තර්මිනි පද්මනාදන් පසුගිය වසරේ සිට, යාපනය සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානය මඟින් අන්තර් – ජනවාර්ගික සහජීවනය පිළිබඳ හැඟීම් නිර්මාණය කිරීමේ අරමුණෙන් විවිධ වැඩසටහන් හා රැස්වීම් පවත්වයි. එම මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, නඩරාජා සුකිර්තරාජ් සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ. ආණ්ඩුව බලයට පත්වන්නේ සංහිඳියාව
ලසන්ත ද සිල්වා සිය මියුරු පරිකල්පනය විෂයයෙහි උපන් උත්තුංග වියමන් ප්‍රාණ සමව සුරකිමින් හේ අතීතය මෙනෙහි කරන්නේ සංගීතය හා ප්‍රේමය එකම මගෙක පිය මැන තමන් කැටුව ආ අන්දම දකින්නේ ය. නිසග දිව්‍යමය ප්‍රතිභානය මිසෙක සප්ත ස්වර රැඟුම් හදාරන්නට කිසිම දිනෙක තත්පරයක හෝ අවස්ථාවක් නොලද වියපත් මුසල්මානුවා සිංහලයන්ගේ රස භාව පුබුදුවන්නට ගෙතූ චාරුලේඛන අල්ලාහ්ගේ කරුණාව සේ […]
ඉසෙඩ්. ඒ. රහුමාන් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, ආරක්ෂක අංශ හා අධිකරණ පද්ධතිය නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නම් වාර්ගික සහජීවනය මැනවින් දැකගත හැකි‘යයි කල්මුණේ මානව හිමිකම් සම්බන්ධීකාරක ඉසදීන් ලතීෆ් කියයි. ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු ලංකාවේ මානව හිමිකම් හි වත්මන් ස්වභාවය කෙබඳු ද? මෙම ක්‍රියාව සමඟ, ඇතැම් ජාතිවාදී පුද්ගලයින් සහ කණ්ඩායම් සමස්ත මුස්ලිම් ප්‍රජාවම
කුරිංචි පාර්තන් ජාතිවාදී හා ආගමික කණ්ඩායම් ගෙනයනක්‍රියාකාරකම්වලින් රටක් වැනසෙනවා මෙන්ම, එය ජාතිවාදී ගැටුම් ඇතිවීමට ද හේතුවකි. එවන් තත්ත්වයක් හමුවේ බෙදුණු ජනතාවක් එක්සත් කිරීම ඉතා අපහසු කාර්යයක් බව අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසයි. මුස්ලිම් ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ ඔබගේ අදහස කුමක් ද? පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූ මුස්ලිම් ජාතිකයින් හේතුවෙන් සමස්ත
මංගලනාත් ලියනාරච්චි ශ්‍රී ලාංකීය නගර අලංකාරයට නව අරුතක් එක් කළ කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ ඇතමෙකු තුළ නොරුස්සනා හැඟීම් ඇති කළ ද, කාත්තන්කුඩියේ රට ඉඳි ගස් පෙළ නැගෙනහිර පළාතට එක් කරන අපූර්වත්වය හා විවිධත්වය, ස්වභාව සුන්දරත්වය අගයන කිසිවෙකුටක් බැහැර කළ නොහැක්කකි. කාත්තන්කුඩියට රට ඉඳි ගස් පැමිණීම පිළිබඳ කාත්තන්කුඩි නගර සභාවේ සභාපති එස්.එච්.මොහොමඩ් අෂ්ෆාර් මහතා කියා […]
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න මෙය බොහෝ දෙනෙකුට පුදුමය දනවන කතාවක් වීමට ඉඩ තිබේ. කාන්තන්කුඩිය පිළිබඳව බොහෝ දෙනාගේ මනසේ ඇඳී ඇත්තේ ඊට වෙනස් චිත්‍රයක් බැවිනි. ඕනෑම ප්‍රදේශයක කෙනෙකුට පැමිණ නිදහසේ වෙළඳාම් කළ හැකි වෙළෙඳපොළක් යනු කාත්තන්කුඩියේ පමණක් නොව රටේ කොතැනක වුව දුලබ අත්දැකීමකි. “මෙහෙ මිනිස්සුන්ට හොඳට සල්ලි තියනවා. ඒ නිසා අත දිග හැරලා වියදම් කරනවා. හොඳට කනවා […]
මෙලනි මානෙල් පෙරේරා පුද්ගල වේදනාව ජනමාධ්‍ය හරහා අලෙවියෙන් හෝ ප්‍රසිද්ධියට පත්කිරීමෙන් සිදු වන්නේ ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ වේදනාව තීව්‍ර කිරීමත්, පෞද්ගලිකත්වයට හානි පැමිණවීමත් පමණකි. ඒ බව ජනමාධ්‍ය ධාරා හසුරුවන බහුතරයක් දෙනා නොදන්නා දෙයක් ව ඇතැයි සිතෙන්නේ පාස්කු ඉරිදා ඛේදවාචකයට මුහුණදුන් මිනිසුන්ගේ කඳුළු, අද දවසේත් බොහෝ ජනමාධ්‍ය හරහා සිල්ලරට අලෙවි වනු දැකීමෙනි. හේමාස්
ජයසිරි පේදුරුආරච්චි නටාෂා සෙව්වන්දි මීගමුව සාන්ත පීතර විදුහලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දහසය හැවිරිදි දියණියකි. තමාගේ දුකේදී සැපේදී දෙවි සමිඳුන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා කළ කටුවාපිටිය දේවස්ථානය යළි ගොඩනැඟී තිබීම නටාෂාගේ සිතට එක්කර ඇත්තේ මහා සතුටකි. දෙතොලග රැඳී ඇති සිහින් සිනාව ඇයගේ අනාගත බලාපොරොත්තු රැසක පෙරනිමිති පෙන්වයි. “මුලින්ම දුකයි බයයි දෙකම ඇතිවුණා. දැන් ඉතින් ඒවා නෑ.
ප්‍රසාද් පුර්ණාමාල් ජයමාන්න පාස්කු ඉරුදින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනක් ගතවීමට ආසන්න මොහොතේ කටුවාපිටිය ජනතාව ඒ අමිහිරි අත්දැකීම් සියල්ල පරාජය කරමින්, නැඟීටීමට වෙර දරන අයුරු පිළිබඳ එක්වරම දැනෙන්නේ පුදුමයකි. කටුවපිටිය අරමුණු කරගෙන දිව රෑ දෙකෙහි ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ දකින්නකුට එහි පුදුම වන්නට දෙයක් නැති බව අනතුරුව වැටහෙයි. “මං පොඩ්ඩක් ප්‍රමාද වුණා…
මංගලනාත් ලියනාරච්චි රටේ මුළු ජනගහනයෙන් 70% වඩා සිංහලයන් වෙසෙන රටක සිංහලෙන් කථා කිරීමට ඉගැන්වීම එස්කිමෝවරුන්ට අයිස් විකිණිම තරම් හාස්‍යජනක වුවද, අද වන විට උතුරු නැගෙනහිර බොහෝ පෙදෙස්වල SPOKEN SINHALA පංතිවලට ඇත්තේ, මහත් වූ ඉල්ලුමකි. සිසුන් බොහොමයක් සිංහල විෂය ධාරාව අත හැර වෙනත් විෂයන්වලට යොමුවන තත්ත්වයක, උතුරු නැගෙනහිර පෙදෙස්වල දෙමළ දරුවන් සිංහල විෂය ඉගෙනීමට දරන උත්සාහය […]