අරුල් කාර්කි ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු...
Read Moreඅරුල් කාර්කි ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයෝ ජාතික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු...
Read Moreමහේශ්වරී විජයානන්දන් සෑම වසරකම ජූලි 14 වැනිදා ‘ලෝක මෝරුන් පිළිබඳ...
Read Moreහයා අර්වා 2020 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ නගර සහ ගම් අලංකාරකරණය සහ...
Read Moreආර්. රාම් ලෝකයේ පවතින ජලයෙන් මිරිදිය ජලය ඇත්තේ සියයට තුනක් පමණි. එයින් සියයට දෙකක ජල ප්‍රමාණයක් ඝනමය ලෙස පවතියි. භාවිතයට සුදුසු වන්නේ ඉතිරි සියයට එකක් වූ ජල ප්‍රමාණයයි. එයින් කොටසක් අපතේ යන වැසි ජලය ලෙසද තවත් කොටසක් ජලය ලබාගත නොහැකි ප්‍රදේශවලද තිබෙන අතර භාවිතයට ගත හැකි ජලය ඇත්තේ සියයට 0.08 ක් පමණි. කෘෂිකර්මාන්තය ගෝලීය වශයෙන් විශාලතම ජල භාවිතය සිදු වන්නේ කෘෂිකර්මාන්තයටයි. මෙම අංශය ජලයෙන් සියයට 85 ක් භාවිතයට ගනු ලබයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඇස්තමේන්තු කර ඇත්තේ ලෝකයේ මිලියන 783 ක ජනතාවක් ආරක්ෂිත පානීය ජලය නොමැතිව ජීවත් වන බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ජල සම්පතෙන් සියයට 65 ක් කෘෂිකර්මාන්තය සඳහා ද සියයට 35 ක් සමාජ අවශ්‍යතා සඳහා ද යොදා ගත හැකි අතර එමඟින් නව රැකියා නිර්මාණයට මෙන්ම වාරිමාර්ග කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව ඉහළ නැංවීමටත් හැකි වේ. මෙවැනි තත්ත්වයක් මත ඓතිහාසික යුගයේ සිටම යාපනය අර්ධද්වීපයේ මිනිස් ජීවිතයට හා සංවර්ධනයට පදනම වූයේ භූගත ජල සම්පතයි. උතුරු පළාතේ මුළු ජනගහනයෙන් සියයට 70ක් යාපනය අර්ධද්වීපයේ සංකේන්ද්‍රණය වී ඇති අතර අර්ධද්වීපය සංකේන්ද්‍රිත වගා කලාපයක් වීමට හේතුව මෙහි පවතින භූගත ජල සම්පතයි. යාපනය අර්ධද්වීපයේ මෙවැනි දුර්ලභ සම්පතක් තිබුණද එය ඉදිරියේදී අර්බුදවලට මුහුණදීමේ තත්ත්වයන් ඉහළ යමින් පවතින බවට පරිසර විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. “මෑතකාලීන දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස උතුරු පළාතේ විශේෂයෙන්ම යාපනය අර්ධද්වීපයේ භූගත ජලය සහ මතුපිට ජලය යන දෙකම ගුණාත්මකභාවයෙන් අඩුවෙමින් පැවතීම කනස්සල්ලට කරුණක් බව “යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂඨ කථිකාචාර්ය නාගමුත්තු ප්‍රදීපරාජා පවසයි. “අස්ථිර වර්ෂාපතනය, අධික උෂ්ණත්වය, මතුපිට ජල මූලාශ්‍රවල අධික වාෂ්පීකරණ අනුපාතය සහ භූගත ජලය අධික වාෂ්පීකරණය සහ මිනිසුන්ගේ අනිසි භාවිතය හේතුවෙන් ජල ප්‍රමාණය හා ගුණාත්මක භාවය පහත වැටෙමින් තිබෙන බව,” ඔහු පෙන්වා දෙයි. ඒ අතරම වත්මන් තත්ත්වය තුළ ජල ඉල්ලුම වැඩි වී තිබියදී ජල නැවත පිරවීමේ කටයුතු අඩු නිසා උතුරු ප්‍රදේශය ජල හිඟය නැමැති දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වී තිබෙන බව ඔහු පවසයි. “ බොහෝ වෙරළබඩ ළිං සහ දූපත් ළිංවල දැනටමත් කිවුල් ජලය සෑදී ඇත. යාපනයේ වැසිකිලි ජලයෙන් යටවන අසූචි වළවල් බවට පත්වී ඇත. ඒ නිසා ළිං ජලය එම අපජලය මිශ්‍ර වේ. නාගරික ප්‍රදේශවල මෙය වැඩි වශයෙන් සිදුවේ. එසේම කෘෂිකාර්මික හා කාර්මික කටයුතු නිසා ළිං ජලය දූෂණය වීම මෑත කාලයේ වැඩි වැඩියෙන් දක්නට ලැබුණා. ” ඔහු පෙන්වා දෙයි....
Read Moreසිරංගිකා ලොකුකරවිට කඩොලාන පරිසර පද්ධතියක් යනු අතිශය සංවේදී පාරිසරික කලාපයකි....
Read Moreඉන්දු පෙරේරා අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට...
Read Moreමොහොමඩ් ආසික් ශ්‍රී ලංකාව සශ්‍රීක කරමින් රට පුරා දිව යන...
Read Moreකමල් සිරිවර්ධන ලෝකයේ ජනතාවගේ භාවිතය සඳහා නිපදවන බෝගවලින් අවම වශයෙන්...
Read More“මූලික අයිතිවාසිකම්, වගවීම හා විනිවිදභාවය, වෛරී ප්‍රකාශ, ව්‍යාජ පුවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සාමය හා සංහිඳියාව යනාදී මහජන යහපත සඳහා වන තේමාවන් සඳහා journo වෙබ් අඩෙවිය තම වෙබ් අවකාශය වෙන්කරයි”