Home Articles posted by jouenf20@21lkadm
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

කොරෝනා සමඟ ව්‍යාප්තවන සමාජ ජාලා ඇබ්බැහිය!

අද, සමාජ ජාලා වෙබ්අඩවි බොහෝ ජනයාගේ ජීවිතවල අත්‍යාවශ්‍ය අංගයක් බවට පත්ව තිබේ. 2020 වනවිට, ලෝකව්‍යාප්ත සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය බිලියන 3.6 කි. එම ප්‍රමාණය, ලෝක ජනගහනයෙන් භාගයකි. 2025 වනවිට, මෙම ප්‍රමාණය බිලියන 4.41 දක්වා වර්ධනයවීමක් අපේක්ෂා කර
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

සැමට අන්තර්ජාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීමට ශ්‍රී ලංකාවට හැකිද?

අධ්‍යාපනය යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ හා සංස්කෘතියේ ගැඹුරට මුල් බැසගත් කොටසකි. අධ්‍යාපන පද්ධතිවල වාර්තාගත ඉතිහාසය ක්‍රි.පූ 6ක් තරම් ඈතට දිව යයි. නූතන අධ්‍යාපන ක්‍රමය පුරෝගාමී වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. නිදහසින් පසු ශ්‍රී ලාංකික නායකයින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනය යටතේ සැමට නොමිලේ අධ්‍යාපනය හඳුන්වා දුන්හ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරනුයේ සියලුම
වෛරී ප්‍රකාශ

සාවද්‍ය තොරතුරු ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි? (අන්තර්ජාල යුගයේ සාවද්‍ය තොරතුරු වල බලපෑම් පිළිබඳ විශ්ලේෂණය)

සාවද්‍ය තොරතුරු නව සංකල්පයක් නොවුනත්, එය අන්තර්ජාලය පදනම් කරගත් මාධ්‍ය වේදිකා සංවර්ධනය කිරීම සමඟ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත. සාවද්‍ය තොරතුරු අන්තර්ජාතික හා දේශීය වශයෙන් අහිතකර ලෙස බලපාන්නේ කෙසේද?   මේ සම්බන්ධයෙන්, ව්‍යාජ ප්‍රවෘත්ති, සාවද්‍ය තොරතුරු, වැරදි තොරතුරු සහ අනිෂ්ට තොරතුරු වැනි අදාළ යෙදුම් කිහිපයක් ඇති හෙයින් වැරදි තොරතුරු හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ.   සංසිද්ධියේ
විනිවිදභාවය

හම්බන්තොට අලි – මිනිස් ගැටුමේ සුළ මුළ කුමක්ද?

වර්තමානය වනවිට වනාන්තර එළිපෙහෙලි කරමින් සිදුකරන මහ පරිමාණයේ නීති විරෝධී සංවර්ධන ව්‍යාපෘතීන් හා අනවසර ඉදිකිරීම් හේතුවෙන් වන අලීන්ට තම වාසස්ථාන අහිමි වීම නිසා ප්‍රදේශ කිහිපයකම අලි – මිනිස් ගැටුම් වර්ධනය වී ඇති බව නිරීක්ෂණය කළ හැකිය. වන අලි පහරදීම හේතුවෙන් පීඩා විඳින තවත් එක් ප්‍රදේශයක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය හඳුන්වා දිය හැකිය. ඒ සඳහා හොඳම උදාහරණයක් […]
සාමය

සාමය සහ සංහිඳියාව

වර්ගවාදී කලබල නිසා හටගත් තිස් අවුරුදු ආයුධ සන්නද්ධ ගැටුම අවසන් වී දස වසරකට අධික කාලයක් ගත වෙමින් පවතී. කෙසේ වෙතත් සාමය  ගොඩනැඟීමේ සහ සංහිඳියාව ඇති කරලීම සම්බන්ධව ගතහොත් මෙතෙක් ළඟා කරගෙන ඇත්තේ බොහෝ අඩු ජයග්‍රහණ ප්‍රමාණයකි. මෙයින් ගම්‍ය වන්නේ දිගු ගැටුමක අවසානයම පමණක් රටක් සාමය සහ සංහිඳියාව කරා රැගෙන නොයන බවයි.   සාමය ගොඩනැඟීමේ ක්‍රියාවලිය […]
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම්

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය සහ එය වැළැක්වීමේ නීතිය හදුනාගනිමු

මානව සමාජයේ පැවැත්ම තහවුරු කරන ප්‍රධානම සාධකය පවුල වේ. ගෘහස්ථ සාමාජිකයින් අතර සාමය හා සහජීවනය නොමැත්තේ නම් එය ගෘහයක් ලෙස හැඳින්වීම ආරූඪ නාමයක් පමණකි. සමාජයේ මූලික තැනුම් ඒකකය වන පවුලේ සාමාජිකයන්ගේ සාමාජිකයෝ අනන්‍ය වශයෙන් එකම ඒකකයකට වී කටයුතු කළ ද ඔවුන් තුළ හටගනු ලබන මනෝ කායික හේතු සාධක මත ප්‍රචණ්ඩත්වය එකිනෙකාට යොමු කරයි. ගෘහස්ථ හිංසනය […]
විනිවිදභාවය

ෂණයට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය

2020 දෙසැම්බර් 01 වන දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමේ නියෝගය රට තුළ කනස්සල්ලට හේතු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)  2002 අංක 35 දරණ පනත මගින් සංස්ථාගත කර පිහිටුවන ලදී. එසේම 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තය සඳහා ආර්ථික, තාක්‍ෂණික හා ආරක්‍ෂක නියාමකයා […]