Home Archive by category සාමය (Page 3)
සාමය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාවන්, දමිළ ජනතාව තුළ අවිශ්වසනීයත්වයක් ඇති කර ඇත්තේ ඇයි?

එන්. මදියලහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඊසාන දිග  දමිළ ජනයාගේ සම්ප්‍රදායික ඉඩම් තම අණසක යටතට ගනු ලැබුව ද, මෙම දේපළ අතරින් ඉඩම් 144ක් පුරාවිද්‍යාත්මක වැදගත්කමක් සහිත බවට ගැසට් නිවේදනයක් මේ වන තෙක් ප්‍රකාශයට පත්කර නොමැත. මෙය සැකසහිත ක්‍රියාවක් වශයෙන් දමිළ ජනතාව සළකයි.
සාමය

ශ්‍රී ලංකාවේ යුද ගැටුම තුළ ජනමාධ්‍ය ක්‍රියාකාරීත්වය

සුනිල් ජයසේකර තිස් වසරක යුද සමය තුළ ජනමාධ්‍ය භූමිකාව හා ජනමාධ්‍යකරුවා මුහුණ දුන් අභියෝග පිළිබඳව සලකා බැලීමේදී නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයේ හා ජනමාධ්‍යකරුවාගේ වෘත්තීය භාවිතය කෙරෙහිද  අවධානය යොමු කළ යුතුය. 1948 වසරේ දී ශ්‍රී  ලංකාව බ්‍රිත්‍යානයන්ගෙන් නිදහස ලබා ගත්තේ සියලු ජාතීන් පොදු අභිලාශයක පිහිටා කටයුතු කිරීම තුළය. ලංකාවට නිදහස ලබාදෙද්දී උඩරට සිංහල ප්‍රජාව වෙනම
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

ඒ අතින් දී මේ අතින් ගන්නා වතු කම්කරුවන්ගේ රුපියල් දහස

මල්ලියප්පුසන්දි තිලකා 2015 සිටම වතු කම්කරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වූ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකිරීම මේ වනවිට ලැබී ඇති බවක් පෙනේ.  එනම්, රජය විසින් වැටුප් සැකසීමේ ක්‍රියාවලිය හරහා වතු කම්කරුවන්ගේ මූලික වැටුප ලෙස රුපියල් 1000ක් (රුපියල් 900 ක දෛනික වැටුපක් හා  රුපියල් 100 ක් අතිකාල දීමනා ලෙස) ලබාදිය යුතු බව වැවිලි සමාගම්වලට නියෝග කර ඇත. […]
සාමය

බරකරත්ත දැක්කීම හා බැඳුණු මිනිසුන්ගේ සම්ප්‍රදාය සමඟ යාපනය

සුදර්ශිනී මුතුලිංගම් ඒ ඉරිදා දිවා ආහාරයට පසුවය, එයින් අදහස් වන්නේ එය වේගවත්ව ගෙවෙන දින අතරින් එකක් නොවන නිසා මම දුරකථනයෙන් අන්තර්ජාලය පිරික්සමින් සිටින අතර මට  ඇමතුමක් ආවේය. “වඩුකෝට්ටෙයිවල බර කරත්ත (ගොන්කරත්ත) තරගය බලන්න යමුද?”  සුපුරුදු හඬකින් කළ විමසීමට මම කිසිදු පැකිළීමකින් තොරව එකඟ වීමි. එසේ අපේ හවස් යාමය ඇරඹිණි. අපි යාපනයේ දෙමළ වීරත්වය ගැන කතා
සාමය

මනෝහරන්ට දිගුකළ මනුෂ්‍යත්වයේ දෑත

කමණී හෙට්ටිආරච්චි වැල්ලම්පිටිය නම ඇසූ සැනින් කාගේත් සිතට එන්නේ , ජනාකීර්ණ, නාගරික පරිසරයක සිතුවමකි.වැල්ලම්පිටිය නගරයට එය එසේ වුවත් මෙම කතාවට අයත්ප්‍රදේශය  ගැමි පරිසරයක අසිරිය මවන වෙල් යායවල්, කීර කොටු ද සහිත ග්‍රාමීය සුන්දරත්වය සහිත ප්‍රදේශයකි. එක් දෙසකින් කැළනි ගං කොමලිය නිසොල්මනේ ගලා බසියි.සිංහල,දෙමළ හා මුස්ලිම් ජනවර්ගවලට අයත් සෑම ජනකොටසක්ම පාහේ මේ වනවිට එහි
සාමය ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

