අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සාමය

සංහිඳියාවට එරෙහිවූ මාධ්‍යකරණය

ජූඩ් ආර්.මුතුකුඩ

ශ්‍රි ලංකාවේ සාමයට හා සංහිඳියාවට බලපාන බොහෝ කරුණු අතර මාධ්‍ය මගින් කෙරෙන ගැටුම් වර්ධනය වන ආකාරයේ පුවත්,ලිපි, දිගින් දිගටම පළවීම සිංහල ,දෙමළ සහ මුස්ලම් ප්‍රජාව අතර ගැටුම් වර්ධනයට අවැසි පරිසරය නිර්මාණය කරමින් සිටී .මෙහිදි දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ සෘජුව හෝ වක්‍රවද එවැනි වාර්තාකරණයන් සිදුවේ. සියළු ජනවර්ගයන් අතර සාමයට බාධා නොවන අන්දමින් සිය මාධ්‍ය භාවිතා  කිරීම මාධ්‍යවේදීන් සතු වගකීමක් වන නමුත් බහුතරයක් ඒ පිලිබද දක්වන සැලැකිල්ල අල්පය. එය කණගාටුවට කරුණකි. පුද්ගලයන් සහ ස්ථාන හැදින්වීමේදී එය ජනවාර්ගික අනන්‍යතාවයක් සහිතව වාර්තාකරනය දියුණු මාධ්‍ය භාවිතාවක් වන්නේ නැත.සිංහල ,දෙමළ, මුස්ලිම්, යන ඕනැම සමාජ සංස්ථාවක් තුළ නිර්මාණය වියහැකි දාමරිකයකු  නොඑසේ නම් පාතාල සාමාජිකයකු සුළු ජාතියක් නියෝජනය කරන්නකුනම් ත්‍රස්තවාදී ලේබලය ඇලවිම මාධ්‍ය නොකල යුත්තකි. කණගාටුවට කරුන නම් ඔවුන් අද කරමින් සිටින්නේ ද එයයි.

(මව්බිම අප්‍රේල් 10)

මෙම පුර්විකාව සටහන් කරන ලද්දේ පසුගියදා යාපනය නගරයේ ආරක්ෂාව හා පිරිසිදුභාවය රැකිමට යයි පවසමින් යාපනයේ නගර සභාවේ නගරාධිපතිවරයා පත්කල ආරක්ෂක බලකාය සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය අන්ධානුකරණයෙන් එම බලකාය එල්.ටී.ටී පොලිසියට සමාන යැයි මතයක් සමාජය තුල ජනිත කිරිමට උත්සාහ කිරිමයි. බැලු බැල්මට යුද සමයේ කොටි සංවිධානය මගින් ඇති කල පොලිස් නිල ඇදුමට සමාන කමක් පෙන්නුම් කලද කොටි සංවිධානයේ ලංඡන කිසිවක් මේ පුවතට අදාල නගර සභා ආරක්ෂක බලකායේ නිල ඇදුම් තුළ ප්‍රදර්ශනය නොකර තිබුනද වාර්තාකරණයේදි ඉපැරණි සිදධින් හුවාදක්වමින් ජාතින් අතර අනවබෝධයක් ඇති කිරිමට මාධ්‍ය මගින් ගත් උත්සාහයක් ප්‍රදර්ශනය විය.මෙහිදි යාපනයේ නගරාධිපති විශ්වලිංගම්  මනිවනන් මහතා ගත් ක්‍රියාමාර්ග පිළිබදව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය හා පොලිසිය වෙනම පරික්ෂණයක් පවත්වයි. එහිදි මෙම ක්‍රියාව  නිතිවිරෝධිද ,නීතියට එකඟද යන්න අධිකරණය මගින් විසෙදෙනු ඇත. එසේ තිබියදි කරුණු විශ්ලේශණයකින් තොරව  ජාතිවාදය ඇවිලෙනසුළු පුවත් වාර්තාකරණය තුළින් සිදුවන්නේ රටට වැඩක් නොව අවැඩකි.

(දිවයින අප්‍රේල් 10)

අපරටේ සියළු ජාතින්ට පීඩාගෙන දුන් තිස් වසරක කුරිරු යුද්ධය 2009 වසරේ අවසන් වුවත් රටේ ජාතින් අතර ඇති විශ්වාසය හා සම්බන්ධතාවය බිඳ දමමින් ඹවුන් අතර නොඉවසීම හා හා වැරදි වටහා ගැනිම තවමත් අවසන් වී නොමැති බව අමුතවෙන් කිවයුතුනොවේ.සංහිදියාව යනු  වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්වේත වර්ණ පරෙවියෙකු නොවේ.හුදෙක්ම සංහිදියාව අප තුළ ජිවත්වන අපගේ පැවැත්මට අත්‍යාවශ්‍යවන කරුණකි.අවස්ථාවාදි දේශපානයේ වහලුන් නොවිම,ඔවුන්ගේ බල කදවුර වෙනුවෙන් ජාතිවාදය පැතිරවිම,වෛර් ප්‍රකාශනයේ නියැලීම වෙනුවට අපශ්‍රී ලාංකික ජාතියක් ලෙස එකාමෙන් එක්සත්ව කටයුතු කිරිම තුළින් සන්හිදියා යාන්ත්‍රණය සදහා අපගේ  ශක්තිය ලබාදී විවිධාකාර ව්‍යාජ මාධ්‍ය ප්‍රචාර පටු අරමුණු වෙනුවෙන් පතල කිරම නැවතත් අප සුන්දර මාතා භූමිය ලේ විලක් බවට පත් කිරිමේ පිළිකුල් සහගත ප්‍රයත්නයන් පරාජය කිරිමට ලාංකික  පුරවැසියන් ඒකරාශිවිමට කාලය එළඹ ඇත. 

