
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය සහ එය වැළැක්වීමේ නීතිය හදුනාගනිමු
මානව සමාජයේ පැවැත්ම තහවුරු කරන ප්‍රධානම සාධකය පවුල වේ. ගෘහස්ථ සාමාජිකයින් අතර සාමය හා සහජීවනය නොමැත්තේ නම් එය ගෘහයක් ලෙස හැඳින්වීම ආරූඪ නාමයක් පමණකි. සමාජයේ මූලික තැනුම් ඒකකය වන පවුලේ සාමාජිකයන්ගේ සාමාජිකයෝ අනන්‍ය වශයෙන් එකම ඒකකයකට වී කටයුතු කළ ද ඔවුන් තුළ හටගනු ලබන මනෝ කායික හේතු සාධක මත ප්‍රචණ්ඩත්වය එකිනෙකාට යොමු කරයි. ගෘහස්ථ හිංසනය යනු ශාරීරික හිංසනයක් පමණක් නොවේ. එහි අරමුණ සහකරු සහකාරිය හෝ පවුලේ සමාජිකයෙකු මත බලය සහ පාලනය ලබා ගැනීමයී. සාමාන්‍යයෙන් ජනතාව ගෘහස්ථ හිංසනය ගැන සිතන විට, ඔවුන් සාමාන්‍යයෙන් සිතන්නේ ශාරීරික පහරදීම හේතුවෙන් දෘශ්‍යමාන තුවාල සිදුකිරීම ගෘහස්ථ හිංසනය බවයි. නමුත් ගෘහස්ථ හිංසනය යනු ශාරීරික, ලිංගික, චිත්තවේගීය, ආර්ථික හෝ මානසික ක්‍රියා හෝ වෙනත් පුද්ගලයකුට බලපෑම් කරන ක්‍රියාවන් වේ. මෙය එක් ආකාරයක අපයෝජනයක් වන අතර අපයෝජන හැසිරීම් වර්ග කිහිපයක් ඇත. එනම්,
පාලනය
හිංසනය ශාරීරික හිංසනය
ලිංගික අපයෝජනය
චිත්තවේගීය අපයෝජනය සහ බියගැනගැන්වීම
වාචික හිංසනය බලහත්කාරය, තර්ජන සහ දෝෂාරෝපණය
පිරිමි වරප්‍රසාද භාවිතා කිරීම
ආර්ථික අපයෝජනය
විවාහක යුවළක් එකට ජීවත්වීම හෝ ආලය කිරීම ඇතුළු පරාසයන් තුළ ද හිංසනය සියළුම සමාජ ආර්ථික පසුබිම්වල සහ අධ්‍යාපන මට්ටම් වල පුද්ගලයින්ට බලපායි. ගෘහස්ථ හිංසනයට වයස, ජාතිය, ස්ත්‍රී-පුරුෂ භාවය, ලිංගික දිශානතිය, ඇදහිල්ල හෝ පන්තිය නොසලකා ඕනෑම කෙනෙකුට ගෘහස්ථ හිංසනයට ගොදුරු විය හැකියි.
ජාතික සංඛ්‍යාලේඛනයට අනුව එක්සත් ජනපදයේ සමීප සහකරුවකු විසින් සාමාන්‍යයෙන් විනාඩියට පුද්ගලයින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් ශාරීරක අපයෝජනයට ලක් කරනු ලැබේ. වසරක් තුළ මෙය කාන්තාවන් හා පිරිමින් මිලියන 10 කට ආසන්නව සිදුවේ. කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු සහ පිරිමින් 9 දෙනෙකුගෙන් එක් අයෙකුට දරුණු ශාරීරික හිංසනය, ලිංගික හිංසනය, තුවාල, බියවැද්දීම්, පශ්චාත් කම්පන ආතති ආබාධ වැනි බලපෑම් වලට ලක් වේ.
https://assets.speakcdn.com/assets/2497/domestic_violence-2020080709350855.pdf?1596828650457
2019 දී සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකට අනුව වයස අවුරුදු15 සිට හවුල් කරුවකු නොමැති ගැහැනු දරුවන් 7.2% ද, විවාහක කාන්තාවන් ගෙන් 17.4% ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වී ඇත.
https://reliefweb.int/report/sri-lanka/women-s-wellbeing-survey-2019-findings-sri-lankas-first-dedicated-national-survey
ශ්‍රී ලංකාවේ ඇඳිරි නීතිය පනවා තිබෙන කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා ළමා අපයෝජන සිදුවීම් වාර්තා වීම 33% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කරයි.
2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක් වන්නන්ට නීතිමය රැකවරණය සලසයි. ගෘහස්ථ හිංසනය සම්බන්ධයෙන් කාන්තා අයිතීන් වලින් ඔබ්බට ගිය විශාල වපසරියක් එම පනත මගින් ආවරණය කර තිබේ. මෙම නීතිය මගින් ගෘහස්ථ ප්‍රචන්ඩත්වය නිසා පීඩාවට පත් තැනැත්තාට දෙයාකාරයකින් ආරක්ෂාව සලසයි. එනම්,
අතුරු ආරක්ෂක නියෝගය
ආරක්ෂන නියෝගය
අතුරු ආරක්ෂක නියෝගය
අතුරු ආරක්ෂණ නියෝගය තාවකාලික විධි-විධානය කි. මෙම නියෝගය මගින් කරන්නේ ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන ලදැයි චෝදනාවට ලත් පුද්ගලයාට තවදුරටත් එසේ කිරීම තහනම් කරනු ලබන නියෝගයක් ලබා දීමයි.
