්ධිමත් හා කරුණාවන්ත සිංහල හා දෙමළ
සමාජ

සංහිඳියාව ජයගත් අශෝකපුර වැසියෝ

උපුල් තම්මිට වාර්ගිකත්වය යනු එකිනෙකා පරයා ඉස්මතු වන්නට උපකාරී කර ගත හැක්කක් නොව සංහිඳියාව පතුරුවා ලීමට සුදුසු හොඳම අවියයි. අශෝකපුර වෙසෙන සිංහළ, දෙමළ ජනයා එයට හොඳම උදාහරණ සපයන්නෝ වෙති. “ජාතික සමගිය ඇතිවෙන්නනම් මිනිස්සු මිශ්‍ර සමාජයක ජීවත්වෙන්න ඕන.අපි අවුරුදු හතළිහක් විතර අ‍ශෝකපුර ජීවත්වෙනවා කිසිම ගැටුමක් නැතිව. ඒ අපි මිශ්‍රවෙලා ඉන්න නිසා “ .යි තවමත් මැදිවියේ පසුවන
සමාජ

ජාතියට වඩා වටින්නෙ මනුස්සකමයි විශ්වාසයයි

සරත් මනුල වික්‍රම දසක තුනක දේශපාලන අත්දැකීමෙන් මෙන්ම ව්‍යාපාරික අත්දැකීමෙන් ද පොහොසත් අන්සාර් ජීවිතයේ අප්‍රමාණ කඩාවැටීම් මැද විශ්වාසය තබා සිටින කණ්ඩායම් දෙකකි. එකක් සිංහල පාරිභෝගිකයා ය. අනෙක් කණ්ඩායම සිංහල ඡන්ද දායකයා ය.   සුවිසල් නගරයක් මධ්‍යයේ  මහා පෙනුමැති කඩ සාප්පුව ඉදිරිපිටට වී සිංහල පුවත්පතක් කියවන මුස්ලිම් මිනිසෙකි. අඩසියවසක් පරණ හෝරා යන්ත්‍රය වටරවුම මැද සිට
සමාජ

ජාතීන් අතර ගැටුම් සමනයට භාෂාව සතු බලය සුවිශාලයි

ගයාන් යද්දෙහිගේ සියලු ජාතීන් එකතු කිරීමේ ප්‍රමුඛ යාන්ත්‍රණය වන්නේ භාෂාවය. අද අප ජීවත් වන යුගය භාෂාවේ බලය භාවිත කළ යුතු හොඳම යුගයයි. එයට හේතුව වන්නේ මෙම යුගය මිනිසුන් එකිනෙකා ‍වෙන් කිරීමට දැඩිසේ උත්සාහ දරන යුගයක් වීමය. මේ ඒ සම්බන්ධව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ මිලින්ද මායාදුන්න දක්වන අදහස් ය. එකිනෙකා අතර අභිනයෙන් සන්නිවේදනය කටයුතු කළ මිනිසා පසුකාලීනව […]
සමාජ

ඉස්ලාමීය කඳුළ පිසදැමූ බෞද්ධ – කතෝලික සෙනෙහස

ජයසිරි පේදුරුආරච්චි “අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්යාොව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්රියාවකින් අපි මොනතරම් අමාරුවකද වැටුණෙ‘ මාතර මින්නතුල් ෆාසියියා අරාබි විද්යාලයේ ආචාර්ය එම්. හිසාම් අල්-පාසි මවුලවීතුමන් හිතට දැනුණු පීඩනය ඉහිල්කරගනිමින් පැවසුවේය. “අපි හරි සමගියෙන් සතුටින් සිටි මිනිස්සු. ඒත් මිත්‍යාව මත ළඟ බලන මිනිස්සුනන්ගේ එක ක්‍රියාවකින් අපි මොනතරම්
සමාජ

බැති පෙම් උපදවා සත්සරය හඬවාදෙමළ උගනිති සතුට වඩවා

උපුල් තම්මිට භාෂාව භාවිතයෙන් යමෙකු හදවතට සමීප කර ගත හැකි අන්දම පිළිබඳ බොහෝ උදාහරණ අප අතර කොතෙකුත් පවතී. එනමුදු ප්‍රාසාංගික අත්දැකීමක් හරහා තවත් බසක් ඉගැන්වීමට දැරෙන වෑයම් පිළිබඳ දේශිය උදාහරණ ගැන අප අසා දැක ඇත්තේ අල්ප වශයෙනි.  අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇදී එන විවිධ ජනවර්ගවලට සමාන සේවාවක් ලබාදීම අරමුණුකොට උපස්ථායකයින් සදහා පවත්වන පළමු දෙමළ භාෂා […]
සමාජ

බහු වාර්ගික සමාජයක් ජීවත් වන රටකවිවිධ අනන්‍යතා පිළිගත යුතුයි

කුරිංචි පාර්තන් ඉස්ලාම් ධර්මය කිසිසේත්ම අන්තවාදය අනුමත නොකරන්නකි. සාමය අගය කෙරෙන ආගමක් වන ඉස්ලාමයේ දිවි නසා ගැනීම සපුරා තහනම් ය. සිකුරාදා දිනවල ජුම්මා දේශනාවලදී මවුලවිවරුන්  දේශනා කරන්නේත් හොඳ දේ ම පමණෙකැයි දේශ කීර්ති ෆාතීමා සිමාරා අලි කියයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් සමාජය වෙත එල්ල වන දෝෂාරෝපණ ගැන ඔබේ අදහස කුමක්ද? මෙම ප‍්‍රහාරයෙන් පසු මුස්ලිම් […]
සමාජ

ෆරීඩලා, අයින්කරන්ලා සහ ධනපාලලා සමඟ පණ ගැහෙන පාසිකුඩාව

ලසන්ත ද සිල්වා අප්‍රේල් විසි එක පාස්කු දවසෙ බෝම්බ පුපුරපු හින්දා මාස තුනක් විතර වෙරළ පාළුවට ගිහින් මිනිස්සු මරක්කලයින්ට වෛර කරද්දිත් ෆරීඩා සහ දරුවො එක්ක ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලපු ධනපාල තවමත් බලා ඉන්නවා පාසිකුඩා පණ ගැහෙනකං. අබේනායක ධනපාල ඉපදුණේ පදියතලාවෙ. ඉස්කෝලෙ ගියෙත් පදියතලාවෙ. හරියටම ඒ අවුරුද්ද මතක නැති වුණත් පස්සෙ කාලෙක මිනිස්සු කතා කරපු දේවල් […]