(ලංකාදීප  අප්‍රේල් 10)

ලාංකික ජනතාව දශක තුනක අධික කාලයක් පිඩාවට පත් කල සිවිල් යුද්ධය අවසන් වු පසු රාජ්‍ය අංශය හා සිවිල් සංවිධාන සාමය හා සහජිවනය ගොඩනැගිමට මුලිකත්වය ගෙන කටයුතු කිරිමක් දැක ගත හැකිය.මෙහිදි විවිධ ජාතින්, ආගම් ,වර්ණ භේදයකින් තොරව බිම් මට්ටමේ ජනතාව වෙත සාමය හා සංහිදියාව පිළිබද  දැනුම කුසලතා ආකල්ප සම්ප්‍රේශණය උත්සාහයක් දියත්විය.විශේෂයෙන්, මානව අයිතිවාසිකම්,නිදහස හා සමානතාව, ආදී සාමය ගොඩනැගෙන ජාතික ක්‍රියාවලියකට අදාල සේවාවන් සාකච්ඡාවට භාජනය වුවත් තවමත් ජනතාව තුළ නිසිලෙස එම ක්‍රියාවලිය පිළිබද අවබෝදයක් ඇත්දැයි සැක සහිතය.යම් වර්තමානය වනවිට අප මුහුණදි සිටින උද්ධමනය,රුපියල අවප්‍රමාණය,දේශපාලන අස්ථාවරය, විරැකියාව, ඉතිහාසයේ  දරුණුම ආර්ථික කඩා වැටිම, ගෝලීය කොවිඩ් වසංගතය හා ජාත්‍යන්තර මැදිහත්වීමක් අපරට තුළ දක්නට ලැබේ. මෙවන් ගැටවවලට මුලික හේකුව අපරටේ ජනතාව දේශපාලනනික වශයෙන් සවිඥානික බවින් තොරවිමයි. (නිවැරදි පාලන ත්‍රන්තයක් තෝරා ගැනීමට අසමත්වීම) ලංකාවේ සිදුවු වර්ගවාදි යුද්දයට මුලික හේතු සාධක වූ කරුණු විශ්ලේශණය කිරිමේදි පැහැදිලි කරුණක්  වන්නේ ප්‍රචන්ඩත්වයයි. එනම් වෛරය නැතිනම් ද්වෙශ කිරිමේ ව්‍යාපෘතිය. සහ මඩ ප්‍රචාර,තර්ජනය කිරිම,තැති ගැන්විම, දේපලවලට කරන අලහාභානි සහ වරින්වර ශාරිරික පහරදිම් ආදියයි.(මෙම තත්වයන්ට මුල් වුයේ භාශාමය, සංස්ක්ෘතික අනන්‍ය තාවයන් නොපිළිගන්නා තත්වයක් නිර්මාණයවීමයි.) එබැවින් වාර්ගිකයන්ට එරෙහි ප්‍රචන්ත්වය පිළිබද ප්‍රශ්න විසදා ගැනිමට මෙම ප්‍රචණඩතාවයන්ට හේතුවු අක්මුල් සොයාගත යුතුය.ප්‍රචණ්ඩත්වය පරාජය කිරිමට ජාතින් අතර සාමය සහ සංහිදියාව පැතිරවිමට යොදා ගතහැකි හොදම උපක්‍රමයයි.ඒ සදහා අප මුලින්ම කල යුතු වන්නේ සමාජිය විවිධත්වය හදුනා ගැනිමමට කටයුතු කිරිමයි. දැනුමෙන්,ස්ත්‍රී පුරුසභාවය,ආගමික ආදී විවිධ අංශ වලින් පිරුණු විවිධත්වයක් අප සමාජය තුල දක්නට ලැබේ.එම විවිධත්වයට මුහුන දිමට තවත් පිරිසක් සමාජය තුළ සමාජය තුල බිහිකල යුතුය. මුලින්ම පවුල තුළ මනා සහජිවන ගුණාංග ගොඩනන්වා එනම් ඉවසිම,  සුහදතාව , ලද දෙයින් සතුටුවිම ආදි ගුණාංග වලින් පිරිපුන් පිරිසක් සමාජයට දයාද කිරිම තුළින් ඉබේම සහජිවනය නිර්මාණය වේ.එවිට සමාජීය විවිධත්වය ගැටළුවක්  බවට පත්කර නොගනි.ඕනෑම කෙනෙක් තම ආගම ඇදහිම,භාෂාවක් කථා කිරිමේ නිතිය, සැම සංස්කෘතියකටම ගරු කිරිම. හ දෙමළ භාෂාව  කථා කරන සිංහල භාෂාව දන්නා  පිරියක් සිටියි නම් සංස්කෘතික හුවමාරුවට කොතරම් පහසුද? පවුල තුළ සහජිවනය,සමාජය තුළ සහජිවනයත් ජාතින් අතර සහජිවනයට ඕනෑ තරම් උදාහරණ අප සමාජය තුළ ඇත.යටක් විජිත සමයේ අධිරාජ්‍යවාදයට එරෙහිව ගෙනගිය සටනේ සිහල ,දෙමළ ,මුස්ලිම් නායකයන් එක්ව අත්වැල් බැදගත් බව නොරහසකි.නමුත්  එදාට වඩා දියුණු සමාජයක එදා සහජිවන ආදර්ශය  වැළද නොගැනිම  කණගාටුවට කරුණකි

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් කතුවරුන්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts