අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මූලික අයිතිවාසිකම් වෛරී ප්‍රකාශ

සුදු රෙද්ද: ආදාහනයට එරෙහි අඛණ්ඩ අරගලය

පුද්ගලයෙකුගේ මරණයෙන් පසු අපට කළ හැකි එකම දෙය වන්නේ, අභාවප්‍රාප්ත වූ අයගේ සංස්කෘතික අවශ්‍යතාවයන් හි ස්වභාවය අනුව අවසන් වතාවත් පැවැත්වීම යි. මෙම මූලික අයිතිවාසිකම ලංකාව තුළ නිදහස් ලෙස භුක්ති විඳීමක් බවට පත්ව ඇත. එපමණක් නොව, භූමදානය කිරීමප්‍රතික්ෂේප කරන නමුත්, උපහාසයට කරුණ වන්නේ එම අයිතිය ප්‍රතික්ෂේප වීම එයට එරෙහිවීමක් ලෙස පෙන්නුම් කිරීම යි.

මළසිරුරු ආදාහනයට එරෙහි ක්‍රියාමාර්ගය ආරම්භ වූයේ, බොරැල්ල සුසාන භුමියේ වැට මත සාමකාමීව සුදු රෙදි කැබලි ගැටගැසීම මඟිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මවුලානාගේ උනන්දුව මත මෙම විරෝධතා ප්‍රකාශනය ඇරඹුණ අතර ජනයා ද මෙයට එක්වි ය.

බොරැල්ල කනත්තේ ගැටගසන ලද සුදු රෙදි (කබන් රෙදි) කැබලි, රාජ්‍ය නිලධාරීන් විසින් ඉවත් කරන ලදී. රටේ මුස්ලිම්වරුන් පමණක් නොව, මෙම මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමත් සමඟ ක්‍රිස්තියානි, සිංහල සහ දමිළ පාර්ශවයන්ගේ ද අසතුට පළවි ය.#බලෙන් ආදාහනය කිරීම නවතනු සහ #ආදාහනය අවසන් කරනු වැනි නැඹුරුතාවයක් සහිත හෑෂ් ටැග්ස් ට්විටර් හි උණුසුම් මාතෘකාවක් බවට පත්වි ය.

මතු සඳහන් කළ සුදු රෙදි ඉවත් කිරීමත් සමඟ, ජනතාව තම විරුද්ධත්වය පළකිරීම සඳහාඔවුන්ගේ නිවාසවලට ඇතුළත් වන ස්ථානයෙ හි, වෙළඳ සැළවල් හි මෙන්ම රට වටා විවිධ වූ අනෙකුත් ස්ථානයන් හි සුදු රෙදි කැබලි ගැට ගැසූහ. අඩාලච්චෙන ප්‍රදේශයෙ හි ඔසවා තිබූ සුදු කොඩි, අක්කරේපත්තුව පොලීසිය විසින් ඉවත් කරන ලදී. මළසිරුරු ආදාහනයට විරුද්ධව ගෙනගිය සාමකාමී අරගලයන්,මෙලෙසරටේ විවිධ ප්‍රදේශවල තහනම් කෙරුණි. 

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO),කොවිඩ් -19 අසාදිත මළසිරුරු භූමදානය කිරීම ආරක්‍ෂිත බව පැවසී ය. එසේම WHO වාර්තාව මඟින් දක්වා තිබුණේ, ප්‍රජාවේ කැමැත්තට අනුව මරණයේ අවසන් පිළිවෙත් සිදුකිරීමට වැදගත්කම ලබාදිය යුතු බව යි. බොහෝ රටවල්වල ක්ෂුද්‍රජීවී-විද්‍යාඥයන් සහ විද්‍යාඥයන් සඳහන් කර තිබෙන්නේ, කොරෝනා ආසාදනයෙන් මියගිය සිරුරු වැළලීමෙන් කිසිඳු හානියක් සිදු නොවන බව යි. 

මෙම වාතාවරණය යටතේ, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසනුයේ, මෙම මළසිරුරු භූමදානය කිරීමෙන් එම භූමදානය කළ වලවල් හරහා භූගත ජලයට මෙම වෛරසය එකතුවීමේ අවධානමක් පවතින බව යි. එසේම,මෙය තහවුරු කිරීම සඳහා අධ්‍යයනයක් සිදු කර නොමැති බව ඇය පිළිගනී. මන්ද, මහාචාර්ය විතානගේ භූගත ජලය හරහා වෛරසය පැතිරෙන බව ඔප්පු කිරීමට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් නොකළ අතර, මහජනතාව ඔවුන්ගේ සමාජ මාධ්‍ය සන්දර්භයන් හි මෙය ජාතිවාදය අවුස්සාලීමේ උත්සාහයක් බවට සැකයක් පවතින බව පළ කර තිබුණි.

ජල මූලාශ්‍රයන් හි වෛරසය පැවතීම පිළිබඳ අධ්‍යයනයක් මඟින් හෙළිවූයේ, එහි දරාසිටීම හා ඝනත්වයඅනුව මිනිස් සිරුරේ තිබෙන කොවිඩ් 19 වෛරසය භූගත ජලයට ව්‍යාප්තවීමේ හැකියාව සම්බන්ධයෙන් මේ වන තෙක් තහවුරු කර නොමැති බව යි.චීනය සහ ලංකාව හැර අනෙකුත් සියළුම රටවල්, කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් භූමදානයකිරීමේ අවසරය ලබා දී ඇත. ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් සළකන අතරතුර, මෙම මූලික අයිතිවාසිකම ප්‍රතික්ෂේප වීමට එරෙහිව ජනතාව සටන් වදිමින් සිටී. නමුත්, ජනතාව නැවත නැවතත් රැවටී ඇත. 

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts