කපිල කුමාර කාලිංග චීනයේ නගරයක, ජනාකීර්ණ චතුරශ්‍රයකදී තම සැමියා මඟ හැරුණු කාන්තාවකට , එය ඉතා අසීරු කටයුත්තක් වනු ඇතැයි, උපහාසාත්මක කතාවක් තිබේ. ඊට හේතුව, සියලුම චීනුන් එකහා සමාන වීමය. ඒ කතාව කෙසේ වුවද , චීනුන්ට, චීනුන් තෝරා බේරා ගැනීමට කිසිදු අපහසුතාවක් නැති බව අපි දනිමු. ඒ ගැටළුව මතු වන්නේ
මෙලනි මානෙල් පෙරේරා ලොව ජීවත්වන සෑම මනුෂ්‍යයා ම පාහේ කුමන හෝ ආගමක් සිය දිවි මග යහපත් කරගැනීම සඳහා උපයෝගි කරගනිති. ආගමක් අවශ්‍ය නැතැයි පවසන ප්රෘතග්ජනයින් ද නැත්තේ නොවෙයි. එහෙත්, කුමන හෝ ආගම-දහමක මගපෙන්වීම, නිවරැදිව තම ජීවිත හා ගලපා ගන්නේ නම්, සුඛිත මුදිත දිවියක් , යහ පැවැත්මක් තුළ මිනිසුන් බඳවා තබන්නේ යැයි ඇතැමෙක් අත්දැකීමෙන් ම පෙන්වා […]
ගයාන් යද්දෙහිගේ තිස් වසරක් පුරා පැවැති ත්‍රස්තවාදය විසින් මෙරට ජන සමාජයේ ජීවත්වන සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර සැකය,වෛරය හා අවිශ්වාසය ගොඩ නන්වනු ලැබුවේ මනුෂ්‍යත්වය පසෙකට තල්ලු කරමිනි.මේ නිසාම ජාති හා ආගම් පදනම්කර ගනිමින් මිනිසුන් බෙදා වෙන්කර සලකන්නාවූ සමාජයක් බිහිවිය.එක් ජාතියක් තවත් ජාතියක් දෙස සැකයෙන් හා බියෙන් බලන්නාවූ පසුබිමක් ක්‍රමයෙන් නිර්මාණය වෙත්දී ජාතිය
කපිල කුමාර කාලිංග ‘ජාතීන් අතර සමගිය’ යනු ලෝකයේ ජනවාර්ගික ගැටුම් පැවැති බොහෝ රටවල මෙන්ම, ශ්‍රී ලංකාවෙහිද කවියන්, කලාකරුවන් අතර ‘ජනප්‍රිය’ මාතෘකාවක් විය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි තෙ බසින්ම ඒ පිළිබඳව ලියැවුණු නිර්මාණ බොහෝය. නිපදවුණු නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට ද ගණනාවකි. [සිංහල ලේඛකයෙකු වශයෙන්, මෙම ‘සිතුවිලි වියමනේදී’ මගේ අවධානය යොමු
සම්පත් දේශප්‍රිය සමස්ත රටම වෙළාගත් 1988 සහ 89 භීෂණය නිමා වෙමින් තිබිණ .කොල්ලුපිටියේ ඇලෝයි ඇවනිව් හි පිහිටි කාර්යාලය කේන්ද්‍රකරගනිමින් අරඹා තිබූ යුක්තිය පුවත්පත සති දෙකකට වරක් මුද්‍රණය කර බෙදා හැරියේය .ජන වාර්ගික සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය තේමා කර ගනිමින් සැකසුණු එකී පුවත්පතේ කර්තෘ මණ්ඩලයට ආධුනික ලේඛකයෙක් ලෙස මා සම්බන්ධ වූයේ වූයේ 1990 දශකයේ මුල් භාගයේදීය 1971 […]
අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් වෙනස් කතිකාවකට මා පිවිසුණේ 1994 ජනාධිපතිවරණය වකවානුවේ සාම ව්‍යාපාරය සමග සම්බන්ධ වීමෙනි. ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක පාලනය කෙරෙහි කලකිරී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සමාජ සංවිධාන හා පුද්ගලයන් විසින් නායකත්වය දෙන ලද මෙම […]
අසංක අබේරත්න සාමය සහ සංහිදියාව පිළිබඳව උනන්දුවන ජාතීන්ට වගේම මුලු මහත් ලෝකයටම මාර්තු මාසයේ යෙදී තිබෙන අන්තර් ජාතික දින දෙකක් අතිශයින්ම වැදගත් වේ- පළමුවැන්න නම් සෑම වසරකම මාර්තු 21 දිනට එක්සත් ජාතීන් විසින් පවත්වනු ලබන වාර්ගික වෙනස්කම් කිරීම තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි (The International Day for the Elimination of Racial Discrimination). දෙවැන්න නම් මාර්තු 24 […]
සම්පත් දේශප්‍රිය කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය සම්බන්ධයෙන් පැවති සමාජ කතිකාව යළිත් අලුත් වටයකින් සමාජ සංවාදයකට මුල පුරා ඇත. කොවිඩ් වැළඳී මිය ගිය මුස්ලිම් ජනයාගේ මළ සිරුරු භූමදානය නොකොට ආදාහනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළව පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් එම […]
ධනුෂ්ක සිල්වා ඩී.ඇස්. සේනානායක අමාත්‍ය මණ්ඩලය තුළ ජී.ජී.පොන්නම්බලම් හා සී. සිත්තම්බලම් යන දමිළ ඇමතවරු දෙදෙනාත් සිටියහ. කැබිනට් මණ්ඩලය තුළ කැබිනට් පත‍්‍රිකාව සම්මත වනවාත් සමඟම ඒ සඳහා සුදුසු දමිළ පරිවර්තනයක් සමිමත කර ගත යුතු යැයි අගමැතිවරයා ඉල්ලීමක් කර තිබේ. උගතකු වු පණ්ඩිත එම්. නල්ලතම්බි හට එම කාර්යය භාර වුණු අතර ඒ සඳහා අනගි පරිවර්තනයක් ඉදිරිපත් කළේය.1952 […]