Home Archive by category විනිවිදභාවය (Page 4)
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජනවලට විසඳුම් ලැබෙන්නේ කවදාද?

කීර්තිකා මහාලිංගම් මෑතකදී මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදීමේ සිදුවීම ප්‍රාදේශීය වශයෙන් පමණක් නොව දේශීය වශයෙන්ද ආන්දෝලනාත්මක සිදුවීමක් විය. මෙම සිදුවීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිලිබඳව බොහෝ දෙනා ප්‍රශ්න නගන්නට විය. මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී වැලි
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් විනිවිදභාවය

බඹර ප්‍රහාර – වතු කම්කරු ජනතාව මුහුණ දෙන ජීවිත තර්ජනයන්!

කීර්තිකා මහාලිංගම් “බඹර ප්‍රහාරයක් හේතුවෙන් හැටන් දික්ඔය ප්‍රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇත.” “තේ දළු නෙළමින් සිටි කාන්තාවන් 10 දෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇත.” “බඹර ප්‍රහාර දෙකක් හේතුවෙන් හැටන් හා මස්කෙළිය ප්‍රදේශයේ පුද්ගලයින් 12 දෙනෙකු රෝහල් ගතකරයි.” වතුකරයේ ජනතාවගේ
විනිවිදභාවය

කෝවිඩ් -19 හමුවේ දෝලනය වන මෙරට ආර්ථිකය හා ජන ජීවිතය

අයි. කේ ප්‍රභා කෝවිඩ් -19 වසංගත තත්වය හමුවේ ජන ජීවිතය සුරක්ෂා කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවල පිළිබඳව විවිධ පරස්පර විරෝධී මතයන් පැන නැගී ඇත. එදිනෙදා ජන ජීවිතයට අවශ්‍යය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් සපයා ගැනීම පිළිබඳ ක්‍රමවත් වැඩ පිළිවෙළක් පවතීද? නිවෙස්ගත  නිරෝධායනයට රජයෙන් නිවැරැදි ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත්ද? නිවසේදී කෝවිඩ් රෝගීන් මියයෑම පිළිබඳව නිවැරැදි වැඩපිළිවෙළක්
විනිවිදභාවය

ආසාදිතයින් සොයාගැනීම පහසු කිරීමට හඳුන්වාදුන් තාක්ෂණික ක්‍රමවේදය (QR Code)

අයි. කේ ප්‍රභා හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර හඳුනාගැනීමේ ක්‍රමයක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඩ්‍රෝන රෙජිමේන්තුවක් පිහිටුවීම පසුගිය නොවැම්බර් 12 දින සිදු කෙරිණ. කොවිඩ් 19 ආසාදිතයන් ආ ගිය ස්ථාන පිළිබඳ තොරතුරු කඩිනමින් හා නිවැරදිව හඳුනා ගැනීමට මෙන්ම එම තොරතුරු ගබඩා කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස QR […]
විනිවිදභාවය

වෘකයාගේ දත් හා නියවලට අතපෙවීමට පෙරඒවායේ ස්වභාවය හදුනාගැනීම හෙවත් දූෂණය පිළිබද සංකල්ප හදුනාගැනීමක්

ආනන්ද ධර්මප්‍රිය ජයසේකර “දූෂණයෙන් සහ කුරිරු රාජ්‍ය පාලනයෙන් ආරක්ෂා වීමට නිසි කාලය වන්නේ ඒවා අපව ආක්‍රමණය කිරීමට පෙර කාලයයි.වෘකයා ඇතුළු වූ පසුව උගේ දත් හා නිය ගැලවීම පිළිබඳව විශ්වාසය තබනවාට වඩා වෘකයා ගව ගාලෙන් ඈත්කර තබාගැනීම සුදුසුය.”යි දක්ෂ නීතිවේදියෙකු , ගෘහ නිර්මාණශිල්පියෙකු, සහ දාර්ශනිකයෙකු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු තෙවන ජනාධිපති තෝමස් ජෙෆර්සන් (1743-1826)
විනිවිදභාවය

හම්බන්තොට අලි – මිනිස් ගැටුමේ සුළ මුළ කුමක්ද?

සචිනි ඩී. පෙරේරා වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. ඒ […]
විනිවිදභාවය

සාම්ප්රදායික දෙශපාලන පක්ෂවල අර්බූදය සහ රාජ්ය ගොඩනැගීමේ කථිකාවේ අනාගතය ?

සම්පත් දේශප්‍රිය ලංකාව වරින් වර පාලනය කළ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ මොහොත වන විට පක්ෂ මූලස්ථාන වලට සහ නාම පුවරු වලට පමණක් සීමා වෙමින් තිබේ.ඊට බලපෑ ප්‍රධාන හේතු සාධක අතර බල අරගල ,පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම් සහ එම පක්ෂය බිහිවීමට ප්‍රස්තුත වූ අරමුණුවලින් විතැන් […]
විනිවිදභාවය

කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයක්: දේශීය ආහාර අර්බුදය

සචිනි ඩී. පෙරේරා මෙරට කොවිඩ් වෛරසයේ බලපෑම උත්සන්න වී ඇති පසුබිමක, අපි මේ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ දෙවන රැල්ලට මුහුණ දී සිටිමු. 2018 ව්‍යවස්ථා අර්බුදය, 2019 පාස්කු ප්‍රහාරය, කොවිඩ් පළමු හා දෙවන රැල්ල වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය 3.5% සිට 0.5% දක්වා අඛණ්ඩව පහත වැටෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) […]
විනිවිදභාවය

දේශපාලන ලැදියාව රැකියා සුදුසුකමක් නොවිය යුතුය.

තිමිර ඒස් ජයතුංග රාජ්‍යක අඛණ්ඩ පැවැත්ම තහවුරු වීම සඳහා සෑම සමාජ කණ්ඩායමකින් ම ලැබිය යුතු දායකත්වය නිසි පරිදි ලැබිය යුතු ය. එහිලා ශ්‍රම බලකායෙහි දායකත්වය මූලික වේ. “කිසියම් සමාගමක් හෝ රටක් සඳහා වැඩ කරන සියලු ම පුද්ගලයින් ශ්‍රම බලකාය වශයෙන් හඳුන්වනු ලැබේ.”(ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය) රටක ශ්‍රම බලකාය මූලික වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික වශයෙන් දෙයාකාර වේ.නමුත් ආයතනික […]
විනිවිදභාවය

විනිවිද පෙනෙන හා වගකිවයුතු මැතිවරණ ක්‍රියාවලියක් සඳහා ව්‍යාපාර මූල්‍යකරණ රෙගුලාසි

හරිනි ප්‍රනාන්දු ලෝකයේ ඕනෑම තැනක, මැතිවරණ කාල සීමාවක් යනු මැතිවරණ පද්ධති ප්‍රතිසංස්කරණ, උද්ඝෝෂණ මූල්‍යකරණය සහ වෙනත් වැදගත් මාතෘකා වටා බොහෝ සාකච්ඡාවන් සිදුවන විට වෙනත් ආකාරයකින් එකම මට්ටමේ උද්යෝගයකින් යුතුව සාකච්ඡා නොකෙරේ. මේ වසරේ, ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි මැතිවරණයක් පැවැත්වූයේ මුළු ලෝකයම වසංගතයකින් පීඩාවට පත් වූ කාලයක ය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අනුගමනය කළ