Home Archive by category සාමය (Page 5)
සාමය

සිංහල ගමත් ලැයිමත් යාකළ සාමෙල්

නිමල් අබේසිංහ උසේ තරමට මහතින් යුත් මේ සද්දන්ත පුරුෂයාගේ අතපය මිල්ල කොවුල් වැන්න. ගමන ද ඍජුය. කළුපාට නූලක රඳවා ගෙලෙහි එල්ලුණ සුදු යකඩ කුරුසියත්, මුතුවන් පැහැයෙන් යුත් දසන් පාමින් මුවේ රැඳුණ මන්දස්මිතයත් ඔහු වෙතින් සිහිපත් කරනුයේ කතෝලික මුනිවරයකුගේ ස්වභාවයකි. කාගේවත් සිතක් බිඳෙන්නට වදනකුදු නොදොඩන
සාමය

ලංකාවේ සාම ක්‍රියාවලියේ නැගෙනහිර භුමිකාව

නෙවිල් උදිත වීරසිංහ 2019 ජූනි 04 දින දලදා මාලිගය ඉදිරිපිට සිදුකල රතන හිමියන් ගේ උපවාසය නිමාවූයේ  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හිස්බුල්ලා නැගෙනහිර ආණ්ඩුකාරවරයාව ජනාධිපතිවරයා විසින්ම ඉවත් කර නැගෙනහිර පලාත සදහා නව ආන්ඩුකාරවරයෙකු ජනාධිපතිවරයා විසින් නැවත පත්කිරීමෙන් පසුවය . ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ හිස්බුල්ලා සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්ති වටිනාකම කල්
සාමය

ගිරව් කැටුව යන මාස්ටර්ගේ සාමදුත මෙහෙවර

ගයාන් යද්දෙහිගේ  මේක බහුජාතික රටක්.හැම ආගමකම මිනිස්සු ජීවත් වෙනවා.ඒ හැමෝටම ආවේනික සංස්කෘතියක් තිබෙනවා.ඒ නිසාම විවිධත්වයක් රටේ ගොඩනැගිලා.ඒ විවිධත්වය පිළිගන්න ජාති,ආගම් බේද වලින් තොරව අපි හැමෝටම පුළුවන් නම් අපිට මොන තරම් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? ඒත් අවාසනාවකට අපි කරන්නේ විවිධත්වය ඉවසිමයි.ඒ ඉවසීම කොයි මොහොතක හරි පුපුරලා යන්න ඉඩ තියෙනවා.ඒ නිසා තමයි හිටි හැටියේ මේ සමාජයේ
සාමය

සුසාන භුමියක ඉදි වු සංහිදියාවේ තිඹිරිගෙය

නිමල් අබේසිංහ මීරිගම සෝමරත්න මහත්තයා මුම්මාන ගමේ ප්‍රසිද්ධව සිටියේ “මීරිගම මහත්තයා” නම් ගෞරව නාමයෙනි. මුම්මාන ගමෙහි අක්කර ගණනාවක පොල් ඉඩමක් මිලදී ගෙන මුම්මානට පදිංචියට පැමිණි මීරිගම මහත්තයා ගම්වැසි කොයි කාගේත් දුකක් කරදරයකදී ඉදිරිපත්ව නිර්ලෝභීව තම ධනය මෙන් ම ශ්‍රමය ද කැපකරමින් පිහිට වූවෙකි. මුම්මාන ගමෙහි විශේෂත්වයක් වූයේය. ඒ හරි හරියට සිංහල හා මුස්ලිම් ප්‍රජාව ද […]
සාමය

ගංදියට සියල්ල යටවෙද්දි ඉතිරි වු ආගමික සහජිවනය

නිමල් අබේසිංහ ස්වාභාවික ව්‍යසනයන් අබිමුව මිනිසත්කමින් පිරිපුන් හදවත් ඇත්තෝ එකතුවන්නේ නිරායාසයෙනි. ඒ එකමුතුවට ජාති, වර්ණ ඈ කිසිදු භේදයක් නොපවතී. ඒ අපූරු මනුසත් දහම අනවබෝධ කරගත්තවුන් තවමත් අප රටෙහි කොතරම් සිටිත්ද? අනෙක් අතට සොබා දහමේ ව්‍යසනයන් ජාති, ආගම් ආදී භේදයන් නොසලකමින් කාටත් එකම අයුරින් සලකමින් සිටින මොහොතක අතිත කතාවක් දෙසට අවධානය යොමු කරමු. මන්ද අතීතය අපට […]
සාමය

යුධබිමේ හමුවු පියෙක් සහ පෙම්වතියක්

නිමල් අබේසිංහ අපේ රටේ තිස් අවුරුදු යුද සමයේ යුද හමුදා සෙබළුන් සිංහල ප්‍රජාවට රණවිරුවන් වූ අතර, දමිළ සටන්කරුවන් දමිළයන්ට විරුවන් වූයේය. එදා ඒ බිහිසුණු යුද සමය සිංහල දෙමළ ප්‍රජාවෙන් බොහෝ දෙනෙකු අතර ඔවුනොවුන් කෙරෙහි ඇති වී තිබුණේ බරපතළ විරසකයකි. මේ විරසකය තුළ වුව ද ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් දෙකෙහි ම අතිශය සංවේදී මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් සිටි බව […]
සාමය

ව්‍යසන අබිමුව සංහිඳියාවේ යථාර්ථය

නිමල් අබේසිංහ සොබා දහම තරම් මිනිසාට පාඩම් උගන්වන තවත් නියාමයක් නැති තරම්ය. ලෙඩ රෝග, ගංවතුර උවදුරු, නියං සාගත ආදී නොයෙකුත් ව්‍යසන මගින් ඔහු මිනිස් වර්ගයාට පාඩම් කියා දේ. ඔහුගේ බලපෑම ජාති භේදවලින් තොරය. ආගම් භේදවලින් තොරය. කුලභේදයෙන් තොරය. එනිසාම කිසිදු ආකාරයකින් තෝරා බේරා නොගෙන සිය බලපෑම මේ කොයි කාට වුවද එකම අයුරින් බෙදයි. මේ සඳහා […]
සාමය

ශරීරයක් ඇති හදවතක් නැති යුද්ධය – ආරුගම්බේ පාළුවට ගොසිනි

කපිල කුමාර කාලිංග එය දකින්නෙකුගේ සිත තුළට ද, ඒ මුසල පාළුව කඩා වදින්නෙ, ශෝකී හැඟීම් සමුදායක් ද සමගිනි. යුද සමයේදී වත්, අරුගම්බේ සංචාරක පුරය මෙතරම් ජන ශූන්‍ය වී නොගියේ ය. එහෙත් කොරෝනා වසංගතය යුද්ධයටත් වඩා  සැහැසි වී ඇත. මෙවර මා ආරුගම්බේ පැමිණියේ, කී වෙනි වතාවට දැයි හරිහැටි මතකයක් නැත. මීට පෙර පැමිණියේ, දේශීය හා විදේශීය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

සී ජේ අමරතුංග රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ ලියන මොහොත වන විටත් සිටින්නේ අත් අඩංගුවේ ය. නැතහොත් රැඳවුම් භාරයේ ය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කිවහොත් එය වැරදි ය. රටේ බොහෝ දෙනා  සිතා  සිටින්නේ ඒ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇතැයි කියා ය. එසේ වුව ද, තතු දත් නීතිඥවරුන්ට අනුව එය වැරදි  අදහසකි. පොලිසිය යම් […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

සංහිඳියාවට එරෙහිවූ මාධ්‍යකරණය

ජූඩ් ආර්.මුතුකුඩ ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය […]