විනිවිදභාවය

ෂණයට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය

2020 දෙසැම්බර් 01 වන දින මහජන උපයෝගිතා කොමිෂන් සභාව වසා දැමීමේ නියෝගය රට තුළ කනස්සල්ලට හේතු වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL)  2002 අංක 35 දරණ පනත මගින් සංස්ථාගත කර පිහිටුවන ලදී. එසේම 2009 අංක 20 දරණ ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තය සඳහා ආර්ථිකතාක්‍ෂණික හා ආරක්‍ෂක නියාමකයා වශයෙන්, සහ ඛනිජ තෙල් හා ජල සේවා කර්මාන්ත සඳහා නම් කරන ලද නියාමකයා වශයෙන් ද නම් කරන ලදී.

 

 

නීතියට අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යභාරය සහ අරමුණු පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා වැදගත් වේ. විශේෂයෙන්ම මහජන උපයෝගිතා කර්මාන්තවල සේවාවන්හි ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා ඒවා වැදගත් වේ. උපයෝගිතා සේවා සැපයීම විශ්වසනීය හා දැරිය හැකි මට්ටමක තිබිය යුතු අතර හැකි සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.

බලපත්‍ර ලබාදීම, නියාමන හා පරීක්ෂණ කාර්යයන්, තීරුබදු නියාමනය සහ නියාමනය කරන ලද ආයතන විසින් අය කරනු ලබන වෙනත් ගාස්තු පිළිබඳ වගකීම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ කාර්යයන්ට ඇතුළත් වේ. මහජන උපයෝගිතා කර්මාන්තවල ආරක්ෂාව, ගුණාත්මකභාවය, අඛණ්ඩතාව සහ විශ්වසනීයත්වය සම්බන්ධ තාක්ෂණික හා වෙනත් ප්‍රමිතීන් සකස්කර බලාත්මක කිරීම ද එහි කාර්යයකි.  

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීම 

විදුලිබල ඌනතාවයන්, පාරිභෝගික අවශ්‍යතා සහ පැමිණිලි කෙරෙහි අවධානය යොමු නොකිරීම්, විදුලිබල කර්මාන්තයේ ගනුදෙනු වල විනිවිදභාවය නොමැතිවීම්, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ගිවිසුම් දීර්ඝ කිරීම සහ විශේෂ ඉල්ලීමකින් තොරව ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම සිදුවීමේ හැකියාව පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට අදාළව පළ වූ විවිධ ප්‍රතිචාරවලදී අවධානය යොමු කරන ලදී. විනිවිදභාවය නොමැතිකම සහ නීති විරෝධී ගනුදෙනු සඳහා ඇති හැකියාව ආයෝජකයින්ගේ විශ්වාසය හා සමස්තයක් ලෙස ආර්ථිකයේ සංවර්ධනයට අහිතකර ලෙස බලපායි. 

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නියාමනය නොකිරීම නිසා ලංකා විදුලිබල මණ්ඩලය (CEB) වෙත පරීක්ෂාවෙන් තොර බලයක් ලැබෙනු ඇත. අත්තනෝමතික ලෙස මිල නියම කිරීමට, හදිසියේ විදුලිය මිලදී ගැනීමට සහ අධීක්ෂණයට ලක් නොවී පෞද්ගලික අංශය සමඟ බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුම් අත්සන් කිරීමට එමගින් ලංකා විදුලිබල මණ්ඩලයට හැකි වේ. තවද, පුනර්ජනනීය බලශක්තිය වෙත මාරුවීම වේගවත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වන අතර, එයද ආපසු හැරවිය හැකිය. 

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් සිදුවිය හැකි වසා දැමීම සහ ඒ නිසා සිදු වූ ගනුදෙනුවල විනිවිදභාවය නැතිවී යාම මගින් දූෂණයට ඇති අවස්ථාවේ වැඩිවීමක් පෙන්නුම් කරයි. ටෙන්ඩර් පටිපාටි හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් හා කාර්යක්ෂමව සේවා සැපයීම සම්බන්ධයෙන් තිබෙන වගවීම ද ප්‍රශ්නකාරීය.

දූෂණ විරෝධය හා මහජන උපයෝගීතා නියාමනය

රාජ්‍ය අංශය කෙරෙහි අවධානය යොමු කර ඇති දූෂණ විරෝධී උත්සාහයන් සඳහා මහජන උපයෝගීතාවයන් වැනි අත්‍යවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව සැපයීම ද ඇතුළත් විය යුතුය. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සෑම තරාතිරමකම තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ තියුණු අධීක්ෂණයක් තිබිය යුතු අතර, අවංකභාවය උපයෝගීතා කාර්ය සාධනයේ ප්‍රධාන ගාමක බලය ලෙස ක්‍රියා කළ යුතුය. මහජන උපයෝගීතා සේවා සැපයීමේ ක්‍රියාවලිය තුළ දූෂණය වැළැක්වීම සහ අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, ආයතනය තුළ ඇති ඕනෑම ගැටලුවක් විසඳාගැනීම වෙනුවෙන් මුළු ආයතනයම අහෝසි නොකළ යුතුය.

SHARE NOW
මෙම ප්‍රකාශනයේ ප්‍රකාශිත අදහස් ලේඛකයින්ගේ අදහස් ය. ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස් මෙයින් පිළිබිඹු නොවේ.

Related Posts