ආරක්ෂන නියෝගය
ප්‍රචණ්ඩකාරී හැසිරීම් නිසා පීඩාවට පත් තැනැත්තා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පූර්ණ වශයෙන් විභාග කිරීමෙන් පසුව එවැනි ප්‍රචණ්ඩකාරී ව හැසිරුණ තැනැත්තාගෙන් පීඩා
වට පත් තැනැත්තාට ආරක්ෂාව සැලසිය යුතු බව අධිකරණය නිගමනය කරන්නේ නම්, එවිට ආරක්ෂක නියෝගයක් පනවනු ලබයි.
අතුරු ආරක්ෂණ නියෝගය හෝ ආරක්ෂණ නියෝගය කඩ කරනු ලැබුවහොත් වහාම පොලිසිය වෙත පැමිණිලි කළ යුතු අතර නියෝගය කඩ කර ඇත්නම් වරදකරුට රුපියල් ලක්ෂයක් නොඉක්මවන දඩයක් හෝ වසරක සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමට අධිකරණයට බලය ඇත. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නීතියේ ඇති විශේෂත්වය නම්, මෙවැනි නඩු විභාගයක තොරතුරු ප්‍රසිද්ධියේ මුද්‍රණය කර පළ කිරීම තහනම් කර තිබීමයි. පීඩාවට පත් තැනැත්තා හා පීඩා කරන තැනැත්තා අතර ඇති පෞද්ගලික සම්බන්ධතාවෙන් පැන නගින නිවස, පරිසරය තුළදී හෝ පිටත දී සිදුකරන දණ්ඩ නීති සංග්‍රහය අපරාධ ඇතුළත් මිනීමැරීම්, සිය පණ හානි කර ගැනීමට අනුබල දීම, ගබ්සාව, පහරදීම, තුවාල කිරීම ලිංගිකත්වය හා සම්බන්ධ වැරැද්දක් සිදු කිරීම හා උද්වේගශීලී බැණවැදීම ඇතුළු තවත් වැරදි කිහිපයක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස මෙම පනතේ අර්ථ දක්වා ඇත.
කායික, ලිංගික මෙන්ම මානසික වශයෙන් සිදුවන හිංසනයන් ද මෙම පනතේ සඳහන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට අයත් වේ. එම නීතියේ සහන කාන්තා, පුරුෂ දෙපාර්ශ්වයටම මෙන්ම ළමුන්ට ද ඕනෑම වැඩිහිටියෙකුට ද ලබාගත හැකිය. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ, ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව සිදුවීමක් වන ඕනෑම අවස්ථාවක 1923 හා 1929 යන අංක මගින් දුරකථනය ඔස්සේ පැමිණිලි සිදු කළ හැකි බවයි.
වෛද්‍යමය පර්යේෂණ මගින් හෙළිදරව් කර ඇති පරිදි ගෘහය තුළ සිදු වන ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිසා ස්ත්‍රියකගේ ශාරීරික මෙන්ම මානසික පැවැත්මට බරපතළ හානි පැමිණෙනු ඇත. ඊට අමතරව මෙම බිහිසුණු ප්‍රචණ්ඩත්වය දකින නිවසේ සිටින දරුවා හුදකලා වීමේ තත්වයකට පත්වීම හෝ එසේත් නොමැතිනම් තමා ඇසුරු කරන්නන් හා සමාජය වෙත ප්‍රචණ්ඩකාරී ස්වරූපයකින් හැසිරීමේ නැඹුරුතාවයක් ඇති විය හැකිය. පවුලේ සහෝදර සහෝදරියන් වෙත ඉතා කුඩා කාලයේ සිටම ප්‍රචන්ඩත්වය එල්ල කිරීම කුඩා දරුවා පවාපෙළඹෙනු ඇත. එම නිසා නිවස තුළ ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා බරපතළ සමාජ ව්‍යසනයන්ට මගපාදන හේතු කාරණා විය හැකිය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා බොහෝ තත්වයන් තුලදී ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් මෙන්ම ළමා අයිතිවාසිකමි ද බරපතළ ලෙස උල්ලංඝනය කර ඇත. ගෘහයේ සාමය හා සහ සහජීවනය කළමනාකරණය එහි සාමාජික සියල්ලන්ගේම සාමූහික වගකීමක් වන අතර ගෘහස්ථ සාමය හා සහ සහජීවනය කළමනාකරණයේ ප්‍රධාන වගකීම දෙමව්පියන්ටද, අතුරු වගකීම් දරුවන්ටද හිමිවන බැවින් ඔවුන් එක්ව කටයුතු කළ යුතුය. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ සාමය සහ සහජීවනය දේශීය සංස්කෘතිය විසින් ද බලාපොරොත්තු වන ඉතා වැදගත් අංගයකි.