අභියෝගවලට අභියෝග කළ විසිවසරක මාධ්‍ය චාරිකාව

ක්‍රිෂ්ණි කන්දසාමි ඉෆාම් ලෝකයේ ඕනෑම පෙදෙසක ජනමාධ්‍යවේදියෙකු ලෙස වැඩ කිරීම අභියෝගාත්මක විය හැකිය. ඔබ කාන්තාවක් නම් එය ඊටත් වඩා අභියෝගාත්මක විය හැකිය. මන්ද එහි බල ස්ථරයේ ආධිපත්‍යය පිරිමින් දරන බැවිනි. ශ්‍රී ලංකාවේ කුරිරු යුද්ධය පවතින අතරතුර මම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දෙමළ පුවත්පත සමඟ මාගේ මාධ්‍ය ගමන ආරම්භ කළෙමි. මා 1993 සිට වසර 14 ක් පූර්ණ […]
සාමය ස්ත්‍රී පුරුෂ භාවය සහ අනන්‍යතාවය

ජනමාධ්‍ය තුළ දමිළ කාන්තාව (1992-2004)

ගෞරි මහා පොදුවේ ගත් කල, දමිළ කාන්තාවන් හොඳින් අධ්‍යාපනය ලබා රැකියාවල නිරත වුවත්, ඇය සිය පවුල් ඒකකයක් නඩත්තු කරන්නේ කෙසේද යන සංකල්පය කේන්ද්‍රගත කොටගෙන පමණක් කාන්තාවන්ගේ සියලු හැකියාවන් ඇගයීමට ලක් කෙරේ. එබැවින් පොදු අවකාශයෙහි මතුවන කාන්තාවකගේ  හැකියාවන් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් නොකෙරේ. පිරිමි පාර්ශවය සඳහා එය එසේ නොවේ, පොදු අවකාශයෙහි ඔවුන්ගේ හැකියාවන්වලට අවධානය යොමුවන අතර
සාමය

පත්තර පිටු අතර – එක් මතකයක් සමඟ…නුගේලන්ද හා පිල්ලෙයාරඩි කෙත්යායෙන් උගත් පාඩම්…

සී. දොඩාවත්ත දින වකවානු හරියටම මතක නැති අනූව දශකය අවසාන භාගයේ එක්තරා දවසක වාර්තාකරණ කටයුත්තක් සඳහා මම නුගේලන්ද ගමට ගියෙමි. අනුමාන වශයෙන් ඒ 1999 වසර විය හැකිය. එය අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, එය එකල නිරන්තර එල්.ටී.ටී.ඊ ප්‍රහාරයන්ට ගොදුරු වූ අවදානම් කලාපයේ පිහිටි දුෂ්කර ගමකි. ගමේ අවසාන මායිම වූයේ කිලෝ මීටරයක් පමණ පළලැති […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

දේශපාලන පලිගැනීම් කොමිසම හා සංහිදියාවේ අනාගතය

ප්‍රියන්ත කරුණාරත්න 2019 නොවැම්බර් 16 වැනි දින ,2015 ජනවාරි 8 සිට 2019 ඔක්තෝම්බර් යහපාලන ආණ්ඩු සමය ඇතුළත සිදු වී ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිලිබද පරීක්ෂාකර තොරතුරු ලබා ගැනීම සඳහා දේශපාලන පලිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කළේය .2020 ජනවාරි නව වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකින්  මෙම කොමිසම පත් කළේය .විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් සාමය

නව අර්බුධයකට මග තනන චීන,දෙමළ භාෂා පෙරළිය

සී ජේ අමරතුංග ශ්‍රී ලංකාව තුළ චීන ආධාර හෝ ණය හෝ යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් ව්‍යාපෘතිවල නාම පුවරු සැකසීමේ දී මෙරට රාජ්‍ය භාෂාවක් වූ දෙමළ බස ඉවත් කොට ඒ වෙනුවට චීන බස යෙදීමේ සිදුවීම් ගණනාවක් පස්සුගිය කාලයේ වාර්තා වී ය.  එක් සිදුවීමක් වාර්තා වුයේ කොළඹ ඉදිවන වරාය නගර ව්‍යපෘතියෙනි. එහි මධ්‍යම උද්‍යාන පෙදෙස නම් කළ […]